(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය සරසවියේ ආරම්භ කළ මනෝ උපදේශන සේවාවෙන් සහාය ලබා ගැනීම සඳහා මාස දෙකක් වැනි කාලයක දී සිසු සිසුවියන් 140 දෙනකු සේවය ලබාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී චන්දිමා හේරත් මහත්මිය පැවසුවාය.
මාස අටක් වැනි කාලයක් තුළදී පේරාදෙණිය සරසවි සිසුන් 04 දෙනකු සිවිදිවි නසා ගැනීම සැලකිල්ලට ගෙන මෙම මනෝ උපදේශන සේවාව ආරම්භ කළේය.
එම සිසුන්ගෙන් 10 %ක් පමණ රෝහල් ගත කර නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඉන් කිහිප දෙනකු බරපතළ විශාද තත්වයට පත්ව ජීවිතයට අනතුරක් කරගන්නා මට්ටමේ සිටි බව ද වෛද්‍යවරිය පැවසීය .
සිසුවකු ආතති තත්ත්වයට පත්වූ විට ඔහුට නිසි මගපෙන්වීමක් නොවුනහොත් විශාද තත්ත්වයට පත්ව ජීවිතේ පවා ඇතිකර ගැනීමට උත්සාහ කරන බවද වෛද්‍යවරිය පැවසීය .
ආතති හා විශාද තත්ත්වයට පත්ව වෛද්‍ය ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් නිවාඩුවට නිවෙස් කරා ආ විට ඔවුන් ගන්නා ඖෂධ නවතා දේවාල කෝවිල් කරා එම සිසුන් ගෙන යාමෙන් වළකින ලෙසත් අවශ්‍යම නම් එම ඖෂධ ලබා දෙන අතරතුර එවැනි ගුප්ත බලවේගවල පිහිට පතන ලෙසද වෛද්‍යවරිය මව්පියන්ගෙන් ඉල්ලා සිටි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd