මහ මග දමාගිය මාස හතරක දරුවකු සොයාගත් වැල්ලවාය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දරුවා පොලිසියට රැගෙන ආවේය.
බඩගින්නේ අඬන දරුවාට කිරි දීමට එවැනිම දරුවකු සිටින පොලිස් කතක ඉදිරිපත් වුවාය.
මහ මග දමාගිය මාස හතරක දරුවකු සොයාගත් වැල්ලවාය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දරුවා පොලිසියට රැගෙන ආවේය.
බඩගින්නේ අඬන දරුවාට කිරි දීමට එවැනිම දරුවකු සිටින පොලිස් කතක ඉදිරිපත් වුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අම්මා වරුන් මතු බුදු වෙනවා , සබැ මවගේ අසරණ කම කුමක්ක්ද මෙවන් දරුවකු මහා මග දමා යන්න ???(රේ)
ඇසට කඳුලක් උණන පුවතක්.අම්මා කෙනකුට මවු කිරි එරෙන්නේ දරු සෙනෙහසට. එක අම්මා කෙනෙක් දරුවෙක් අතහැර ගොස් එහෙත් තවත් මවක් කිසිත් නොදත් දරුවකුට සෙනෙහසින් තම ඇකයෙන් මවු කිරි දෙන දුක් බර මොහොතක්.කාකි ඇඳුම ඇන්දත් අැයත් මවකි...(රේ)
පොලිස් නිලධාරීනටද හදවතක් ඇත (රේ)
ඔබ තුමිය මේ කල කර්තව්‍යයට ඔබට ගොඩක් පින් මහත්මියනි. ඔබට නිරෝගී සුවය පතා අල්ලාහ් දෙවියන්ගෙන් 5 වේල සලා කරන ගමන් ප්‍රර්ථනා කරන්නෙමු. මහමග දරුවන් විසිකරදාන සල්ලාල අම්මාවරුන්ට ඔබ තුමිය ඉතාමත් හොඳ ආදර්ශයක් ම වේවා. (රේ)
මවකගේ උතුම් ක්‍රියාවක් පෙන්වන වෙලාවක දරුවාගේ කුස ගින්නද නිම විය. මව්නි ඔබට ගොඩක් පින්. (රේ)
අපේ පොලිසියට ජයෙන් ජය පතමි.(රේ)
උත්තමාචාර මැතිනියනි. (රේ)
විශිෂ්ඨ ක්‍රියාවක්. අගය කල යුතුයි. මවට නොදැනුනු දරු සෙනෙහස වෙනත් මවකට දැනේ නම් එයට කදිම නිදසුනකි මෙය.(රේ)
මේත් කිරි දෙන වයසේ දරුවෙක් ඉන්න නිලදරිනියෙක් නම් ඇයට මාතෘ නිවාඩු නැත්ද කිරි දරුවෙකු ගෙදර තනිකර රාජකාරීයට වාර්තා කිරීම අසාධාරණයි.ඇගේ විශිෂ්ට ක්‍රියාව අගය කරමි (රේ)
අම්මා යන්නට උත්තම අරුතක් දුන් ඔබතුමිය තෙරුවන් සරණින් සැපයෙන් සැපයටම පත්වේවා! (නි)
මිල මුදල් යහමින් ඇති අම්මෙක් කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. පියෙක් නැතුව ලැබුන දරුවෙක් වෙන්නත් පුළුවන්. රට යන්න උවමනාවට අතහැර දැම්මද දන්නෙත් නැහැ. පොලිසියට ගිහින් තමන්ගේ ප්‍රශ්නේ කියලා ළමා නිවාසයක් හොයල භාරදෙන්න තරම් දැනුමක්, අවබෝධයක් නැතුව ළමයි හදපු මවක් බවයි පේන්නේ.මෙතන කමෙන්ට් කරන අයගෙන් සමහරු මේ දරුවා හදාගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ අයට ලේසිම ක්‍රමය වැල්ලවාය පොලිසිය අමතා දැනගත හැකි වෙයි නේද?(රේ)
උත්තම ස්ත්‍රී (රේ)
