(විනීතා එම් ගමගේ )
අද පස්වරුවේදී සොයා ගන්නා ලද නව ආසාදිතයන් දෙදෙනා සමගින් කොවිඩ් 19 වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අද දිනයේදී රෝගීන් 16 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 500 දක්වා අඩුවී තිබේ.
ඊයේ රාත්‍රිය වන විට කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 889 ක් සිටි අතර රාත්‍රියේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිස 514 ක් විය.
වසංගත රෝග විද්‍යායතනය විසින් කොවිඩ් - 19 වෙනුවෙන්ම නිර්මාණය කර ඇති විශේෂ වෙබ් අඩවියේ මෙම දත්ත සටහන් වේ. අද පස්වරු 3.45 වන විට එම වෙබ් අඩවියේ යාවත්කාලීන අගයන් අනුව මේ දක්වා සුවය ලැබූ පිරිස 382 කි.
තවත් 105 දෙනෙක් පිළිබඳව කොවිඞ් 19 ආසාදිතයන් ද යන්න ගැන පරික්ෂණ කෙරෙමින් පවතින බව ද එහි සඳහන් වේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙයි