ලැබු ප්‍රතිඵල පිලිබදව සෑහිමකට පත් නොවුවවද සිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදුව නැතැයි පලාත්සභා ඡන්ද ප්‍රතිඵල පිලිබදව කතා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා එසෑණ සමග පෑවසීය.සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය තුන්වෙනි බලවේගය බවට පත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉන් පහළටත් ඇද වැටිම ගැන එසෑණ කල විමසුමට සෝමවංශ මහතා මෙසේ කීය.
එක,දෙක,තුන අංක අනුව නොවෙයි අපි දේශපාලනය කරන්නේ. රටේ තිබෙන පක්ෂ අතර විනයක් හා හොදම සංවිධාන ශක්තියක් ඈති එකම පක්ෂය අපේ පක්ෂය්යි. ඔබ සදහන් කරපු පක්ෂය විකල්ප පක්ෂයක් හෑටියටයි අපි දකින්නේ. අන්න එවැනි විකල්ප පක්ෂ එකට එකතු වු දවසට තමයි මේ රජයේ ඈද වෑටිම සිදුවෙන්නේ බෙබදු කම, සුදුව ගනිකා වෘත්තිය මේ රට විනාශ වෙලා, ණය ණය ණය හෑම අතින්ම ණය වෙනවා. මේ ණය කොහොමද ගෙවන්නේ? යන විදියට නියත වශයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටෙනවා.
ඒක ස්ථිරයි. අවුරුදු 30ක් ලෝක බලවතා එක්ක යුද්ධ කරපු වියට්නාමය අද සීග්‍ර ආර්ථික දියුණුවක් ලබමින් පවතිනවා. චිනය උත්සහා ගන්නේ ලොක ආර්ථික බලවතා වෙන්න. ඒ හැම දේකටම රහස සමාජවාදි ආර්ථික ප්‍රතිපත්තිය. අපි පෙරමුණ ගන්නේ අන්න ඒ දේ රටට ලබා දෙන්නයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැදුරේ ඉඳලා අපි කොහොමද බිමට වැටෙන්නේ. (නි)
ඒ උදවිය දැන් සිරි සගබෝ නාට්‍යය කරනවාලු (නි)
මිනිහෙක් අමාරුවේ වැටුණ අවස්ථාවේ සිනාසෙන සමාජයක්. (නි)
මොනවද නායකතුමා මේ කියවන්නෙ ? වමේ පක්ෂ ගැන ජනතාවට තිබුන විස්වාසය නැතිවෙලා කියලා ඇයි අවංකව පිළිගන්න බැරි ? අනෙක් කාරනය ඔයාලගෙ ජ වි පෙ බර අදින්න හිටපු කොල්ලො ටික කඩා ගෙන ගියපු එකත් ඔය පරාජයට බලපෑවා. අපිට තේරෙන ඇත්ත ඕක. (නි)
නටපු නැටුමකුත් නෑ.බෙරේ පලුවකුත් නෑ.නේද අයියේ? (නි)
සතුටු වෙන්න තරම් හරි හමන් ප්‍රතිපලයක් හම්බවුනේ නැහැනේ... (නි)
මොනා කරන්නද, .දැන් "අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ පිහිටයි ." කියනවා ඇරෙන්න.(නදී)
ඇත්තටම් රටට හදන්න පුළුවන් ජ.වි.පෙට. අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් තමන්ගේ වාසි ගැන විතරයි හිතන්නේ (නි)
අනේ ඉතින් දුක් වෙලා දැන් මොනවා කරන්නද?ඕක තමයි ඉතින් ඔයාලට මේ රටේ තියෙන තැන... (නි)
හිනා කාලා මැරෙනවා (දී)
ජේ ව් පි ...හොද පක්ෂයක ලකුණු පෙන්නුම් කල මීට කාලෙකට ඉස්සර....අපිත් ජේ ව් පි රටේ බලය ගනී කියල අසාවෙන් බලා සිටි කාලයක් තිබුණා...... එත් දැන්නම් ඒ ගැන හීනෙන්වත් හිතන්න බැරිබව ඔප්පුවෙලා.... (දී)
අනේ ඔයාලා ඔහොමම ඉන්න. කොහෙවත් යන්න එපා. රටට හොඳයි, ඔයාලටත් හොඳයි, රටේ කොල්ලන්ටත් හොඳයි. (නි)