මව් පදවියේ අරුත හොඳහැටි දත් ඔබ හට මතු කවදා හෝ නිවන් දකින්නට වාසනාව ලැබේවා! ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔය තියෙන්නේ යහපාලනයේ අර්ථය ..(රේ)
ඔබ තුමියට අපෙන් මල් මිටක්..(රේ)
අයියෝ අපිට දෙන්නකෝ අපි හදා ගන්න. මටත් පොඩ්ඩෙක් ඉන්නවා ඔය වගේ, එත් වැඩි නැහැ .(රේ)
නිල ඇඳුමට නොවැසුනු.... මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ වලින් අනූන ඔබ සැබෑම මවකි, සැබෑම බෞද්ධ කුලඟනකි, මෙවන් දියණියන් මගේ ලක්මෑණියන්ට ආඩම්බරයකි.මෙවන් ගුණයන්ගෙන් හෙබි ඔබ පොලිසියට ගෞරවයකි. (රේ)
බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වල තියෙනවා ඉතාමත්ම සංවේදී විදියට. තවමත් මිනිස්කම හදවත්වල තියෙන බවට සලකුණකි. (ම)
මේ දරුවාගේ අම්ම වස බිල.ඇය රෝහලේ අසාධයව ඉන්නවා.ඇයට දරුවන් හතරක්.වස බිල තියෙන්නේ දරුවන්ට කන්න දෙන්න බැරිව.අපට ඇයට උදව් කරන්න අවස්තාවක් සලසා දෙන්න.ගිණුම් අංකයක් තිබේනම් ලංකාදීප මැදිහත්ව ලබා දෙන්න.ලොකු පිනක්. (රේ)
අම්මාවරු නැති දරුවන්ගේ, සංකා දුක් කව්දෝ දන්නේ.......ඒ දුක දන්නා අම්මාවරුමයි ........යම් මතු දිනයක බුදු වන්නේ.........සංසාරේ මතු බුදුවන්නේ....!!!(රේ)
දරුවෙක් ලොවට බිහි කිරීම වාසනාවක් වගේම දරුවෙක් මහමග දමා යාම රටේ අවාසනාවක් . එත් ඒ දරුවාව පෝෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මේ වගේ අයටයි. මහා මග දමා ගිය ඒ දරුවාගේ කුස ගිනි නිවීමට තරම් කාරුණික වීම ලොකුම වාසනාවක්. ඔබගේ ඒ මහගු ක්‍රියාව හැම මවකටම ආදර්ශයක් වේවා. (රේ)
මහ මග දරුවා දමා ගිය කාන්තාවට දඩුවම් කිරීමට වඩා වැදගත්ම දේ මේ සිද්දියට හේතුව සොයා පිළියම් යෙදීමයි.(රේ)
ගොරෝසු ඇදුමට යටින් ඉන්න සියුමැලි කත. උත්තමාවියනි , ඔබටත් ඔබේම කිරි. කැටියටත් මේ පින් බලෙන් නිරෝගී සුව පතන්නෙමි (රේ)
අනේ මගේ පපුව පිච්චිලා ගියා මේ වගේ කිරි දරුවෙක් දාලා යන්න තරම් ඒ අම්මගේ හිත ගලක් උනේ කොහොමද ? දරුවට කරාබු දෙකකුත් දාලා ආදරෙන් බලාගෙන වගෙත් පේනවා . මේ දරුවා මට අරන් හදා ගන්න පුළුවන් ද ? මට පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නවා දුවෙක් නෑ. මම පදිංචි වෙලා ඉන්නේ ප්‍රන්සේ මගේ නෝනා මේ රටේ කෙනෙක් එයාට මේ විස්තරේ පෙනුවම එයා කැමති උනා; මට මේ දරුවා ලබා ගන්න විදිහක් කියන්න .(රේ)
විදේශයක පදිංචි හැටපස් හැවිරිදි මහල්ලෙකු වන මගේ නෙතටත් කඳුළු ඉනු දර්ශනයක්. කාකි ඇඳුම ඇන්ඳත් ඔබ ලක්මවගේ උතුම් දියණියක්! (නි)
