අනෙක් දේශපාලන කඳවුරු දෙක යල් පැන ඇති පිළිණුවූ ඒවා බවට පත්ව ඇති බවත් තාවකාලිකව ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට අවුරුදු 5කට පවරා දෙන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙල වූ ‘හෘදසාක්ෂියේ සම්මුතිය‘ වැඩකරන ජනතාවට පිළිගැන්වීමේ වෘත්තීය සමිති සමුළුව අද (29) පෙරවරුවේ පිටකෝට්ටේ සොභාෂී උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවේ පක්ෂ නායක අනුර දිසානායක මහතා පැවසීය.
රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගණනින් නොව ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස, නීතියේ ආධිපත්‍යය, ශක්තිමත් විදෙස් ප්‍රතිපත්ති, ආර්ථික සංවර්ධනය, ජාතික සමගිය, ජාතික ආරක්ෂාව යන කරුණු මත බවද ජවිපෙ නායකයා එහිදී කීවේය.
අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කේ.ලාල්කාන්ත යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ප්‍රධාන පක්ෂ දෙක යල් පැනලා : තාවකාලිකව අපට දෙන්න'
පතී Wednesday, 29 July 2015 01:14 PM
සදාචාරයක් සහිත යහපත් දේශපාලනයක් රටක ඇතිකර ගත හැක්කේ, රටෙහි ඇති සම්පත් නිසියාකාර කළමනාකරණයකින් හැකිතාක් දුරට රටෙහි පුරවැසියන් වෙනුවෙන් සාදාරනව බෙදීයාමට සලස්වීමෙන්ය. එවිට ජනතාවගේ අසහනය හා පීඩාකාරීත්වය ඉවත් වී සියලු දෙනා රටෙහි පුරවැසියන් සේ සිතීමට පෙළබේ. එය අවංකව කලහැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණකි. (නදී)
අභය Thursday, 30 July 2015 06:03 AM
මෙවර ඔබලා ගැන සෑහෙන බලපොරෝත්තුවකිනුයි සිටින්නේ!! (ම)
සසංක Wednesday, 29 July 2015 01:39 PM
කයිවාරු එපා. කරන වැඩක් නැහැ. හැම කෙනාගේම වරද දකිනවා විතරයි (නි)
දිනේෂ් Wednesday, 29 July 2015 01:55 PM
අපි සූදානම් ජවිපෙට බලය දෙන්න (නි)
විජේරත්න Wednesday, 29 July 2015 02:04 PM
මේ පාර අපි ඔබලා සමගයි. ජවිපෙට ජයවේවා ! (හේ)
පිරිස් Wednesday, 29 July 2015 02:05 PM
දෙන්නත් හිතෙනවා. ඒත් හිතේ සැකයකුත් තියෙනවා.(හේ)
චන්න බුවනක Wednesday, 29 July 2015 02:05 PM
ජනතාව කවදා හරි හරිදේ කරයි.(හේ)
සෙනරත් Wednesday, 29 July 2015 02:28 PM
මහින්ද රාජපක්ෂ රජය කාලේ ලැබුණු මන්ත්‍රී ධූර 37 කරගන්න බැරිවුනු මෙයාල කොහොමද රජයක් කරන්නේ ? මෙයාලට පුළුවන් වැරදි ගැන කිය කියා ඉන්න විතරයි. වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 6ක් ගනීවි (බ)
ප්‍රසන්න Thursday, 30 July 2015 03:33 AM
89 වගේ ජල්ලි නටන්නද? (නදී)
දිලිප් වික්‍රමරත්න Thursday, 30 July 2015 03:33 AM
ජේ වී පි එකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ලංකාවේ සරසවි වලට ගිය මිනිස්සුන්ගෙන් අහන්න. විකල්ප මත දරන්නන්ට පොලු පහර හෝ බයිසිකල් චේන් ප්‍රහාරය (නදී)
නුවන් Thursday, 30 July 2015 03:43 AM
අතීතය අපිට තවම මතකයි (නි)
වින්සන්ට් Wednesday, 29 July 2015 03:01 PM
ශ්‍රී ලංකාවේ ජනතාවගේ බහුතරයකට නිතරම පිළුණු කෑම බුඳින එක ඇතිවෙන්නේ නැත. (නි)
හංසනී Wednesday, 29 July 2015 03:11 PM
ලක්ෂ 62න් 50 ක්වත් ඔබට මේ සැරේ ලැබෙනවා සත්තයි (නි)
සිරා Wednesday, 29 July 2015 03:23 PM
දෙමු, නැතිවෙන්න දෙයක් නැහැ. ඇතිවෙනවා මිසක්. (නදී)
සාමා Thursday, 30 July 2015 04:11 AM
ඔයාලටත් බලය අාවහම ඔය සිල් රෙදි ටික ගලවලා නවගුණවැල පැත්තකින් තියල මහජනයාට ගේම දෙන්න ගන්නවා . 88 -89 කාලේ ඔයාලගේ රඟපෑම අපිට තවම අමතක නැහැ . ඔයාලගේ ලස්සන ආකර්ශනීය වචන වලට එදත් අපි රැවටුනා . (බ)
දුමින්ද Thursday, 30 July 2015 04:17 AM
තාවකාලික පැලැස්තර යල්පැන ඇත (බ)
සුමිත් Wednesday, 29 July 2015 03:48 PM
මේ පාර හැමෝම ජවිපෙ ගැනයි කතාකරන්නෙ. ජවිපෙට ජයවේවා (නි)
ධම්ම Wednesday, 29 July 2015 03:53 PM
ඡන්දෙට මම ගෙදර එනවා. ජේවීපියට කතිරය ගහනවා. (නි)
දේවින්ද Wednesday, 29 July 2015 04:30 PM
තමන් පෝශනය වීම සඳහා දෙශපාලනය කරන පක්ෂයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ තවමත් අප හඳුනා ගෙන නැත. අප ඔවුන්ට අවස්තාවක් ලබා දිය යුත්තේ එම හේතුව නිසාවෙනි. යම් බලයක් පර්ලිමේන්තුවේ ඔවුන්ට ලබාදීම රටට වාසි දායකයි (නදී) හේතුවක් වනු අත .
දේවින්ද Wednesday, 29 July 2015 04:31 PM
තමන් පෝශනය වීම සඳහා දෙශපාලනය කරන පක්ෂයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ තවමත් අප හඳුනා ගෙන නැත. අප ඔවුන්ට අවශ්‍යතාවක් ලබා දිය යුත්තේ එම හේතුව නිසාවෙනි. යම් බලයක් පර්ලිමේන්තුවේ ඔවුන්ට ලබාදීම රටට වාසි දායක හේතුවක් වනු අැත. (නදී)
සෙබා Wednesday, 29 July 2015 04:54 PM
ලජ්ජා නැද්ද බලය හිඟාකන්න. 71 සහ 86 යේ විප්ලවයෙන් මියගිය සහෝදරයන්ට නිගා කරන්නද හදන්නේ ? (නදී)
ලක්දාස Wednesday, 29 July 2015 04:56 PM
දෙයි, දෙයි බලාගෙන ඉන්න..(නදී)
වසන්ජය Thursday, 30 July 2015 04:47 AM
තවම ඔබල බහුතරයක විස්වාශය දිනා නැති නිසා ජන්ද ක්‍රමයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරිවේවි. (ම)
අමර Thursday, 30 July 2015 04:48 AM
ජය පතමු නව ලොව සංවර්ධනයට හැකි එකම මඟ දුෂණයෙන් තොරව.(ම)
සරත් Wednesday, 29 July 2015 05:15 PM
ජනතාවට බලාපොරොත්තුවක් තබාගන්ඩ පුලුවන් ජවිපේ ගැන පමණයි ඹබලාට ජයවේවා (නදී)
ජුඩ් Wednesday, 29 July 2015 05:16 PM
ඔය ප්‍රතිචාර දාන මල්ලිලා දන්න බබ්බුව. ට්‍රාන්ස්ෆොර්මර් පුච්චලා රටේ බස් පුච්චලා, කොල්ලෝ මරලා, කෙල්ලෝ මරලා 70 ඉහල සේරම මරනවා කිවා. මල්ලිලා ඔයාලගේ සීයාගෙන් අහලා බලන්න (නදී)
ශාමන්ත වෙල්ගම Thursday, 30 July 2015 04:56 AM
රට ගොඩ නැගීමට අදාල කාලීන දර්ශනයක් ඇති,ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සහ තරුණ ජවයක් ඇති,දූෂිතයන්,කුඩුකාරයන් ,ස්ත්‍රී දූෂකයන්,එතොනෝල කාරයන් නැති එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණි. මෙවර අපි ඔබ සමඟයි ජවිපෙට ජයවේවා (ම)
පී.එස් කෙටකවෙල Wednesday, 29 July 2015 07:00 PM
තාවකලිකව දුන්නොත් ඉවරයි හිනාමුසු මුහුණක් නැති මේ බොරු කාරයෝ හිට්ලර් වගේ රට පාලනය කරයි (නදී)
පියුමි Wednesday, 29 July 2015 07:31 PM
තාවකාලිකව දින 100 කට අරගෙන කරන හැටි පෙනෙනවානේ (නි)
නජිත් Wednesday, 29 July 2015 07:39 PM
මම නම් දෙනවා. ඡන්දෙට කලින් අර ලක්ෂ 25 ට මොකද කලේ කිව්වොත්. (නදී)
විජේසුන්දර Thursday, 30 July 2015 08:51 AM
ලිද ළඟ සංගමේ මුල් තැන ! (ම)
මොරිස් Wednesday, 29 July 2015 08:35 PM
බය වෙන්න එපා පිරිස් මහත්මය නව ලෝක තත්වයට අනුව කිසිම කෙනෙකුට බලෙන් ආණ්ඩු කරන්න බැහැ. ජනතා විරෝධි නම් අවුරුද්දක් වත් බලයේ ඉන්න බැහැ මිනිස්සු පාරට බැහැල ආණ්ඩු වෙනස් කරන යුගයක් මේක.(ම)