මේ මිනිස්සුන්ට ඕනේ අද කෑම වේල කාලා ඉන්න. මේ රට අන්තයටම පිරිහුණ දාට.මිනිසුන්ට නුවන එනකන් අපි බලන ඉමු.අනේ මටනම් කමක් නැ,මම පිට රටක ඉදන් සල්ලි කහොමහරි එවනවා.එත්, මේ රටේ ඉන්න මිනිස්සු ගැන දුකේ බෑ.රටේ සල්ලි කනකන් ඔහොම හිටපල්ලා මිනිසුනේ (දී)
දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීලා. (නි)
මේවා අහලා පන පලයන් ලබන පෙරේදා. (නි)
අලි පක්ෂයේ ලොක්කත් එක්ක කෝපි බීලද කොහෙද? (ස)
නරකද ඔය කෙහෙල්මල අතැරලා දාල අනිත් අය පැන්නොත්.. (ස)
දුකට කියන කවි සීපද නේද සෝමේ ඔය. (ස)
මේ රටේ මිනිස්සු එන්න එන්නම ප‍්‍රපාතයටයි ගමන් කරන්නේ. (නි)
ලජ්ජාවට කියන කතා එහෙම නෙමෙයි නේද. (ස)
විමුක්ති. ඔබතුමා මේ රටෙත් නැතුව කොහොමද මේ රට ගැන කතා කරනේ..ඔබතුමාත් එක එකෙනගේ ලණු කාල වගේ පෙන්නේ.. (ස)
අනේ දුකට කියන කතා (නි)
ෆොන්සේකා මහත්තයාට එකතුවෙලා රටට වැඩක් කරන්න (නි)
ප්‍රතිපල ගැන අපට නම් සතුටුයි. (නි)
අනේ මන්දා, ලැජ්ජා නැද්ද කියලා මෙහෙම කියන්න? (නි)
පිස්සු හැදෙනවා මට නම්... (නි)
ලංකාවේ දේශපාලන භූමියෙන් දෙන ජේ වී පි පක්ෂය ජනතාව හෙළා දකිනවා . මොකද ඔවුන් සැමදා කලෙත් කරන්නෙත් ලංකාව අස්ථාවර කිරීමත් අහිංසක සිසුන් රවටා අමාරුවේ දැමිමත් පමණි . දැන් ජනතාව එදාට වඩා බුද්ධිමත් . ජේ වී පි අයට සැමදා එම රැවටිල්ල කරන්න බැහැ. (ස)
අනේ මේ මෝඩ කතා කියන්න එපා මහත්තයෝ, ඔයාලා තමා මේ රට කෑවෙ. (ස)
කවුරු දිනුවත් මිනිසුන් ඡන්දෙන් හැමදාම පරාදයි. ඒක අවබෝධ වනතුරු ඇත්තටම ජය ගන්න බැහැ. (නි)
දකුණේ ජනතාවගේ දේශපාලනය අවසාන වෙන්නේ කවදාද ? උතුරේ ජනතාව මොලේ පාවිච්චි කරලා තියෙනවා (නි)
චීනයේ ඇති සමාජවාදයක් නැහැ. එහි අර්ථ ක්‍රමය ඒකාධිපති ධනවාදී. කොමියුනිස්ට් පක්ෂයේ කට්ටියගේ පවුල් වල අයට තමයි බැංකු ටික අයිති. ලෝකයේ ඇති නැති පරතරය වැඩිම සහ කම්කරු නීති නැතිම රට තමයි චීනය. ඇමරිකාවේ තියෙනවා ඊට වඩා කම්කරු නීති (නි)
කොහොමද මහත්තයා ඔහොම කියන්නේ? (නි)
දැන්වත් අර විශ්ව විද්‍යාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඉගෙන ගන්න ඉඩ දීලා, රටට යමක් කරන්න දෙනවද? (ස)
හොදම සංවිධාන ශක්තියක් තිබෙනවා නම් මොකද පරදින්නේ? හැම ඡන්දෙකටම පස්සේ කියනවා "අපි ඡන්ද බලාගෙන මන්ත්‍රීකම් බලාගෙන නොවේ දේශපාලනය කරන්නේ " කියලා. ඡන්ද අරන් මන්ත්‍රීකම් නොගෙන කොහොමද රටේ වෙනසක් කරන්නේ (නි)
තම පක්ෂ නිර්මාතෘට ගරු කරන, පක්ෂය හා රටේ තරුණ පෙල වෙනුවෙන් වැඩකරන අයට තමයි ඉදිරියේදී තැනත් ලැබෙන්නේ (නි)
මට පිස්සු වගෙයි (නි)
ජේවීපීයට වපුරපුවා තමා එකතු කරන්න වෙන්නේ (නි)
බෙල්ලට වැලක් දා දාගත්තොත් නරක නැහැ නේද ...බහුබූත කියවන එක නතර කරලා ? (ස)
අපේ රටේ මිනිස්සුන්ට ජේ වී පි කියන දේ තේරුම්ගන්න මොලයක් නැති එක ගැන දුකයි මට (නි)
හැමදාම මෙයාලගේ කට විතරයි (නි)
විමුක්ති , ඔයා රතු මල්ලිලාගේ හෙන්චයියෙක් වගේ (නි)
ඇත්ත වශයෙන්ම රට දැන් හොදයි. මිනිසුන්ට පඩි අවශ්‍ය නැහැ. රජයේ සේවකයින්ට බදු ක්‍රමයක් පැනවිය යුතුයි (නි)
මේකේ අදහස් දාපු අයට පන්තිය ගැන දැනුමක් නැහැ. (නි)
දුම්මලසුරිය, ඒක ඇත්ත. අපිත් එහෙම බලා හිටියා තමයි. සම්ප්‍රදායික වමේ කට්ටියට ජන හදගැස්ම තේරුම් ගන්න බැරිවීම නිසා කොන් වී ගියා වගේම මේ ගොල්ලන්ටත් බැරිවුනා ඒක තේරුම් ගන්න. ඒ හින්දා ඒ ඉරණමම ජේ.වී.පී.යටත් අත්වේගෙන එන බව නම් පැහැදිලියි. (නි)
මළමිනී දේසපාලනේ අවසාන ප්‍රතිපලය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තමන්ම ජීවත්ව සිටින මල මිනියක් වීම පමනයි..රතුපස්වල මළමිනී ඉතාලියේත් විකුනපු රතු මල්ලිලා වපුරපු දේ අස්වැන්න අරන්..එච්චරයි... (ස)
අහවල් තැන එල්ලුණු හැම පක්ෂයකට ඔහොම වුණා (නි)
මටත් එහෙමයි. කිසිම සතුටක් නැහැ (නි)
ජෙනරල් ළගදීම දෙවන පක්ෂය වෙනවා. (නි)
වියට්නාමයට ඇමෙරිකාවෙන් විශාල ආයෝජන කරලා ඒ රටේ නිෂ්පාදන ඇමෙරිකාවෙන් මිලදී ගන්නවා, චීනේ වියට්නාමෙට කරපු දෙයක් නැහැ. (නි)
අනේ මහත්තයෝ, හිටපු ස්ථානයේ කිසිදු වෙනසක් සිදුව නැහැ කියන්නේ කවුරුවත් අලුතෙන් ඡදයක් දීලා නැහැ කියන එකනේ. (නි)
මට හරිම දුකයි මේ අය ගැන. පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව මොනවට දේශපාලනය කරනවද මන්දා. රටටත් නැහැ,තමන්ටත් නැහැ, ගෙදරටත් නැහැ (නි)
අපි හිතුවෙත් මුලදී හොදට තමයි (නි)
අහෝ දුකකි (නි)
අනේ මන්ද... හොද සිහියෙන් කියන කතා ද මන්ද (දී)
අනේ කවදද ඕක අපට ලැබෙන්නේ කියන්නකෝ ඔයාලා බලයට ඇවිල්ලා ? ආපු හැටියේ දෙනවද ? (ස)
ඔවුන්ගේ තිබුණු ප්‍රතිපත්තියට අද මෙසේ වෙන එක වළක්වන්න පුළුවන්කමක් නැත (නි)
ඡන්දෙකට ගියාම වැලේ වැල් නෑ..කතාව නම් තියෙන්නේ රට අල්ලන්න.. (ස)
කොම්පියුටර් ගේමක් නැහැ ඒ කියන්නේ. (ස)
විනයක් ඇති සහ හොදම පක්ෂය අපි කියලා තමන් කියා පලක් නැත (නි)
පිස්සු මනුස්සයෙක්, ආපු දා ඉඳල ජ වී පෙ ට හෙන. ඔය දැක්ම නිසා තමයි දියුණු වෙන්න බැරි. නිකන් ඉඳපල්ලකෝ චන්ද ඉල්ලන්නේ නැතුව , තව ටික දවසකින් ඔය කියන ටිකත් නැති වෙනවා ෂුවර්. නායක කමින් අයින් උනා නම් නේද හොඳ දැන්වත්. (දී)
මුන්නැහෙගෙ කතාව හරි. හිටපු ස්ථානයේ වෙනසක් නැහැ. අනෙක් අය ඉස්සර වෙලා ඒකනේ වෙලා තියෙන්නේ. ඡන්දෙකින් පස්සේ පැරදුනහම කියන සාම්ප්‍රදායික වචන සෙට් එක කියන එක තමා දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. (ස)
සමහරුන්ට ලංකාවේ නොවේ ,ලොවේ කොතනකවත් තැනක් නැත. ජනතාව එය දන්නවා (නි)
සතුටු වෙන්න නෙමෙයි, කොහොමත් අඬන්න තමයි වෙන්නෙ. (ස)
වැලේ වැල් නැතුවට නැව් ටෝක් දෙන්නේ කුජීතයි නේ පප්පේ ...... (ස)
රිලව් වැල කනකොට කෝඳුරුවෝ හැපිලා මැරෙනවලු........ (නි)
දැන් තුන නැහැ... ලබන පාර මුකුත්ම නැහැ (නි)
රටේ අවාසනාවට තමයි ජේ.වී.පී.ය පිරිහිලා ගියේ (නි)
රතු මල්ලිලා හැමදමත් ඔය බනෙම තමයි කියන්නෙ. හීනෙන්වත් හිතන්න එපා මුතු ඇටය තුල රතු පාට ආණ්ඩුවක් ලබෙයි කියලා. (ස)
සෝමවංශ මහතාණනි...පොදු එකමුතුවකට කාලය පැමිණ නැතිද? (ස)