යාපනය, තෙලිප්පලෙයි,කුරුම්බන්සෙට්ටියේ ළිඳකින් විවිධ වර්ගයේ බෝම්බ 160 ක්,පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ තොගයක් සොයාගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි.පැරදී පලා ගිය කොටි මේ අවි ළිඳට දමන්නට ඇති බව කියති.
ආර්.පි.ජි උණ්ඩ 51 ක්, මිලිමිටර 60 මෝටාර් උණ්ඩ 28 ක්, මිලිමීටර 60 ප්‍රමාණයේ ග්‍රේනඩ් ලෝන්චර් 66 ක්, මිලිමීටර 81 මෝටාර් උණ්ඩ 6 ක්, මිලිමීටර 60 මෝටාර් බෝම්බ 7 ක්, මිලිමීටර 81 මෝටාර් ෆියුස් 15 ක්, ආර්.පි.ජි. ගිනිඅවි ෆියුස් 30 ක්, ජි.පි.එම්.ජි ගිනි අවි උණ්ඩ 1600 ක් හා මිලිමීටර 106 හදුනානොගත් බෝම්බ දෙකක් එහි තිබිණි.ඒ සියල්ල දිරාපත් වී තිබිණි.
ආයුධ තොගය පිළිබඳ යාපනය මල්ලාකම් අධිකරණය වෙත දැණුම් දීමෙන් අනතුරුව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඒවා පුහු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඔය වගේ ගොඩක් අවි ඇති.(හේ)