(ෂේන් සෙනෙවිරත්න) 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්රවයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර කොට ගත කොට සිටි විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා ඊයේ (22) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණ අතර එහිදී සිසුන් 06 දෙනෙකු හඳුනාගනු ලැබීය.

සිසුන් හදුනා ගැනීමේ පෙරට්ටුව හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න ඔහුගේ පුත් විදුර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු 06 දෙනකු පැමිණ සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ මූලික විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව අධිකරණයට දන්වා සිටියේය . සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කොට තිබුණි . 

හඳුනාගැනීමේ පෙරටුවෙන් අනතුරුව එම සිසුන් 12 දෙනා ජනවාරි මස 04 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි .

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු පේරාදෙණිය පොලීසිය මගින් සිදු සිදුකෙරුණ අතර පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කරනු ලැබීය .