අනෙක් දේශපාලන කඳවුරු දෙක යල් පැන ඇති පිළිණුවූ ඒවා බවට පත්ව ඇති බවත් තාවකාලිකව ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට අවුරුදු 5කට පවරා දෙන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙල වූ ‘හෘදසාක්ෂියේ සම්මුතිය‘ වැඩකරන ජනතාවට පිළිගැන්වීමේ වෘත්තීය සමිති සමුළුව අද (29) පෙරවරුවේ පිටකෝට්ටේ සොභාෂී උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවේ පක්ෂ නායක අනුර දිසානායක මහතා පැවසීය.
රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගණනින් නොව ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස, නීතියේ ආධිපත්‍යය, ශක්තිමත් විදෙස් ප්‍රතිපත්ති, ආර්ථික සංවර්ධනය, ජාතික සමගිය, ජාතික ආරක්ෂාව යන කරුණු මත බවද ජවිපෙ නායකයා එහිදී කීවේය.
අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කේ.ලාල්කාන්ත යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදාචාරයක් සහිත යහපත් දේශපාලනයක් රටක ඇතිකර ගත හැක්කේ, රටෙහි ඇති සම්පත් නිසියාකාර කළමනාකරණයකින් හැකිතාක් දුරට රටෙහි පුරවැසියන් වෙනුවෙන් සාදාරනව බෙදීයාමට සලස්වීමෙන්ය. එවිට ජනතාවගේ අසහනය හා පීඩාකාරීත්වය ඉවත් වී සියලු දෙනා රටෙහි පුරවැසියන් සේ සිතීමට පෙළබේ. එය අවංකව කලහැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණකි. (නදී)
මෙවර ඔබලා ගැන සෑහෙන බලපොරෝත්තුවකිනුයි සිටින්නේ!! (ම)
කයිවාරු එපා. කරන වැඩක් නැහැ. හැම කෙනාගේම වරද දකිනවා විතරයි (නි)
අපි සූදානම් ජවිපෙට බලය දෙන්න (නි)
මේ පාර අපි ඔබලා සමගයි. ජවිපෙට ජයවේවා ! (හේ)
දෙන්නත් හිතෙනවා. ඒත් හිතේ සැකයකුත් තියෙනවා.(හේ)
ජනතාව කවදා හරි හරිදේ කරයි.(හේ)
මහින්ද රාජපක්ෂ රජය කාලේ ලැබුණු මන්ත්‍රී ධූර 37 කරගන්න බැරිවුනු මෙයාල කොහොමද රජයක් කරන්නේ ? මෙයාලට පුළුවන් වැරදි ගැන කිය කියා ඉන්න විතරයි. වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 6ක් ගනීවි (බ)
89 වගේ ජල්ලි නටන්නද? (නදී)
ජේ වී පි එකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ලංකාවේ සරසවි වලට ගිය මිනිස්සුන්ගෙන් අහන්න. විකල්ප මත දරන්නන්ට පොලු පහර හෝ බයිසිකල් චේන් ප්‍රහාරය (නදී)
අතීතය අපිට තවම මතකයි (නි)
ශ්‍රී ලංකාවේ ජනතාවගේ බහුතරයකට නිතරම පිළුණු කෑම බුඳින එක ඇතිවෙන්නේ නැත. (නි)
ලක්ෂ 62න් 50 ක්වත් ඔබට මේ සැරේ ලැබෙනවා සත්තයි (නි)
දෙමු, නැතිවෙන්න දෙයක් නැහැ. ඇතිවෙනවා මිසක්. (නදී)
ඔයාලටත් බලය අාවහම ඔය සිල් රෙදි ටික ගලවලා නවගුණවැල පැත්තකින් තියල මහජනයාට ගේම දෙන්න ගන්නවා . 88 -89 කාලේ ඔයාලගේ රඟපෑම අපිට තවම අමතක නැහැ . ඔයාලගේ ලස්සන ආකර්ශනීය වචන වලට එදත් අපි රැවටුනා . (බ)
තාවකාලික පැලැස්තර යල්පැන ඇත (බ)
මේ පාර හැමෝම ජවිපෙ ගැනයි කතාකරන්නෙ. ජවිපෙට ජයවේවා (නි)
ඡන්දෙට මම ගෙදර එනවා. ජේවීපියට කතිරය ගහනවා. (නි)
තමන් පෝශනය වීම සඳහා දෙශපාලනය කරන පක්ෂයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ තවමත් අප හඳුනා ගෙන නැත. අප ඔවුන්ට අවස්තාවක් ලබා දිය යුත්තේ එම හේතුව නිසාවෙනි. යම් බලයක් පර්ලිමේන්තුවේ ඔවුන්ට ලබාදීම රටට වාසි දායකයි (නදී) හේතුවක් වනු අත .
