කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම හා ශිෂ්‍ය මර්දනයට විරෝධය පා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (16) ගලහ මංසන්දියේදී පැවැත්විණි.
මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ සිසුහුද අද මිහින්තලේ නගරයේ දී විරෝධතාවයක නිරත වූහ.
විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹී විරෝධතා පෙළපාළිය මිහින්තලේ නගරයට පැමිණි අතර නගරයේ වටරවුම ඉදිරිපිට දී සටන් පාඨ කියමින් සිසුහු උද්ඝෝෂණය කළහ.
යුක්තිය ඉල්ලා සටන් කළ සිසුන්ට ආණ්ඩුව පොලිසිය යොදා එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හෙළා දකින බව පවසමින් කැළණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (15) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - කිත්සිරි වනසිංහ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩෙන් මොවුන්ට රැකියා අවස්ථා නැතිවෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාල වල ළමයින්ට රැකියා වලට ලොකු අවස්ථාවක් ලැබෙනවා. (නි)
ශාන්, බස් එකකදීවත් කතානොකරන රටේ මිනිස්සු මේවාට විරෝධය එල්ල කරයිද? විකාර කියන්න එපා. (නි)
අම්මල තාත්තලා දුක්මහන්සිවෙලා වෙන්නේ මේවටද? අද කාලේ ළමයින්ට ගානක් නැහැ, පිස්සෝ වගේ (නි)
මේ කට්ටිය හැමදාම බැලුවොත් මහපාරේ බෝඩ් ලෑලි උස්සගෙන. දැන් තියෙන්නේ බස් නැවතුම් පොළවල් ටිකක් ලොකුකරලා හදලා එතන ඉගෙනගන්න හදලා දෙන්න. එතකොට පාරෙමනේ ඉන්නේ. මේ අය හිතාගෙන ඉන්නේ ලංකාව ඇමරිකාව කියලා (නි)
මෙතන අදහස් දාන අය නිදහස් අධ්‍යාපනයෙන් අකුරක්වත්වත් ඉගෙනගෙන නැද්ද? නිදහස් අධ්‍යාපනය කියන්නේ පාරට බැහැලා උද්ඝෝෂණ කරන එකද? නවකවදය දෙන එක නිදහස් අධ්‍යාපනයද? අපි නිදහස් අධ්‍යාපනය ලැබූ නිසයි කියන්නේ අනික් ළමයින්ට නිදහසේ අධ්‍යාපනය කරන්න ඉඩදෙන්න කියලා. (නි)
මෙයාලා දන්න ලොකුම දක්ෂකම මේකනේ (නි)
රටේ නීතිය ක්‍රියාත්මක වීම ශිෂ්‍ය මර්දනය කියලා අර්ථ කථනය කළාට වැඩක් නැහැ. අන්තරේ විකෘති කාම ලෙඩ්ඩු පොස්ටර් දීලා බලෙන් අනික් ළමයින්ව විරෝධතා වලට ගෙන බව ඔය සමහර ළමයි මූණ වහගෙන යන පින්තූර වලින් සනාත වෙනවා. විශ්ව විද්‍යාල පාලකයෝත් මේවාට වග කිව යුතුයි, කොන්ද පණ ඇති බලධාරීන් උප කුලපති විදිහට පත් කළ යුතුයි. පාන්කඩ උප කුලපතිලා ගෙදර යැවිය යුතුයි. අන්තරේ හාල්පාරුවෝ ඇතිකරගෙන ඇති බලහත්කාරය මර්දනය කළ යුතුයි. (බ)
ඇතුළෙදි ජේ.වී.පී. එලියට ගියාම යූ.එන්.පී. (බ)
ගිය ආත්මයේ හරක් වෙලා ඉපදුණු අය මේ ආත්මයේ මනුස්ස ආත්මය ලැබුවහම මේවගේ වැඩ කරන්න සිදුවෙනවා (බ)
මෙතන අදහස් දාන අය නිදහස් අධ්‍යපනයෙන් අකුරක්වත් වත් ඉගෙනගෙන නැද්ද ? (ර)
දැන් රටේ නීතිය වෙන්න ඕන මේ අය කියන දේද? (ර)
මේවැනි අය තමයි අනාගතයේදී රටහදන්න ඉන්නේ. (ර)