රාජ්‍ය නොවන සමාජ සේවා ආයතන නම් තියෙනවා ලංකාවේ ඇතිවෙන්නම. පිටරට වලින් ආධාර මුදලුත් ලැබෙනවලුනේ. නමුත් ඉදිරිපත්වෙන්නේ කවුද? (නි)
අම්මාට වෙනත් කරදරයක්ද, මානසික ආබාධයක්ද නැත්නම් කවුරුහරි අම්මාව අරන් ගිහින්ද කියාත් සොයා බලන්න. (නි)
රූපවතිගේ උතුම් පැතුම හැම අම්මා කෙනෙක් තුළම වගේම හැම තාත්තා කෙනෙක් තුළමත් ඇතිවේවා යනු මගෙත් ප්‍රාර්ථනාවයි. මේ ලොව ඇති ලොකුම වස්තුව දරුවන්ය (නි)
මෙතන පළවෙන අදහස් දැක්කා නම් ඒ කිරි දෙන පොලිස් මාතාවගේ සතුටු කඳුළු ගංගාව දෝරේ ගලනු ඇත. මේ දරුවා ලෝකයේ වාසනාවන්තම දරුවා වනු කිසිකෙනෙකුට වළක්වනු නොහැකිය. (නි)
මාතෘත්වය නමැති ආභරණය ඔබතුමිය පැළද ඇත මෙය අගය කල යුතු කටයුත්තකි.,(රේ)
දෙවියනේ! අපි අතර මනුස්සකම් තවමත් පවතින අපූරුව... (නි)
ඕක තමයි කියන්නේ දරුවෙක් වැදු පමණින් මවක් වෙන්නේ නැහැ කියලා. දුප්පත්කමට දාලා ගියාද, වෙන කෙනෙක් එක්ක ගියාද කවුද දන්නේ? (නි)
පද්මිණී, හේතුව දුප්පත්කම නම් වෙන්න බැහැ. එහෙම නම් පාරෙ දාලා යන්නෙ නැතුව වෙන මොනතරම් ක්‍රම තියෙනවද දරුවාව වෙන කෙනෙකුට දෙන්න. (නි)
නිල ඇඳුම තිබුනාට අම්මා කියන නාමය කවදාවත් වෙනස්වෙන්නේ නැහැ. විශිෂ්ට ක්‍රියාවක්. අගය කළයුතුයි. (නි)
මෙවන් මිනිස්කම් ඇති මිනිසුන් රටට වාසනා! (නි)
ඔබට යහපතක්ම වේවා දයාබර මෑණියනි! (නි)
ජාති ජාතිත් පින්. (රේ)
අපේ දරුවෙක් අඬනවා වත් අපිට බලන්න බහ. එහෙවු එකේ මොන හිතකින් මෙහෙම දාල යනවද? ලස්සන කෙලි පැටියෙක්. කවුරුහරි හොඳ පවුලකට හදා ගන්න දෙන්න.(රේ)
දරුවාගේ පෙනුමේ හැටියට ඒ දරුවාගේ දෙමව්පියන් ආර්ථික අපහසුකම් තිබෙන අය වෙන්නට බැහැ. කෙසේවෙතත් දරුවාට කරදරයක් නොකර මේ ආකාරයට ජීවිත දානය දී තවෙකෙකුගේ රැකවරණය සඳහා මහමඟ දමාගිය එකත් වටිනවා. ඒ දරුවාට කිරි දුන් පොලිස් මෑණියන්ට පමණක් නොවෙයි එතුමියගේ දරුවන්ටද යහපතක් වේවායි පතමු. (නි)
මේ දරුවාගේ වයස මාස හතරකට වඩා හුඟක් වැඩියි කියලයි මට හිතෙන්නේ . මෙවැනි සිරියාවන්ත දරුවෙක් මග දාලා යන අයත් ඉන්නවානේ .(රේ)
අම්මේ, ඔබට පින්. ඔබතුමිය ශ්‍රී ලාංකීය මව් පරපුරටම ආභරණයකි. ඔබට දීර්ඝායු පතමි! රූපවතිගේ උතුම් පැතුම හැම අම්මා කෙනෙක් වගේම හැම තාත්තා කෙනෙක් තුළමත් ඇතිවේවා යනු මගෙත් ප්‍රාර්ථනාවයි. මේ ලොව ඇති ලොකුම වස්තුව දරුවන්ය. (නි)
මාතෘත්වයේ අගය හොඳටම දන්නා පොලිස් මවක්. අතිශ්‍රේෂ්ඨයි ඔබතුමිය කළ දේ. හොඳ ලස්සන කෙලි පැටික්කියෙක්. මොන හිතකින් පාරේ දාල ගියාද? (නි)
වචනයේ පරිසමාප්ත අරුතට වටිනාකමක් දුන් මවට ආචාරය..!!(රේ)
ගොඩාක් පින්.! (ර)
