හොරොව්පොතාන ප‍්‍රාදේශීය ලේකම් ලෙස වංචනිකව පෙනී සිටිමින් දිවි නැගුම නිලධාරින් බඳවා ගන්නා බව පවසමින් තරුණියන්ට ව්‍යාජ සම්මුඛ පරික්ෂණයක් පැවැත්වූ බවට කැබිතිගොල්ලෑව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු මේ මස 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු කපිල දුෂාන්ත එපිටවෙල මහතා නියෝග කළේය.
එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඒ.කේ.බංඩාර මහතාට තවදුරටත් නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ. බී .තිලකරන්න මහතාට තවදුරටත් නියෝග කෙරිණ.
අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර.5 ඇල, ගල්වඩුවාගම ලිපිනයේ ආර්.එමි.නුවන් චාමර එසේ රිමාන්ඩ් කෙරුණු අතර හොරොව්පොතාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අලූතින් පත්ව ඒමට සිටින නව ප‍්‍රාදේශීය ලේකම්වරයා තමා බව පවසමින් මොහු මෙම වංචනික ක්‍රියාවේ නිරතවී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් වෙන්න සුදුසුකම් ලබා ගන්න උත්සාහ කරනවා වෙන්න ඇති! (අ)
ඒ ඉලන්දරියගේ මොලේ හොද නැතුව වෙන්න ඇති. (අ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අම්මෝ! මෙහෙමත් වංචාකාරයෝ ඉන්නවද? (නි)