නිකම් දෙන දේ අගයක් නැහැ කියන එක සිද්ධාන්ත සත්‍යයක්. දියුණු රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බර වියදමක් දරන්න ඕන. ශිෂ්‍යයෝ ඉගෙනගන්නේ රජයෙන් හෝ බැංකුවලින් ණය අරගෙන. ඒ අතරේ පිගන් හෝදනවා, කැෂියර් වැඩ කරනවා, පිරිසිදු කිරීමේ වැඩ කරනවා. ඔවුන්ට රැකියා ලබනතුරු ඒක ලැබුනා වුනත් ඔවුන් ඉගෙනගෙන රැකියා කරන්නයි උත්සාහ කරන්නේ. අපි? අපි මෙතනින් කොහොම හරි පිටවෙලා රැකියා දියව් කියලා ඊ ළඟට පෙළපාලි යනවා. ලංකාවේ විශ්ව විද්‍යාලවල පාඨමාලා මිල කර ඒ ගාස්තුවෙන් අඩු ගණනේ 10% වත් අය කර ඉගැන්විය යුතුයි. (ර)
උගන්වපු දේ ගත්ත හින්දා උගත් කිවුවත් ඇත්තටම මේ අයට බුද්ධිය නැහැ.මේ කරන්නේ මානසික ලෙඩ්ඩුන්ගේ නවක වදය අනුමත කිරීම සහ බංකොලොත් දේශපාලන ඉත්තන්ගේ අදහස් ක්‍රියාවට නැංවීමයි.මේ අයට දඬුවම් දෙන්න ඕනේ මේ අයගේ දෙමවුපියන්මයි.(හේ)
අනෙක් රටවල සරසවි සිසුන් තමන්ගේ මුදලින් දුකසේ ඉගෙන ගෙන වයස 22 වෙනකොට උපාධිය ගන්නවා. මෙහෙ 40පනිනකම් පෙළපාලි උද්ගොෂණයේ. (ර)
අත් අඩංගුවට ගත්තේ රටේ නීතිය උල්ලංගනය කල නිසානේ. විරෝධතාවයට කලින් අධිකරණ තීන්දුවක් දීල තිබුනනේ නොකරන්න ඕන දේවල් ගැන. ඒවා කඩකළ නිසා අත්අඩංගුවට ගත්තම ශිෂ්‍ය මර්දනය කියන්නේ කොහොමද? (ර)
ඉල්ලීමක් දිනා ගන්න නම් පාරට බහින්න වෙනවා. ජීවිතේට අනුන් වෙනුවෙන් දෙයක් නොකරපු අයට ඕවා තේරෙන්නේ නෑ.... ඒ අයට පුළුවන් අනිත් අය කරන දේවල් විවේචනය කරන්න විතරයි... හැබැයි මොනවා හරි දිනලා දුන්නොත් ඒවා බුක්ති විදිනවා. (ර)
අනිත් අයට වද දීපු අය අත්අඩංගුවට ගැනීම ශිෂ්‍ය මර්දනයක් වෙන්නේ කොහොමද ? (ර)
ඔක්කොම කැම්පස් එකතු උනත්, අපිට මොකද.? (ර)
වැඩි පිරිසක් ළමයි අකමැත්තෙන් ආ බව මූනුවලින් පෙනෙනවා. (ර)
රණතුංග මහතා සමග 100% එකග වෙමි. පේරාදෙණිය පළමු වසර ඉන්න මගේ දරුවත් මේවට යන්නේ බයට ගියේ නැත්නම් මානසිකව හා කායික හිංසා කරන නිසා. (ර)
මේ අයට පාරට බහින්න හේතුවක් විතරයි ඕනී. (ර)
රටේ මිනිස්සුන්ගෙ විරෝධය එල්ලවෙන දවස ලගයි වගේ... (ර)
එළව එළවා පහර දිය යුතු වේ (බ)
ළමයිනේ ඔබගේ අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාම විරුද්ධ බව දැන්වත් දැනගන්න. ඔය කරන වැඩෙන් වෙන්නේ, රැකියාවක් කරන්න තියෙන කාලය නැතිවන එක. (ර)
විනයක් නැති රට හා ශිෂ්‍ය අධ්‍යාපනය කාදමන පිරිසක්, දේශපාලකයෝ දරුවන් නොමග යවන එකට ප්‍රතිකර්මයක් නැද්ද? (හේ)
මේ ළමයින්ට වෙන වැඩක් නැද්ද?(හේ)
ඉගෙන ගන්න පුළුවන් වේවිද ..(හේ)
රටේ අනාගත අධ්‍යාපන ක්ෂේත්‍රය අවුල්සහගත බව පෙනෙනවා (නි)
විශ්වවිද්‍යාලවල තත්වය දන්නේ නැතිව සුරගන කතා කියන්නෙපා අධ්‍යාපනය පුද්ගලිකරණය කළොත් කොහොමද ළමුයි ඉගනගන්නේ හැමෝටම ජාත්‍යන්තර පාසල් යන්න පුලුවන්ද? (බ)
අනේ අම්මපා මේ වගේ පිරිසක්! (නි)
