IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පේරාදෙණි කලා ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන  කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි.

 



අදහස් (10)

පේරාදෙණි කලා ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Sunil Wednesday, 14 December 2022 08:03 AM

මේ මස් වැද්දන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න දරන ශ්‍රමයත් අපතේ.

:       6       29

Perera Wednesday, 14 December 2022 08:20 AM

නොමිලේ උගන්වනකොට එකේ අගයක් නැහැ. ගෙවලා ඉගෙනගන්න වුනානම් යස අගේට ඉගෙනීම් කටයුතු කරාවි මදාවිකම් පැත්තක තියලා.

:       6       38

jayasekaraWednesday, 14 December 2022 10:35 AM

නියම අදහස... ඊට පස්සේ ස්ට්‍රයික් කරයි. නිදහස් අධ්‍යාපනය වික්කා කියලා.

:       1       12

SanthuWednesday, 14 December 2022 12:29 PM

විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදීම, මෙවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, ඒ අයගේ ශිෂ්‍ය භාවයද සම්පූර්ණයෙන්ම අවලංගු කරන බවත් අනිවාර්‍යකර ගිවිසුම් සෑදිය යුතුයි.

:       0       10

සෝමවීර Wednesday, 14 December 2022 12:45 PM

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය ඇතිකිරීමට පෙර විශ්ව විද්‍යාලවල ඉගෙනීමට බැංකු හරහා ණය දුන්නා. උපාධිය ලබා රැකියාවක් ලැබුණාට පසුව එම මුදල් වැටුපෙන් අයකර ගත්තා. ඉතින් සිසුන් මෙහෙම හැසිරුනේ නැහැ. මට හිතෙනවා එහෙම තිබුණා නම් හොඳයි කියලා. නමුත් ලලිත් මැතිතුමා දරුවන්ට දැක්වූ අනුකම්පාව දැන් භූමිකම්පාවක් වගේ කියලා හිතෙනවා. එහෙම කියන්නේ එතුමාට අපහාසයක් කරන්න නොවෙයි... සමහරක් සිසුන් එතුමගේ නම ගොඩනැගිල්ලකට යෙදීමට ගිය අවස්ථාවේ කාලකණ්ණි ටිකක් ඒකට විරුද්ධව හිටියා කියලා අහන්න ලැබුණු නිසා...

:       0       6

පාටලී Wednesday, 14 December 2022 10:29 AM

උන් යන්නෙ කුමාර් ගුනරත්නම් සහ අනුර කුමාර ගෙ දේශන වලට ඵ් ඇති උන්ට. අහින්සක ඡනතාවගෙ බදු මුදල් විනාශ කරන්නෙ.

:       4       18

ලුම්බිණි Wednesday, 14 December 2022 10:40 AM

විශ්ව විද්‍යාල වල පිරිහීම පටන් ගත්තේ 1970න් පස්සේ.

:       3       8

LallaWednesday, 14 December 2022 11:17 AM

1956 න් පස්සේ. ලංකාව පිරිහීම පටන්ගත්තේ ඊනියා බොරු පංචමහා බලවේගය නිර්මාණය කර රට රවටා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියල අටවගත්ත බොරුව නිසා. අද පේනව නේද සඟ ගුරු කම්කරු බලවේග රටට කරන විනාශය. විනයක් නැති පරපුර සියල්ල විකුණාගෙන කන මානසිකත්වය. අසාර්ථක ජනසතු ව්‍යාපාර.... පිරිහුන දේශපාලනයට යටවූ පන්සල......

:       3       8

kamal Wednesday, 14 December 2022 11:06 AM

එල කිරි. අඩන්න හිටිය එකාගේ ඇහැට ඇන්නා නේද? දැන් මේ සිද්ධියට සැකකරන සිසුන් පොලිසියෙන් අත් අඩංගුවට ගත්තානේ. එතන කිසිම ඇමති කෙනෙකුගේ ලමයකුත් නැතිනම් පොලිසිය වැඩේ කරාවි. දැන් මේ වැඩ වර්ජනේනෙන් දඩුවම් කරන්නේ මේ තඩි බෑමට සම්බන්ද නොවුණු ළමයිට නේද? ඒකියන්න සම්බන්ද නොවුනාට දඬුවමක්ද මේක? මුන් ඉන්නේ කොයි වේලාවේද වැඩ නොකර කර අරින්නේ කියලා බලා ගෙනයි.

:       11       3

Geeth Wednesday, 14 December 2022 12:24 PM

සරසවි සිසුන් විසින් මීට පෙර අවස්ථා වලත් සරසවි ඇදුරන්ට යම් අඩන්තේට්ටම් කරලා තිබුණා. ඒ වගේ අවස්ථා වලත් ඔය විදියට ආචාර්යවරු එකතු වෙලා ක්‍රියාමාර්ග ගත්තා නම් මේ අයට ඕනෑ විදියට නටන්න වෙන එකක් නෑ...!

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site