ජාත්‍යන්තරය ඉදිරියේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා තවත් ඇමරිකා සමාගමක සහය ලබාගැනීමට රජය කටයුතු කර තිබේ.
ඇමරිකාවේ වොෂිංටන් නුවර පාදක කරගෙන කි‍්‍රයාත්මක වන සමාගම් සමූහයක් වන ලිබර්ටි ජාත්‍යන්තරය හා රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුමක් අනුව ලිබර්ටි ජාත්‍යන්තරයේ හවුල්කාර සමාගමක් වන ‘‘ලෙව්ක්‘‘ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කේන්ද්‍ර වන පරිදි ශී‍්‍ර ලංකාව පිළිබඳ යහපත් ප‍්‍රතිරූපයක් ගොඩගැනීම සඳහා වන වැඩසටහන් දියත් කිරීමට නියමිතය.
දශක 3 ක බිහිසුණු සිවිල් යුද්ධයකට මුහුණදුන්නද ඉතා කෙටි කාලයකදී ශී‍්‍රලංකාව ලබා ඇති ප‍්‍රගතියත්,ලොව අංක එකේ ත‍්‍රස්ත සංවිධානයක් පරාජය කර පෙන්වූ දක්ෂතාවයත්,ශී‍්‍ර ලංකාව හා ඇමරිකාව අතර තව තවත් ආයෝජන හා වෙළඳ සබඳතා ගොඩනගා ගැනීමට ඇති ඉඩකඩත් ආදී කරුණු පදනම් කරගෙන මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙන බව ලෙවික් හි ප‍්‍රධානී මාර්ක් අයිරියන් කර ඇති ප‍්‍රකාශයක දැක්වේ.
ඇමරිකා මාධ්‍ය හා ඇමරිකා රාජ්‍ය නිළධාරීන් ශී‍්‍ර ලංකාව ගැන දැනට දරන මතය වෙනස් කිරීම මෙම වැඩසටහන් වල අරමුණයි.
මේ කටයුතු සම්බන්ධයෙන් ලිබර්ටි ජාත්‍යන්තරය හා පසුගිය අගෝස්තු මාසයේ රජය අත්සන් කළ ගිවිසුම එළැඹෙන වසරේ ජූලි මස අගදී අවසන් වන අතර එහි වටිනාකම ඩොලර් හත්ලක්ශ හැටදහසකි.මීට අමතරව ලෙව්ක් සමාගම වෙත මාස්පතා වෙනම ඩොලර් හැටදහසක මුදලක්ද ගෙවීමට රජයට සිදුවේ.
අන්තර්ජාතික තලයේ,විශේෂයෙන් ඇමරිකාවේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගීමට රජය දැනට ඇමරිකා සමාගම් 8 කගේ සහය ලබාගෙන ඇත.
මෙලෙස ජාත්‍යන්තර සමාගම් වල සහය පැතීමට රජයට සිදුව ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් සිදුව ඇතැයි ඇමරිකාව හා බටහිර රටවල් නැගූ චෝදනාවත්,එයට පිළියම් ලෙස ඔවුන් ඉදිරිපත් කළ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවත් කවුන්සිලයේ වැඩි ඡුන්දයෙන් සම්මත වී ශී‍්‍ර ලංකාවේ නාමයට කැළලක් එක්කළ නිසාය.
ඇතැම් බටහිර මාධ්‍ය නොනවත්වාම විවිධ චිත‍්‍රපට හා වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කරමින් විවිධ කරුණු ගෙනහැර පාමින් දිගින් දිගටම ශී‍්‍රලංකා ආරක්ෂක අංශ හා රජය විවේචනය කිරීමේ යෙදීම හා ඊට ප‍්‍රතිචාර දැක්වීමට රජයේවූ ප‍්‍රමාදයද තත්ත්වය තවත් බරපතළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ කැපවීම නිසා යුද්දේ දිනුවා මිසක් ජාත්‍යන්තරය කළමනා කිරීම අතින් රජය පරාජිතය් කියලා සමහරු කියන කතාව ඇත්තක් වද්ද? (බ)
ජයසේකර මහත්තයෝ, ඔය කියන අය ළංකර ගත්තේ කවුද? ඉතින් වැරැද්ද කාගේද? (නි)