තමන් පෝශනය වීම සඳහා දෙශපාලනය කරන පක්ෂයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ තවමත් අප හඳුනා ගෙන නැත. අප ඔවුන්ට අවශ්‍යතාවක් ලබා දිය යුත්තේ එම හේතුව නිසාවෙනි. යම් බලයක් පර්ලිමේන්තුවේ ඔවුන්ට ලබාදීම රටට වාසි දායක හේතුවක් වනු අැත. (නදී)
ලජ්ජා නැද්ද බලය හිඟාකන්න. 71 සහ 86 යේ විප්ලවයෙන් මියගිය සහෝදරයන්ට නිගා කරන්නද හදන්නේ ? (නදී)
දෙයි, දෙයි බලාගෙන ඉන්න..(නදී)
තවම ඔබල බහුතරයක විස්වාශය දිනා නැති නිසා ජන්ද ක්‍රමයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරිවේවි. (ම)
ජය පතමු නව ලොව සංවර්ධනයට හැකි එකම මඟ දුෂණයෙන් තොරව.(ම)
ජනතාවට බලාපොරොත්තුවක් තබාගන්ඩ පුලුවන් ජවිපේ ගැන පමණයි ඹබලාට ජයවේවා (නදී)
ඔය ප්‍රතිචාර දාන මල්ලිලා දන්න බබ්බුව. ට්‍රාන්ස්ෆොර්මර් පුච්චලා රටේ බස් පුච්චලා, කොල්ලෝ මරලා, කෙල්ලෝ මරලා 70 ඉහල සේරම මරනවා කිවා. මල්ලිලා ඔයාලගේ සීයාගෙන් අහලා බලන්න (නදී)
රට ගොඩ නැගීමට අදාල කාලීන දර්ශනයක් ඇති,ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සහ තරුණ ජවයක් ඇති,දූෂිතයන්,කුඩුකාරයන් ,ස්ත්‍රී දූෂකයන්,එතොනෝල කාරයන් නැති එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණි. මෙවර අපි ඔබ සමඟයි ජවිපෙට ජයවේවා (ම)
තාවකලිකව දුන්නොත් ඉවරයි හිනාමුසු මුහුණක් නැති මේ බොරු කාරයෝ හිට්ලර් වගේ රට පාලනය කරයි (නදී)
තාවකාලිකව දින 100 කට අරගෙන කරන හැටි පෙනෙනවානේ (නි)
මම නම් දෙනවා. ඡන්දෙට කලින් අර ලක්ෂ 25 ට මොකද කලේ කිව්වොත්. (නදී)
ලිද ළඟ සංගමේ මුල් තැන ! (ම)
බය වෙන්න එපා පිරිස් මහත්මය නව ලෝක තත්වයට අනුව කිසිම කෙනෙකුට බලෙන් ආණ්ඩු කරන්න බැහැ. ජනතා විරෝධි නම් අවුරුද්දක් වත් බලයේ ඉන්න බැහැ මිනිස්සු පාරට බැහැල ආණ්ඩු වෙනස් කරන යුගයක් මේක.(ම)