පේරාදෙණිය දංගොල්ල හංදියේ පාරේ දමා ගොස් සිටි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක් කළ යුතු බව පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාර කුඩගම්මන මහතා කියයි.
දරුවා ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියමිත බවත් ඔහු පවසයි.
තම පවුලේ දරුවන් හතර දෙනකු සිටින බවත්, ස්වාමියා කුලී වැඩ කරන බවත්, නැති බැරි කම නිසා කටා හෝ හදා ගැනීමට දරුවා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් ලිපියක් දරුවා සිටි තැන තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
(වීඩියෝ චමිල් රූපසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ළමයාගේ අම්මා බයේ ඇත්තේ. (ර)
රැකබලා ගැනීමට නොහැකිනම් දරුවන් හදා නොගත්තානම් නේද හොද? මහමග දමා යාමට දරුවන් කල වරදක් නැහැනේ දරුවාගේ අම්මේ... (ර)
අපිට ගන්න බැරිද? මට ළමයි දෙන්නෙක් ඉන්නවා. (නි)
අසරණ අම්ම තත්ත දරුවන් හතරක් හදල පස්වැනි දරුවාව කුසදීම ගබ්සා කර හෝ වැසිකිලි වලට නොදැ මහමඟ දමා යන්න තරම් අසරණ කමට .මගේ අම්මට දරුවෝ 13 මම 11 වැනිය .මම එංගලන්තයේ වාසය කරන බැවින් මටත් මගේ මිතුරන් සමග එකතුවී ඔය දරුවාව හැගේ දෙමව්න්පියන් හට හට ගැනීමට මාසිකව උදව් කිරීමට හැකි බැවින් ලංකාදිපයන් ඔවුන් ගැන විමසා අපහට දැනුම් දෙන්න ස්තුති (අ)
මැන්චෙස්ටර් ඔබ ගැන කියාගන්න බැරි තරම් ආඩම්බරයි.. ඔබ වැනි මිනිසුන් අද සමාජයේ හොයා ගන්නවත් නැහැ..!!!! (බ)
මිනිස් ආත්මයක ඉපදීම ගැන බෞද්ධ සාහිත්‍යයේ කියවීම අනුව දරුවකු මහමග දමා යාම කෙසේ සාධාරණය කරන්නද? මැන්චෙස්ටර් ඔබගේ මිනිසත්කම ගැන ආඩම්බරයි. (ම)
දරුවාට හානියක් නොකර දරුවන් හදාගන්න අපහසුතා ඇති අයට එම දරුවන් බලා රැකගන්න රජයට හෝ ආයතනයකට බාරදිය හැකි අන්‍යතාවය සොයා නොබලන වැඩපිළිවෙලක් සකස් කරන්න. .(බ)