තරු පටි පැළඳුවත් අම්මා අම්මාමය. (රේ)
දරුවන්ට ආදරයක් ඇත්නම් අනාරක්ෂිතව මග දමා යනවාද ? හැමදේම දුප්පත් සහ නැති බැරිකම් වලට ආදේශ කරන්න බැහැ. පාරේ හිඟා කමින් බැලමෙහෙවර කරමින් , කුලී වැඩ කරමින් , දුෂ්කර රැකියා කරමින් දරුවන් රකින මව්වරු ඉන්නවා. ළමයි නැතිව ලතැවෙන අඹු සැමියන් කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවාද ? ඔය උඩින් කෙනෙක් ලියා තිබෙන්නේ සන්තකේම ඒ වෙනුවෙන් වියදම් කළා කියලා. (බ)
අම්මේ ඔබට පින්. ඔබතුමිය මව් පරපුරටම ආභරණයකි. ඔබට දීර්ඝායු (බ)
පොලිස් දිනය අර්ථවත් කළ විශිෂ්ටත්වය කරා යන ගමන සනිටුහන් කළ පොලිස් නිලධාරිනියට ප්‍රශංසා කරමු (බ)
ඔය පිනම ඇතිය මව්නි ඔබහට බුදුවෙන්න.!(රේ)
දරුවට සුබ අනාගතයක් දුවේ. ඔබ නම් කරගත්තේ පුදුමාකාර පිනක්. ඔය දරුවා වෙනුවෙන් බැංකු ගිණුමක් අරින්න. (බ)
ඔබ පොලිස් නිලධාරිනියක් නොව පොලිස් මව් කෙනෙකි මේ පැටියාට දුන් කිරි බිංදුවෙන් ඔබට ජාති ජාතිත් යහපතක්ම වේවා (බ)
ඔබ තුමිය විශිෂ්ට මාතාවක් ජාතියේ ප්‍රණාමය අපෙන් (රේ)
අනී මේ දරු පැටියාගේ මූණ බලල කොම ඒ අම්ම මෙයාව දල ගියේ? මගේ අම්මත් මව දාල ගිහිල්ල තියෙන්නේ අවු 2විතර. මගේ ආච්චි අම්මා මාව හද ගත්ත. මගේ ආච්චි අම්මට ගොඩාක් පින්.(රේ)
මේවා හැමෝටම කරන්න බැහැ .නියම අම්මා කෙනෙක් (රේ)
හදාගන්න අමාරු නිසා වෙන්න ඇති දාල ගියේ. අම්මාකෙනෙක් මේවගේ හුරතල් නොදරුවෙක් මහමග දමායන්න කොහොම හිත හදාගන්නවද. හදාගන්න බැරිනම් මොකට වදනවද. අපිට පහසුම උත්තරේ ලිංගික අධ්‍යාපනේ වැරැද්ද කියල අත සෝදා ගැනීම නොවේ. අම්මාවරුන් මෙතැනට නොවැටෙන තිරසාර වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම. (රේ)
නිල ඇඳුම තිබුණාට අම්මා කියන නාමය කවදාවත් වෙනස්වෙන්නේ නැහැ. විශිෂ්ට ක්‍රියාවක්. අගය කළ යුතුයි. මාතෘත්වය නමැති ආභරණය ඔබතුමිය පැළද ඇත මෙය අගය කළ යුතු කටයුත්තකි. මෙවන් මිනිස්කම් ඇති මිනිසුන් රටට වාසනා! මෙලෙස දරුවන් මහමග දමා යන අය තම මතු අාත්මවල මිලමුදල් සියලු සැපසම්පත් ඇතිව ඉපදී හොද පවුල් ජීවිතයක් ලබා ගන මුළු ජීවිත කාලයම දරුවන් නැතිව නොවිදින දුක් විදවන්නේ කළකම් පලදීම සියලු දෙනාට උරුමයි (බ)
\"දරු සෙනෙහස\"(රේ)
හරිම සන්වේදී දසුනක්(රේ)
මෙය නම් හොද කතාවක් තමයි. ඇදුමෙන් මනුෂ්‍යත්වය මනින්න බැහැ කියන එක. ඒ වගේම හදවතේ ඉන්න යක්ෂයා හා දේවතාවත් කිසිවෙකුට කවදාවත් දකින්න බැහැ ක්‍රියාත්මක වෙනකම්. සියුමැලි අත් දෙකක වෙනස දැන් පේනවා නේද? කෙනෙක් මහමග අත් හැර දමා යන තම දරුවාගේ පිහිටට තව කෙනෙක් ඒම හාස්කමක් නේද? (බ)
