ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් ක්‍රියාකරද්දී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීමෙන් රුපියල් කෝටි 39කට වඩා අලාභයක් කළැයි ප්‍රදීප් කාරියවසම්ට එරෙහි පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඉදිරියේ අද විභාගයට ගැණිනි.
අල්ලස් කොමිසමෙන් නඩුව පවරා ඇති හෙයින් රජයේ නීතිඥවරයකුට හෝ නීතිපතිට මේ නඩුවට පෙනී සිටිය නොහැකි බව කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් මහතා කීවේය. රජයේ නීතිඥ තුසිත මුදලිගේ මහතා ඊට එරෙහිව කරුණු දැක්විය. විත්තියේ විරෝධ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් දෙසැම්බර් 19 වැනි දාට නඩුව කල් තැබීය. එදිනට චෝදනා බාරදීමට නියමිතය. කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාය. ඔහු රුපියල් කෝටි දෙකක ඇපමත මුදා හැර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජාසනයේ ඔබ හිදුවා, ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ. (නි)
එතකොට මිහින් එයාර් ,විදුලිබල මණ්ඩලය ,හෙජින් ගනුදෙනුව -මුන් ඔක්කොම අකාර්යක්ෂම දේශපාලන හොරුන් නොවේද ? (නදී)
පලි ගැනීමට නීතිය පලිහක් කරගැනීම ඉතා අසාදාරණයි.(නදී)
මිහින් එයාර්, විදුලිබල මණ්ඩලය , තෙල් සංස්ථාව, හෙජින්, නොරොච්චෝලේ, නෙළුම් පොකුණ, මත්තල, වරාය ..... මේ සියල්ලෙන් රටට සිදුවුණ යහපත කුමක්ද? (නි)
නීතිය සැමට සමාන විය යුතුයි. එය මෙතුමාටත් ඒ වගේම දේශපාලන හොරුන්ටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි.(නදී)
දවසක ලංකාව සෝමාලියාව වගේ වෙයි. මොකද උගතුන් ලංකාව දාලා පිටරට යනවා. බුද්ධිගලනයට හේතුව උගතුන්ව කොන් කීරිමයි. (නි)
පළිගන්න නම් එපා ඔන්න (නි)
යාළුවෙලා හිටපු කාලේ කරපු හොර වැඩ වලට පලි ගන්නේ තරහ උනාම තමා .හිටපු අගවිනිසුරු තුමිය පබ ගාලේ පැටලුනේ මේ සිද්ධිය නිසායි. සැමියා නිසා ඇය හැම පැත්තෙන්ම කොටු උනා අන්තිමට සද්ද නැතුව ගියේ මේක නිසා නැත්තම් ඇයට ආපු අභියෝගවලට නොසැලී මුහුණ දෙනවා බය නැතුව.(නදී)