ඉතාලියේ ෆිරෙන්සි නුවර සමාධි විහාරයේ කඨින පින්කම 27 28 දෙදිනෙහි පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. එයට සමගාමිව ශ්‍රි ලංකාවේ සිට වැඩම කැරෙන අඩි හතක් දිගැති සැතපෙන පිලිමයක් හා අඩි හතර හාමාරක් උසෑති සෑරියුත් මුගලන් පිලිම දෙකක් විහාරස්ථානයේ තැන්පත් කිරිමද මෙදිනට සිදුවේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවසරය මත ශ්‍රි ලංකන් ගුවන් යානයකින් 24 වැනි දා රෝමයට රෑගෙන එන පිලිම වහන්සේලා වීහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියන්ගේ ආරාධනයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උප තානාපති රාණි බුලත්වෙල මහත්මිය විසින් 28 වැනි දා සවස 4 ට නිරාවරනය කරනු ලැබීමට නියමිතය. පිලිම ශ්‍රි ලංකාවේ සිට රෑගෙන ඒම සදහා සම්මික උඩුනුවර මහතා හා දායක දායිකාවන් 16 දෙනෙකු බරපැන දැරීය. ඉතාලියේ ප්‍රථම වතාවට ධාතුන් හා නිදන් තැන්පතුවක් 28 වෙනිදා උදෑසන 11 ට සිදුවන බව නන්දසිරි හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මලවුන් වෙනුවෙන් පහනක් පත්තුකරන්න නොදුන්නට බටහිර රටවල ඕන ආගමක් අදහන්නනි දහස තිබෙන බව පෙනෙනවද මහත්වරුනේ.(නදී)
පිටිගල. මම හිහන්නේ ඔබ ඉන්නේ ලංකාවේ නොවේ කියලාද? යුද්ධයක් කරනකොට දෙපැත්තක් තිබෙනවා.දෙපැත්තම හිතනවා තමන් හරිය කියලා.අපි කව්රුත්(බහුතරය )පපුවක් තිබෙන මිනිස්සු. මියගිය/මැරුම්කාපු දෙමළ ජනයා වෙනුවෙන් ඔවුන්ට පහනක් පත්තු කරන්න සමහරු ඉඩ දුන්නේ නැහැ.ඒක හරිද.? මම සිංහලයෙක් වුණාට ජාතිවාදියෙක්වත් ආගම්වාදියෙක්වත් නොවේ. (නි)
රොෂාන්, මියගිය කාටද ඔයාට පහන පත්තු කරගන්න ඕනෑ? (නි)
මිහිඳු, නිදහස් රටක අහිංසක සිංහල බෞද්ධ ප්‍රජාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කරලා සංඝයා වහන්සේ ඇතුළු නිරායුධ වැසියන් දහස් ගණනක් මරාගෙන මැරුණු උන් වෙනුවෙන් ඔයා කියන්න පහන් පත්තු කරන්න කියලද? (ස)
අපේ බුදු දහම් ලෝකයට ගෙනියන්න ඕනේ බේරුවල අපේ පුස්සල මුල්ලේ දම්සිරි හිමිත් මෙයට ගොඩක් වෙහෙස උනා කියල අපිට දාගන්න ලැබුණා බොහොම හොද වැඩක් ඔබල සියලු දෙනාට ගොඩක් පින් මම පැරිස්වල සිට (දිල්)