බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පිංකම 12 වැනි දා පැවැත්විණි. විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සිරි සෝභිත නාහිමි ද පල්ලේවෙල විසුද්ධවංශ, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ අනුරාධපුර කුට්ටම්පොකුණ විහාරයේ කිව්තලාවේ සමිත, තන්තිරිමලේ පුරාණ විහාරයේ මාද ඔයාමඩුවේ පඤ්ඤාසාර, පරණ හල්මිල්ලෑවේ සෝමානන්ද හිමිවරු වස් විසූහ.
පර්ත් දහම් පාසලේ සිසු ගුරුවරු හා මව්පියෝ කඨින සිවුරු පූජාව කළහ. පර්ත් නුවර බෞද්ධ පිරිස්, දහකට අධික පිරිසක් බුරුම හා කාම්බෝජ හිමිවරු මේ අවස්ථාවට එක් ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම , ඔස්ට්‍ර්ලියාවේ බොහොමයක් ලංකාවේ පන්සල් වල සිංහල විෂයක් ලෙස දරුවන්ට උගන්වනවා. දෙමාපියන් හරිම උනන්දුයි ඒ ගැන. (හේ)
මෙවැනි බෞද්ධ පින්කම්වල විශේෂයෙන්ම බටහිර රටක සිට නියැලෙන විට දැනෙන ප්‍රීතිය අති මහත්. විශේෂයෙන්ම අපේ දහම් පාසලේ දරුවන් තුල ශ්‍රද්ධාව සහ බෞද්ධ දරුවෙකු තුල තිබිය යුතු හැදියාව මෙවැනි වැඩසටහන් තුලින් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමු. (හේ)
ධම්ම, සමහර අපේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ විභාගයටත් සිංහල භාෂාව විෂයක් හැටියට කරනවා. (නි)
මේ දරුවෝ සිංහල හොඳට දන්නවා නම් මට සතුටුයි. (හේ)