පොළොන්නරුවේ පිරිත් පිංකමකට සහභාගි වි නැවත හෙම්මාතගම යෝදගම තම නිවෙස්වලට යමින් සිටි ත්‍රි රෝද රියක් බ්‍රහස්පතින්දා (13) රාත්‍රියේ හේනාවල හංදියේදි මාර්ගයෙන් ඉවතට ගොස් දුම්රිය මාර්ගයට විසිවීමෙන් ත්‍රි රෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
මියාගොස් ඇත්තේ හෙම්මාතගම පදිංචි සමන් බංඩාර (20) නමැති තරුණයෙකි.
ත්‍රිවිල් රථයේ සිටි කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු විසී ගොස් ඇති අතර ගැබිණි කාන්තාවක් හා තවත් පුද්ගලයකුද එහි ගමන් කරමින් සිට ඇත. මිය ගිය තරුණයා එහි සිරවී සිටි බව ප්‍රදේශවාසිහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනාරක්ෂිත ත්‍රීවීල් තහනම් කළ යුතුය එය මාර්ග තදබදයටත් විසඳුමක්වනු ඇත. (අ)