1848 විමුක්ති අරගලයේ නියමුවකු වු වීර පුරන් අප්පුගේ පිළිරුව මාතලේ කොහොබිලිවලවල කුණු කාණුවක් අසල ඇත.
1812 නොවැම්බර 7 වැනිදා මොරටුව ලක්ෂපතියේදී උපන් පුරන්අප්පු ඇතුළු සිංහල වීරයින් බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගෙන පිරිස විසිරවීම සදහා 1948 ජුලි 29 වැනිදා මෙම ස්මාරකය ඉදි කැරිණි.
‘මෙය පුරා විද්‍යා ස්මාරකයකි .අපිරිසිදු කිරීමෙන් වළකින්න‘ යන දැන්වීම් පුවරුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙතැන සවි කැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු බොදු උරුමයන් වීරවරුන් මේ ලක් පොළවෙන් විනාශ වේමින් පවතී. (නදී)
බෝඩ් ගහන්න ඉස්සැල්ලා කානුව අයින් කරන්න මොලේ නැද්ද? (නදී)
අපේ සිංහල ජාතිය කලගුණ දන්න ජාතියක්. නමුත් කල ගුණ ඉක්මනින්ම අමතක කරන ජාතියක් තරමටම ගොඩක් අය ගුණධර්ම වලින් පිරිහිලා. පුරන් අප්පු ඈත අතීතයේ කියමුකෝ, අද රට බේරාගත් අය අමතක කරලා ඉන්නේ. පුරන් අප්පු අමතක කරලා කානුවේ දමන එක පුදුමයක් නෙවෙයිනේ. අම්ම තාත්තා සහෝදරයෝ නොහදුනන සමාජයක ලංකාදීපයට තෙරුවන් සරණයා (නදී)
කරුමෙක මහත. මේ ස්මාරක බිම දාන්න සිංහලයන්ට අයිතියක් නැත (නදී)
අර කියන්නාක් වගේ වැඩිය ඈතකට යන්න ඕනේ නැහැ. රට වෙනුවෙන් ජිවිත පුදකළ රණවිරුවන් දැන් දැන් මතකයෙන් ගිලිහි යන කාලෙක ඕවා මොනාද. ඉතිහාසය කෙසේ වෙතත් වර්තමානයක් අනාගතයක් ගැන අවබෝදයක් නැති අපේ මිනිස්සුන්ට ජාතියක් ගැන හැගිමක්වත් තියෙනවද කියලවත් සැකයි. (නදී)
තම දේශය ජාතිය වෙනුවෙන් උරෙන් උර ගැටුනු මෙවන් උදාරතර නියම සිංහල පුරුෂයෙකු අනාගතයේ බිහිවේවිදැයි සැක සහිතය. (නදී)
මේ ගැන දන්න අය අඩුයි. එ්ත් මෙය රැක ගත යුුතුයි. (නදී)
ප්‍රිය මහත්මයානෙනි, අපගේ වීර පුරන් අප්පු සොහොයුරා සමග සටනට ගිය අපගේ ශ්‍රී වික්‍රම සිද්දපට්ටි රජතුමාගේ සහෝදර දිනේෂ් අප්පුගේ මී මුනුපුරා වන වංශ පුරාන දේවගේ සුමන දාස වන මම එම ප්‍රතිමා දෙක පිලිසකර කිරීමට රුපියල් ලෂයක් පරිත්‍යාග කරමි. මේ සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ සහයෝගය ලබාගෙන මට නොපමාව දන්වන්න. විදේශ රටක සේවය කරමි. මොරටුව ලක්ෂපතිය වීර පුරන් අප්පු මාවත ආරම්භයේ පිහිටි ඔහුගේ නිවස අද අතුරුදහන්වෙලා. අපි කණගාටු නොවෙමු. ඔවුන් දිවි පිදුවා රට වෙනුවෙන්. නමුත් එම විරුවන් අපගේ රටේ ආදී වාසි දේව වංශිකයෝ වෙමු. (නදී)
අනේ දෙවියනේ! මේ රටම පිළිගත් ජාතික වීරයෙක් නේද? (නි)
ඕකේ යටත් කාගේ හරි රජෙකුගේ කඩුවක් තිබුනා නම් ඕකත් සංරක්ෂනය කරයි ඕක යටත් හාරලා. හැබැයි පුරන් අප්පුගේ කඩුව ඕක යට තියනවා කියලා කතාවක් ඇරියා නම් හරි. එතකොට මොනවා හරි වෙයි (නදී)
පහුගිය සියවසේ නිකමට දේශපාලනය කරපු අයගේ ප්‍රතිමා හදලා පුද පුජා කරනවා. ඒ උනත් කැප්පෙටිපොල ,ගොන්ගාලේ බණ්ඩා යන විරුවන් සහමුලින්ම අමතක කරලා (නදී)
අපේ වීරයින්ව මෙම ස්ථානයේදී ඉංග්‍රීසි හමුදාව විසින් අල්ලාගත් බව මම අසා තිබෙනවා. (නි)
රොකී,ඔබ වැනි මවුරටේ ඉතිහාසය නොදන්නා අය කවදත් හිටියා. සිංහල ඉතිහාසය නොදනවා නම් ගරු කටයුතු රණවිරුවන්ට අපහාස නොකරන්න හිතට ගන්න. "මාතල නිදහස් සටන" පොත කියවන්න (නි)
