ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.
තමා පොදු අපේක්ෂකයකු ලෙස ඉකුත් ජනපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර දේශපාලන පක්ෂ හා සංවිධාන 49ක් තමා ජනාධිපති බවට පත්වුවහොත් පවරා ගන්නා අමාත්‍යංශ මොනවාද යන්න විමසූ පසු මුදල් අමාත්‍යංශය හෝ වෙළඳ අමාත්‍යංශය වැනි ප්‍රබල අමාත්‍යංශ වෙනුවට පරිසර අමාත්‍යංශය තෝරාගැනීමට කැමති බව සඳහන් කළේ දේශපාලකයන් වැඩි බල පුළුවන් කාරකමකින් විනාශ කරන පරිසරය ආරක්ෂා කරගැනීමට යැයි ජනපතිවරයා එහිදී කීවේය.
මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, රුවන් විජයවර්ධන, ඉන්දික බණ්ඩාරනායක යන මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ජනාධිපතිතුමනි, පරිසරය සුරැකීමට ඔබතුමා ගත් තීන්දුව මහා පුණ්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ පවා පළමුව කෘතවේදී වූයේ පරිසරයටයි. (නි)
පරිසරය විනාශය තුරන්කිරීම උදෙසා ජාතික ප්‍රතිපත්තියකට යා යුතුය.එ් තුළ නව ජනාවාස ඉදිකිරීමට එරෙහිව කටයුතු කරනතුරු අපි බලා සිටින්නෙමු. (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
විල්පත්තුවෙන්ම වැඩ පටන්ගත්තොත් හොඳයි කියා සිතෙනවා (නි)
පරිසරය රැකගැනීම නිරන්තරයෙන් පින් සිදුවන්න ක්‍රියාවකි (නි)
විල්පත්තුවේ වෙන විනාශය නවත්වන්න. (නි)
කරුණාකර වැඩ පටන්ගන්න දැන් (නි)
වැඩ කොහොමද කියලා අපි බලමු.ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා අපි බලාගෙනයි ඉන්නේ (නි)