කරුණාකර උසස් අධ්‍යාපනයට යම් මුදලක් අයකරන්න පටන්ගන්න. ගෙදරින් තේ කෝප්පයේ ඉඳලා අතටම ලැබිලා කරදඬු උස්වුණාට පසුවවත් තමන්ගෙන් රටට වැඩක් තියෙන්න ඕනෑ කියලා හිතන්නේ නැහැ. ඊළඟට රැකියාවට ගියා විතරයි එතන පිස්සු නටන්න පටන් ගන්නවා. ඇයි පුරුද්ද, ඉල්ලලා නිකම් ලබා ගැනීමනේ. (නි)
මෙතන හිතන පතන විදිහට ඉස්සර මිනිස්සුත්/තරුණයනුත් හිතුවනම් මේ වෙනකොට නිදහස් අධ්‍යාපනයක් අපේ දේශප්‍රේමි පාලකයන් විසින් වළ පල්ලට අරගෙන ගිහින්. (බ)
මම පේරාදෙණිය උපාධිකාරයෙක්. මේ ළමයි හුගක් බයට යන්නේ. කීපදෙනෙක් තිරෙන් පිටිපස්සේ ඉඳලයි බහුතරය කඩේ අරින්නේ. (නි)
මේගොල්ලන්ගෙ බොරු විප්ලව. ඕක තියෙන්නෙ අැතුළෙ ඉන්න අවුරුදු හතර පහට විතරයි. එහෙම නොවුණා නම් අද ලංකාව කොමියුනිස්ට් රටක්. (නි)
මිහින්තලේ වගේ කැලෑ පළාත්වල කොච්චර කළත් කමක් නැහැ. මහජනයාට අවහිර වෙන විදිහට හැසිරෙන්න එපා. මිනිස්සු පොලු අතට ගනීවි (බ)
උපාලි කියන දේ ඇත්ත .එදා ඉඳලා ලංකාවේ විශ්ව විද්‍යාල වල ළමයි නිකම් දෙන දෙයක අගය දන්නේ නැහැ (බ)
දරුවනේ, ඔබ මේ තැනට ආවේ හුඟාක් දුක් මහන්සිවෙලා. ඉතින් එවැනිම වූ තවත් කෙනෙකුට කරන හිරිහැර වලින් ඔබ ලබන සන්තෝෂය මොකක්ද? ඔබ සැමදෙනාම යහපත් දරුවන් කරන්න ඔබේ දෙමව්පියන් මොනතරම් දුක් විඳිනවද? ඒ අසරණ දෙමාපියන්ට නින්දා නොකර ආ වැඩේ කරගෙන ඔතනින් එළියට ගිහින් නුවණින් ලෝකය දකින්න. තමන්ගේ තරුණ ජීවිතය නිකරුනේ නාස්ති කරගන්න එපා. (නි)
ලංකාවේ උසස් අධ්‍යාපනේ කියන්නේ පට්ටපල් බොරුවක්. ලංකාවේ ඉගෙනගත්තාට කරන්න දේකුත් නැහැ, ඉගෙනගත්ත එකා කරපු දේකුත් නැහැ (නි)
මේ ළමයින් වයස 18 ඉක්මවුවාට, ඡන්ද බලය හිමිකරගත්තාට මොකද, මහජන මුදලින් අධ්‍යාපනය ලබන සිසුන් බව නොවැටහීම හෝ කාගේ හෝ නොමඟ යැවීමකට අනුව වටහාගැනීමට අපොහොසත්වීම රටෙත් ජාතියේත් අභාග්‍යයක්. එක අතකින් රටේ නීතියට අවමන් කිරීමක්. තව අවුරුදු තිහකින් තිස් පහකින් තම තමන්ගේ මේ වයසේ දුපුතුන් විශ්ව විද්‍යාලවලට ඇතුළුවී මෙවැනි ක්‍රියාවන්හි යෙදෙනවිටවත් මෙහි බරපතලකම තේරුම් යයිද කියන එකත් සැකයි. (නි)
මොවුන්ද උගත් යැයි කියන්නේ? ඔය විශ්ව විද්‍යාල වහලා දමන්න. ඔවුන්ට ඕනෑදෙයක් කරගන්න කියන්න. (නි)
ගහල එළවන්න ඕනෑ තමයි මේ වගේ අය. ඉගෙනගන්න කෙනෙකුට ඉගෙනගන්නත් නැහැ මේ සංගම් වල ඉන්න ඉත්තෝ හින්දා, දෙමවුපියන්ගේ මුදලුයි, බලාපොරොත්තුයි, ආණ්ඩුවේ සල්ලි හා තමන්ගේ කාලයයි නාස්ති වෙනවා කියලාවත් තේරෙන්නේ නැද්ද උගත් කියලා හිතන මේ ළමයින්ට? (නි)
දෙමව්පියන්ගේ මුදල් කාබාසිනියා කරමින් රටේ මුදලුත් කමින් ඔය කරන වැඩ වලට ලැබෙන ශාපයම ඇති රස්සාවක් නැතුව නාකි වෙන්න (නි)
ආණ්ඩුවේ සරසවි යන සමහර අය නිසා මුළු විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරපුරම අපකීර්තියට ලක්වෙනවා. ගොඩක් කට්ටිය වැඩක් නැති උපාධි රටේ වියදෙමෙන් හදාරලා අන්තිමට රටටම බරක් වෙනවා. රටේ ආර්ථික දියුණුවට අදාළ නැති සියලුම උපාධි නොමිලේ ඉගැන්වීම නතර කරලා අත්‍යවශ්‍ය දේවල් පමණක් රජයේ සරසවි වල උගන්නන්න. (නි)