(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ධීවර අමාත්‍යංශය ගැන කතා කරනකොට කලකිරීමක් වේදනාවක් දැනෙන බවද වර්තමානයේ ධීවර අමාත්‍යාංශය විනාශ වෙමින් ධීවරයා අනාථ වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
ඉන්ධන ප්‍රශ්නය ධීවර කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන ලෙස බලපා තිබෙන බවද රට වටේ ම මූදේ මත්ස්‍ය සම්පත විදේශ රට වලින් ඇවිත් කොල්ල කන අතර ඉහළ පෙලේ නායකයන් ද අමාත්‍යංශ නිලධාරීන් ද ඊට අවශ්‍ය කියවිලි සකස් කරදී කර දී පහසුකම් සලසන බව ද දිලිප් වෙදාරච්චි මහතා පැවසීය.
අමාත්‍යංශයේ ආයතන බිස්නස් ආයතන බවට පත්කරගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා ඩීසල් භූමිතෙල් වැඩිවීම නිසා බහු බහුදින යාත්‍රා රැකියාවේ යාම 50% කින් අඩු වී තිබෙන බවද සඳහන් කළේය.
ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
මට වඳින්න උන් ඕන තරම් ඉන්නවා බං, සේරප්පු සුප් බොන උනුත් ඕන තරම් , බොට වෙන මොනවද කරන්න පුළුවන් කියහන්
එක පාරක් අමු මාලු කෑවා. දැන් වඳින්න හඳනවා. මේ නම් ඇමති කමක් බලාගෙන කියන කතාවක්. ඇත්තටම අපි ජීවත් වෙන්න මූලික අවශ්‍යතා ටිකවත් ලබා ගන්න මුන්ගේ කකුල්වලට වඳින්න ඕනිද? මේ ලොන්ත කතා නිසා මෝඩ ඡන්දදායකයෝ නිකම් ගොනාට ඇන්ඳෙනවා. ජනතාවනි, මේ වගේ අය කකුල් ලෙවකාපු දෙන්. ඔබ මෙහෙම නිවට නොවන්න. අවබෝධයෙන් ජීවත් වෙන්න.
අමුවෙන් ලින්නෙක් කෑවා වගේ මේ ප්‍රශ්නෙට භූමිතෙල් බීපං.... එතකොට භූමිදානවෙලා යන්නෙවත් නැතෑ....
මේ හදන්නේ ධිවර ජනතාව රවට්ටලා ආයෙත් දියවන්නාවට පැනගන්න
සජිත්ට සෙවනැල්ලත් අහිමිවන ලකුණු