සිසු පිරිසකගේ විරෝධය නිසා පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (20) එහි නොයයි.
කිසිදු දේශපානඥයකුට සරසවියට පැමිණීමට ඉඩ නොතබන බව පවසමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උදෑසන විරෝධතාවයක නිරත විය.
උපකුලපති හෝ ආචාර්ය මණ්ඩලයේ පිරිස නව ගොඩනැගිල්ල විවෘත කළ යුතු බවත් එයට දේශපාලනඥයින්ට සහභාගීවීමට ඉඩ නොතබන බවත් කියමින් මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය ගලහ මංසන්ධියේ විරෝධයක යෙදෙයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ වෙනත් දේශපාලනඥයකු එම උත්සවයට සහභාගීවන බවට තමන් දැනුම්වත් කර නොතිබූ බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්ලිව් ඈපාසිංහ, උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පරාක්‍රම රනේපුර, වෛද්‍ය පිඨයේ පිඨාධිපති වෛද්‍ය එම්.ඩී. ලමාවංශ, දන්ත වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය උපුල් දිසානායක සහ අනෙකුත් පීඨාධිපති වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨයේ අලුතින් ඉදි කළ පශ්චාත් වෛද්‍ය උපාධි ගොඩනැගිල්ල අද විවෘත කෙරිණි.
මෙම උත්සවය විවෘත කිරීමට ජනාධිපති හෝ කිසිදු දේශපාලනඥයෙක් සම්බන්ද වුවහොත් එය ට විරෝධය දැක්විම සඳහා සිසුහු ගලහ මංසන්දියේ සහ ඉංඡිනේරු පීඨය අසල රැස්වි සිටියහ. මහා ශිශ්‍ය සංගමයේ සභාපති ලසාන් අරුණ මහතා පැවසුයේ දැනට අධ්‍යන කටයුතු මාසයකට කලින් ආරම්භ කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමට යන බව හා නේවාසිකාගාර විවෘත කළද ඒවා තුළ මේස පුටු අාදි කිසිවක් නොමැතිව එය විවෘත කිරිමට යන බවයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ මෙම ගොඩනැගිලි මින් පෙර විවෘත නොකළ බවයි. නේවාසිකාගාරද සම්පුර්ණ කර ඇති බවත් ඕනෑම කෙනෙකුට එය නැරඹිය හැකි බවත් එ මහතා පවසයි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම එපා කියන්නේ ඇයි? (නි)
මෙතැන සමහරු 'මේවා මහින්ද හදාපු දේවල්' කිය කියා කෑගහන්නෙ හරියට මැදමූලනෙන් ගෙනාපු සල්ලි වලින් හැදුවා කියලා හිතාගෙන වෙන්න ඇති.මේවා හැදුවේ ජනතාවගේ බදුමුදලින්.දැන්වත් ඔය පවුල් ගැතිකම අතහරින්න. දියුණු මිනිස්සු වගේ හිතන්න. (නි)
සරසවියට යහපාලනය තිත්තද? (නි)
විශ්ව විද්‍යාලයට යහපාලනය ගෙනාවොත් මොකද වෙන්නේ කියලා ශිෂ්‍යයො දන්නවා (නි)
දැන් වෙනස තේරෙනවනේ? ඉස්සර දවසක් උසස් අධ්‍යාපන ඇමතිවරයෙකුට විරෝධය දක්වල වුන දේ මතකනේ? විරෝධය දක්වන්න දැන් ප්‍රජතාන්ත්‍රවාදී ඉඩක් (බ)
සිසුන් විරුද්ධ නම් ජනාධිපති තුමාට තියෙන්නේ නොගිහින් ඉන්න එකයි. (බ)
නොගිහින් හිටියහම හරිනේ. අපි ඒ ක්‍රමය රටට ඇති කරමු. ඉස්සර ගොඩනැගිල්ලට ලක්ෂ 100 නම් උත්සවයට 50යි. (නි)
රුකඩ නැටුම් නෑනේ (බ)
ඇත්ත. හදන්නේ කවුරුවත්. විවෘත කරන්නේ කවුරුවත්.මහින්ද මහත්තයා පටන්ගත් වැඩ නැවතිලා. (නි)
සරසවිය කියන්නෙ මහා ශිෂ්‍ය සංගමේ දේපලක් නෙමෙයි. මේකට විරුද්ධ වෙන්න සාධාරණ හේතුවක් නැත්නම් එ්කට බාධානොකර ඉන්න එක තමා හොඳ. (නි)
ජනාධිපතිතුමා උත්සවයට සහභාගි නොවන බව දැනුම් දුන්නේ කලින් දවසේ. ඒ බව දැන දැන අද උදෑසන කළ මේ විරෝධතාවය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවයි මගේ අදහස. (බ)
මමත් පේරාදෙණියේ සිසුවෙක්. පේරාදෙණියට දේශපාලඥයෝ ආවේ නෑ ආවේත් එස් බි විතරයි. ඒ ඇවිල්ලත් මතකනේ වුණ දේ. (ම)
මේ කරන්නේ ඉතින් මහින්ද හදපු ඒවා විවෘත කර කර යන එකනේ, නිකන් බොරු විගඩන්, පුළුවන් නම් හදල විවෘත කරන්නකෝ! මොනාද අඩු ගානේ මේ දින සීයය හදන්න මුල් ගලක්වත් තිබ්බේ? (ම)
සරසවිය කියන්නෙ මහා ශිෂ්‍ය සංගමේ දේපලක් නෙමෙයි. මේකට සාධාරණ හේතුවක් නැත්නම් එ්කට බාධා නොකර ඉන්න එක තමා හොඳ. (ම)
ඉගෙන ගන්න ගියානම් ඉගෙන ගනිල්ලා කාලකන්නි වෙන්නේ නැතුව මොනවා කළත් හොඳක් නැනේ දකින්නේ , අනික මේ කාගෙවත් පෞද්ගලික සල්ලි නෙමේ රටේ හැමෝගෙම සල්ලි (බ)
අනුන්ගේ කැම එක උදුරාගන්න වෘකයෝ වගේ අනුන් කරපු දෙවල් විවෘත කරන විදිහ ලජ්ජා නැතුව ලකුණු දාගන්න විදිහ හරිම අප්පිරියයි බලනත් පින්නවල එළිමහන් සත්තුවත්ත විවෘත කරලා ගියේ හරියට ගෙදරින් සල්ලි ගෙනල්ලා එ්ක කළා (බ)
ජනාධිපතිතුමාට පාඩු වෙයි. මහා ශිෂ්‍ය සංගමේ එවුන් වෙන උන්ගේ කාමර වල ගජේ ගෙන ඉන්නේ හෝල් හදල දෙනවටත් විරුද්ධයි (බ)