යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ ජනක බණ්ඩාර සිසුවාත් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසිත ප්‍රියංකර සිසුවාත් 2012 වසරේදී ඉඹුල්ගොඩ හන්දියේදී මිය යාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ලබාදෙන ලෙස ඉල්ලා අද (16) පේරාදෙණිය හා රුහුණ විශ්ව විද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් උද්ඝෝෂණ පැවැත්වූහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සිසුහු ගලහ මන්සන්ධියේදීත් රුහුණ විශ්ව විද්‍යාල සිසුහු ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදීත් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදුණහ.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සිසුවා ප්‍රකාශ කර සිටියේ පසු ගිය රජයෙන් ජනක සිසිත සිසුන් දෙදෙනා මිය යෑම රිය අනතුරක් බව හුවා දක්වා ඇති බවත් ශිෂ්‍ය මර්දනයේ ප්‍රතිපලයක් ලෙස එය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් ලෙස පෙනෙන බවත්ය.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ජායාරූප - අමිල මධුෂංක




![SAM_3084[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_30841.jpg)
![SAM_3090[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_30901.jpg)
![SAM_3103[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_31031.jpg)
![SAM_3105[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_31051.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට බැස්සේ මහා මාර්ග ඇමතිව හමු වෙන්න වෙන්න ඇති (අ)
මෙයාලට පාරේම ඉන්න කියලා අපේ පැත්තෙන් අහිංසක දුප්පත් ඉගෙන ගන්න ආසා දරුවෝ ටිකක් ඇතුලට යැවුවා නම් අහවරයි. (ම)
රටේ අනාගතය බාරගන්න ඉන්න වැදගත් ළමයි ටිකක් නේද මේ? (නි)