අම්මේ ඔබට නිදුක් නිරෝගී බව ලැබේව නිල ඇඳුම පිටුපස සිටි දෙව් මවකි ඔබ (රේ)
නිල ඇදුම ඇද්දට අම්මා කෙනෙක්ට දරුවකුගේ බඩ ගින්න දැනෙනවා (බ)
පොලිස්පති තුමනි මේ අම්මටත්ස් උසස් වීමක් දෙන්න (බ)
ඔබට යහපතක්ම වේවා දයාබර මෑණියනි! (බ)
රූපවතීගේ කතාව හැමෝම හිතට ගතයුතුය (නි)
\"අම්මා\" .... , මනුස්සකම කුණු කාණුවට වැටුණු සමාජයක මොහොතකට කරුණාබර අම්මෙක් වූ ඔබතුමියට තෙරුවන් සරණයි!(රේ)
මොන හිතකින් දාල ගියාද ? හොඳ දෙමවුපිය දෙන්නෙක් ලැබේවා...!(රේ)
උතුම් ක්‍රියාවක් (රේ)
අපිට හිතාගන්න අමාරු ඇයි මේ දරුවන්ව පාරේ දාලා යන්නේ කියල. පොලීසියට කෙලින්ම කිව්ව නං තමන්ට හදා ගන්න අමාරුයි කියල මොනව හරි විකල්ප ක්‍රමයක් හදා ගන්න පුලුවන්නෙ.අනික හැම පොලීසියකම කාන්තා නිලධාරිනියන් ඉන්නවනෙ. රටේ ඕන තරම් හොද හිත තියෙන මිනිසුන් ඉන්නවා මේ වගේ අසරන දරුවන්ට පිහිට වෙන්න කැමති . අඩු තරමේ ග්‍රාම නිලධාරින් හෝ පවුල් සෞක්‍ය සේවිකාවන් හරහා වත් රටේම අම්මලාව දැනුවත් කලොත් , සෑම ප්‍රශ්නයකදීම විසදා ගන්න ක්‍රම තියෙන බව, සමහරවිට මේ වගේ පොඩි දරුවනට යහපතක් වේවි(රේ) .
රටක් දියුණු වෙනකොට ඒ රටවල ජනතාව පොලිසියට බය නැහැ.එත් රටේ පවතින නීතියට බියයි.(රේ)
අනේ බුදුන් වැඩිය රටේ සිද්ධ වෙන දේවල්. කෝ මේ අපේ බොදු බලේ හාමුදුරුවෝ. ඉල්ලුවොත් උදාවක් නොකර ඉන්නේ නැහැ (රේ)
වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් අැත.\(රේ)
මට මේක බලද්දී ඇස් දෙකට කදුළු අාවා. ඒ වගේම මේකේ අදහස් කියවලත්. අනේ මේ පොඩි නොදරුවා දාලා යන්න තරම් ඒ අම්මා කොහොම හිත හදා ගත්තද? අම්මාගේ ආදරේ නැතුව මේ දරුවා කොහොම ඉන්නවාද? මට මාස පහක පොඩි දරුවෙක් ඉන්නවා. ළඟ නැතිවුණාම කෑගහලා අඩනවා. අම්මාගේ උණුසුම ඕනෑම කාලේ මේ දරුවා මෙහම දාලා ගිහින්. තිරිසන් සතෙක් නම් කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. (නි)
පොඩි එකා දැක්කම දුකේ බැ. ඒ අම්මට දීර්ගායුෂ ලැබේවා මේ පිනෙන්. (රේ)
පොලිස් තුමියනි මෙන්න ඔබටත් පොලිසියටත් අපේ ප්‍රණාමය.(රේ)
ඔබතුමියගේ මේ සද්ක්‍රියාවට පින්! ඔබතුමිය සමඟ සේවය කරන අනිත් අයටත් පින්! ජාති ජාතිත් නිරෝගී වේවා! මෙවැනි ක්‍රියා කිරීමට ශක්තිය, බලය ලැබේවා......!!! (නි)
ඔය සිදුවීමට පසුබිම සහ දෙමාපියන් පිළිබඳව පළකළොත් අපි සැමටම යම් ආකාරයකින් හෝ උදව් කිරීමට අවස්ථාවක් සළසාගත හැකිවේවි