පුරන් අප්පු කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? ඇයි මෙහෙම කරන්නේ? (නි)
ප්‍රංශය නම් මේ වගේ පැරණි දේවල් ආරක්ෂා කරන්නේ මහා ඉහළින්. ඒකට අපේ රට? (නි)
අමාගේ අදහසට මමත් එකඟයි. අද අපේ රට බේරාගත්තු රණවිරුවෝ මොනාද කරන්නේ, එළවලු විකුනනවා, කානු සුද්ද කරනවා බත් පැකට් විකුනනවා මොනවාද දැන් කරන්න සිද්ද වෙලා තියෙන්නේ. (නදී)
අනේ ඇත්තට අපේ ජාතික වීරයින්ගේ ඉරණමක හැටි! (නි)
අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිමානය මින් පෙනෙනවා, ඔහොම යන්, පලකලාට ලංකාදීපයට තුති (නදී)
ඈත්තටම එදා ඉදල වර්තමානය දක්වාම මා දන්නා විදියට රට පාලනය කරපු අයගෙන් කන්ද උඩ රටට පහත රටින් ඇවිත් නමක් යන්න වෑඩක් කරපු වීරවරුන් දෙන්නෙක් ගැනයි අහල තිබුනේ. එක්කෙනක් තමා ගොංගාලේ ගොඩ බන්ඩා. අනික් කෙනා තමා වීර පුරන් අප්පු. වෙන කිසි කෙනෙක් ගැන මේ වනකොට කන්ද උඩ රටට යමක් කල කවුරුත් ගැන නම් තවම ආවේ නැහැ (නදී)
තව ටික දවසකින් පුරාවස්තු වල් බිහි වෙනවා.(හේ)
අපේ වීරයන්ගේ ස්මාර්ක කුණු ගොඩක් වෙලා.(හේ)
මොරටුවේ දේශපාලනයෙහි යෙදුන ටිරෝන් ප්‍රනාන්දු මහතා පුරන් අප්පු වීරයා තම මුතුන් මිත්තකු බව එකල පැවසූ අතර සමහරු ඔහුට ටිරෝන් අප්පු කියා කියූ බව මගේ මතකයට නැගේ.(හේ)
අහෝ හෙළ උරුමය?(හේ)
ගැමුණු මහා රජ තුමාගේ නෑයෝ ඔය ඉන්නේ කැලණිය පැත්තේ ඇමති කමක් එහෙම කරගෙන බොහොම ධාර්මිස්ටව.(නදී)
වන්සපුරනදෙවගේ සුමනදාස විමල සුරිය වනාහි බොරුකාරයෙකි. පුරන් අප්පු කරාවේ වංශිකයෙකු බව කවුරුත් දන්නා කරුණකි. දේව වංශිකයකු ඔහුට උරුම කීමට ඉදිරිපත් වීම කවට කමකි. ඒ හැරත් පුරන් අප්පු එතරම් සම්භාවනීය වීරත්වයකට ඔසවා තබන්න තරම් කෙනෙක් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලිය. මෝඩ කැරැල්ලක් මෙහෙයවා අනුගාමිකයන් වත් අමාරුවේ දැමු ඔහු ඊට පෙර අපරාධවලට දඬුවම් ලැබූ ගනන්කාරයෙකි (නදී)
මේ ජාතික වීරයින් නිසා තමයි අපි නිදහසේ ජීවත්වෙන්නේ. ජාතික වීරයින්ට අපහාස වෙන දේවල් කරන්න එපා. (නි)
රොකී නමින්ම පේනවා සුද්දන්ට ගැතිකම් කියන කෙනෙක් කියා. සුද්දන් පවා පිලි ගන්නවා වීර පුරන් අප්පු ජාතික වීරයෙක් බව. (නදී)
සුද්දා එතකොට මොවුන්ව අත්අඩංගුවට ගත්තෙ මොනවගේ පිරිසක් හැටියටද? එතකොට මොහු වටේ හිටි අය මොන වගේ අයද? එතකොට මොහු වීරයෙක් හැටියට සළකා ඉතිහාසය ලියූ අය වැරදිද? (නි)
මේවා දකිනකොට දුකයි (නි)
දැන් ළමයි මේ ගැන දන්නේවත් නැතුව ඇති.(හේ)
අපේ රටේ ඉතිහාසය සහ උරුමය විනාශ කළේ සහ කරන්නේ අපේම අය තමයි. මම ජීවත්වෙන රටේ සිටින අතළොස්සක්වූ සිංහල බෞද්ධ ජනතාව සමඟ හැම අවුරුද්දකම අපේ නිදහස් දිනය සමරලා අපේ ජාතික වීරයින්ව අපි සිහිකරනවා. නමුත් අපේම රටේ අපේම ජාතික වීරයින් කුණු කාණුවට දාන කාලයක් මේක. (නි)
ගැමුණු මහරජතුමා " බොහෝ කාලයකට ඉස්සර ජීවත්වුන හොඳ පොරකි " කියා ඉතිහාස පාඩමට ලියන ළමයි ඉන්න රටක පුරන් අප්පු ගැන කුමන කතාද? ඉතිහාසය සහ භාෂාව ඉගැන්වීම වෙනස් කිරීම තමා ජාතියේ පරිහානියේ ආරම්භය.(හේ) .
දැන් ඉතින් පුළුවන් නම් කියන්න මේ වැඩෙත් බටහිර බලවේග වල අනුදැනුම ඇතුව කළ වැඩක් කියලා (නි)