මේවා සිදුවිය යුත්තේ රාජධුත සේවෙන් මිසක් කොන්ත්‍රාත් කාරයින්ගෙන් නෙමෙයි. තානාපතිසේවයට දේසපාලන හෙන්චයියලාට පත්වීම් දුන්නනම් අතින් කයිස් කර ගන්න වෙනවා . අනේ අපේ අර මැදපෙරදිග දුක්විඳින මිනිස්සු හොයා දෙන විදෙස විනිමය ආපසු යන දිහාව , යන හැටි ....(බ)
රජයේ විදේශ ප්‍රතිපත්ති වල විශාල දුර්වල තැන් තියෙනවා. රජයේ දුර්වල ස්ථානවලට ප්‍රහාර එල්ල වෙනකොට රට තුල වෙන මතයක් ගොඩ නගමින් ජනතාව මුලා කර පටු දේශපාලන වාසි ගන්නවා. මෙයට ප්‍රදාන හේතුව විෂය නොදන්නා මෝඩ ඇමතිවරු රැලක් ජනාදිපති තුමා ලංකර ගෙන සිටීමයි. (නදී)
අපේ මිනිසුන් හැමදාම ඉදගන්නේ මොලේ උඩ..ඒක නිසා, යහපත්දේ ගැන සිතාබලන්න ගොඩාක් කල් යනවා වගේම..භුද්ධි මත්ව සිතන්න ඉඩක් නැතිවීම නිසා අසරණයෝ හැමදාම රටේ පාන් කකා .වතුර බිබී, ලෝක බැංකුවලින් ගන්නා නය ගෙවනවා...? ඇත්තටම අපේ රටේ පාර්ලිමේන්තුවට බැරිද හැම ඇමති මන්ත්‍රී කෙනෙකුටම පඩිය 25000,ක් කරන්න ..කිසිම දීමනාවක් නොගෙවා ..තම වියදමින් පාර්ලිමේන්තුවට යාම , ඒ ම, තම වාහනය පමණක් පාවිච්චිය, නිල නිවාස ලබා නොදීම, එවැනි දේ සදහා මාසිකව රජයට කුලී ගෙවීම ..මාව රටේ ජනාධිපති උනානම් ඒක දවසකට .මම මේ කියපුවා තමයි ඉස්සරලම ක්‍රියාත්මක කරන්නේ,??මම රට වැසියාට සේවය කරන්නේ පඩියක්ද නොලබා.!!එහෙනම් ඔය කියන ආශ්චර්ය අපිට ඒක මාස හයෙන් ලගාවෙනවා ..දෙවියන්පල්ලා ...!!! (බ)
මේ නිවෙස් ඒක ඇමරිකාවේ ඩේලි නිව්ස් වල පල උනාම ...?? (බ)
සමහරවිට සුදුකොඩි කතාව නිසා ඒ රටවල් අපෙන් ඈත්වුණා කියලා හිතන්න පුළුවන් (නි)
ඇමරිකාවේ හුඟක් අය ලංකාව කිව්වට දන්නේ නැහැ. ලංකාවේ මිනිසුන්ට කවදා මේවා තේරෙයිද? (නි)
මේකට හේතුව විදියට මම නම් දකින්නේ විදේශ සේවාවේ හිටි උගත් අය ඉවත්කළ එකයි. දැන් වෙන වෙන ක්‍රම හොයනවා. (නි)
පසුගිය දේවල් අමතක කරලා අපේ මව්බිමේ ප්‍රතිරූපය රැකගන්නත් එහි දියුණුවට වැඩකිරීමත්, අතහිතදීමත්,ලක් මවගේ දරුවන් ලෙස ලෝකයේ මොනරටක ජීවත්වුවත් අපගේ වගකීමයි, යුතුකමයි. (නි)
නිශාන්ත-ඇමෙරිකාව, අනේ ඕවා කියන්න කොණ්ඩය බැඳපු චීනුන්ට. ඔහෙලා වගේ අය තමයි ලංකාව ගැන නොදන්නේ. අපි ඉතින් මෝඩයෝනේ! ඔබතුමන්ලාට බැරියෑ ලංකාව ගැන සුද්දන්ට කියලා දෙන්න. (නි)
ගෙදර අනාගන්නවා. විදේශ සේවාවට සම්බන්ධ ප්‍රධානියෙකු හිතා මතාම ලංකාව අපහසු තාවයකට පත් කරන්න වැඩ කරලා ඊට පස්සේ රජයටම උපදෙස් දෙනවා ප්‍රතිරූප නංවන බටහිර රටවල මෙවැනි සමාගම් වලට කියල පමණයි මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් කියා. අපට හැඟෙන විධියට මේ මුදලෙනුත් ප්‍රතිශතයක් අපේ ඔය කියන ඊනියා පණ්ඩිතයෝ යටි මඩි ගහගන්නවා. ලංකාවට හෙන ගැහුවත් ඒ අයට ගානක් නැහැ. (නදී)
දැන් එතකොට අපේ රටෙන් තානාපතිවරු පිටරට වලට යවලා තියෙන්නේ මොකටද? මේ සෝබන වැඩ වලට කරන වියදම් වලින් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ලැබෙන්නේ පිරිසකට විතරයි. (නි)