අපි ළමයින් නැතිව සන්තකේම දොස්තරලාට බෙහෙත් වලට පුජා කළා. මම විතරයි දන්නේ කොච්චර දරුණු වේදනා දෙන ශාරීරික මානසික අවස්ථා වලට මුහුණ දුන්නද කියලා. එහෙම එකේ මේවගේ දේවල් අහන්න ලැබෙනකොට දරුවන් ලැබෙන සමහර මිනිස්සුන්ට තමන්ගේ වාසනාව නොතේරෙන්නේ ඇයි කියලා හිතෙනවා. (රේ)
ඔබට ගොඩක් පින් !!!! තෙරුවන් සරණයි!!!!\n!!!!(රේ)
ලස්සන කිරිකැටිය මහමග දාල ගියේ මොන හිතකින්ද. දරුවන් මහමග දාමා යන කාන්තාවනට මව් සෙනහස පිළිබද අපුරු පාඩමක් කියාදීමට ඉදිරිපත් වූ එම නිලධාරිනිය සැබවින්ම දෙවගනක්මය.(රේ)
මට එම දරුවාගේ භාරකාරත්වය ලබාගැනීමට හැකිද.මාව දැනුවත් කරන්න.(රේ)
ඉතාම විශිෂ්ට පුණ්‍ය කර්මයකි. මෙවැනි කාන්තාවන් දුර්ලභය.(රේ)
මේ වගේ සුරතල් දරුවෙක් හේතුව කුමක් වුවත් මහා මග දමා යන්න තරම් අම්මා කෙනෙක් හිත හදා ගත්තේ කොහොමද අප්පා !(රේ)
ඒ වාසනාවන්ත දරුපැටියාව අපිට ගන්න ක්‍රමයක් නැද්ද?(රේ)
දුප්පත් වුන පලියට දරුවන් මග දමා යන එකනම් අනුමත කරන්න බැහැ. මොන කරදර වුනත් දරුවන් කියන්නේ සම්පතක්. (බ)
ලස්සන කිරිකැටිය මහමග දාල ගියේ මොන හිතකින්ද. දරුවන් මහමග දාමා යන කාන්තාවනට මව් සෙනහස පිළිබද අපුරු පාඩමක් කියාදීමට ඉදිරිපත් වූ එම නිලධාරිනිය සැබවින්ම දෙවගනක්මය ඔබට ගොඩක් පින් !!!! තෙරුවන් සරණයි!!!!!!!!(රේ
අගය කළ යුතු වැඩක්. දුක හිතෙන කතාවක් ඔයා නම් කරගත්තේ පුදුමාකාර පිනක් අපිට සතුටුයි ඔයා ගැන නංගි (බ)
පොලිසියේ දෙන ලොකුම පදක්කම මෙම පොලිස් කාන්තාවට පිදිය යුතුය.උසස් වීම දෙකම් එකවර දීමද සුදුසුය (රේ)
අප්පොච්චිගේ බලපෑම්වලට අම්ම යටත් වෙන්න ඇති.නැත්නම් හිතක් \n පපුවක් නැති ඒ නරුමයම ඒ ටික කරන්න ඇති.(රේ)
මේ දරුවාගේ අනාගතේ යහපත් කරන්න උදව් කරන්න ඕන කෙනෙක් කෙමති වේවි. ඒ නිසා මේ දරුවාගේ නමින් බැංකු ගිණුමක් හදල ජනතාව මද්‍ය මගින් දැනුවත් කරන්න. දරුවා ඉන්න තැනක් කිව්වොත් ඕන කරන දේවල් මිනිස්සු ගිහින් දේවි. (බ)
මේ ලෝකේ මොනවා ලැබුනත් මොන රජසැප ..ගරු බුහුමන් ලැබුනත් ..ලෝකෙටම එක්කෙනයි කියල රජකම ඔටුනු පැලදුවත් මගේ දරුවන් දෙදෙනා නැතිව නම් එක වරක්වත් මම හුස්ම ගන්නේ නැහැ? මේ ලෝකේ ....ජීවත් උනත් ඒ මා සිහියක් නැති උම්මන්තක ගැහැනියක් උනොත් පමණි ..? මගේ දරු දෙදෙනා මගේ හදවතේ දෙපැත්ත මෙනි ..!මගේ මුළු ජීවිතයමයි ..!!! සෑම කාන්තාවකටම පුරුෂයෙකුටම තමන්ට දාව උපන් දරුවන් කෙරෙහි ආදරය කරුණාව තම හදවත්තුළ ඇතිවේවා ....!!! (රේ)
නිල ඇඳුම තිබුනට අම්මා කියන නාමය කවදාවත් වෙනස්වෙන්නේ කොහොමද(රේ)
පොලිසි නෝනලාට පිං . මේ වගේ ලස්සන චූටි දරුවෙක් මග දාල යන්ඩ පුළුවන් කාටද ? (බ)