ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් මෙරට පළමු වරට නිෂ්පාදිත උසස් තත්වයේ ඇන්තුරියම් හා ඕකිඩ් ප්‍රභේද සහ ලංකාව ට ආවේණික වු කිරීටා වර්ගයේ බඳුන් ගත මල් ප්‍රභේද වර්ග රැසක් හඳුන්වා ඇති බවත් ඒවා වගාකරුවන්ට පේරාදෙණි උද්භිද උද්‍යානයේ ලබා ගත හැකි බව ඡාතික උද්භිද උද්්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡනරාල් ඩි.එච්.පි.පෙරමුනගම මහතා පවසයි.
1970 සිට ශ්‍රී ලංකාවේ වගා කරන සියලුම ඇන්තුරියම් 90% ක් පමණ ද ඕකීඩ් වර්ගද විදේශ රටවල් වලට ආවේනික වු ප්‍රභේද දෙමුහුන් කර සාදා ගත් බවත් නමුත් මීට වසර 5 ට පමණ පෙර සිට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙරට කැපු මල් සඳහා ඇන්තුරියම් ප්‍රභේද 30ක්ද බදුන් ගත කළ හැකි ප්‍රභේද 30 ක්ද ඕකීඩ් වර්ග 6 ක් ද මෙරටට ආවේනික වු කිරිටා වර්ගයේ ශාකයක් ප්‍රථම වතාවට හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරක අධ්‍යක්ෂිකා ආචාර්ය ෂෙලෝමි ක්‍රිස්නරාජා මහත්මිය පැවැසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුගේ ඒ මල අායිත් පිපෙන්නේ නැහැ මැලවිලා ඉවරයි. (බ)
මුළු දිවයින පුරාම පැතිරී පවතින දේශීය මල් වර්ග අප්‍රමාණයි. මෙම මල් ප්‍රභේද දෙමුහුන් කර සුවිශේෂී මල් සාදා ගත හැක. එමගින් විදේශ වෙළඳපොළට එක්වීමෙන් විශාල ආදායමක් ලබා ගත හැක. අපේ කාන්තාවන් වහල් සේවයට යොදවනවාට වඩා මෙවැනි දේ හඳුන්වා දෙමින් දිරි ගැන්වීම කෙතරම් අගේද? (ම)
සෑම හෙමන්තයකදීම පේරාදෙණියට අලුත් මල් පැමිණෙනවා. සුළු නවක වදයක් දී එම මල් නෙලාගන්න අපි සැදී පැහැදී සිටි ඒ කාලය ඉතාමත්ම සුන්දරයි. (ර)
චන්ද්‍රිකා මැතිනිය නමිනුත් මලක් තියෙනවා! (බ)
ධර්ම ජයවික්‍රම, නිකන් බයිලා ගහන්න එපා. විදේශ ගත අපේ සෙනග රටට එවන සල්ලි වලින් 5% වත් මල් පිටරට ඇරලා හොයන්න බෑ. ඔයා නිකන් ගුවනේ ඉඳන් කතාකරන්නේ. බලන්න ලංකාවේ මොනම හෝ කර්මාන්තයක් කරලා පිටරට අරින්න. එකට පොලු 100 දාය්. අපිට නිෂ්පාදන විදේශ ගතකරන්න හරියට ගුවන් සේවයක් තියෙනවද? එළවලු ටිකත් ලැබෙන්නේ පිටරටට; කුණුවෙලා මැලවිලා. (බ)