(ජේ.ඒ.එල්. ජයසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහටත් ඔහුගේ නිවෙසටත්  පවුලේ සාමාජිකයන්ටත් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයේ සිටි  සිසුන් 12 දෙනා ජනවාරි 4 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් වී නොමැති බව අපරාධ පරීක්ෂණ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. ඒ අනුව සැකකාර සිසුන් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළේය.