
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මහවැලි ගංඟාව පිටාර ගැලිම නිසා හානියට පත් වු පේරාදේණිය උද්භිද උද්‍යාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන අද( 05) සිට ආරම්භ විය.
පරිසර අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සහ “ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මුලික සම්බන්ධිකරණයෙන්” ශ්‍රම මෙහෙයුම් වැඩසටහන ක්‍රියාත්මකය.
ඒ අනුව අපිරිසිදු වු පරිශ්‍ර පිරිසිදු කිරීම, හානි වු මාර්ග යථා තත්වයට පත් කිරීම ඇතුලු ක්‍රියාකාරකම් රැසක් අද දිනයේ සිදු කෙරේ .
පැළ තවාන් සහ හරිතාගාර ආවරණවලට ජල ගැල්මෙන් දැඩි හානි සිදුව ඇති අතර කුඩා පැළ තවාන් රැසක් ද විනාශ වී තිබේ.
පින්නවල සත්වඋද්‍යානය, පල්ලේකැලේ රාජ්‍ය දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීහු සහ සේවක මණ්ඩලයේ විශාල පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී වී සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd