ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සතියක් පුරා දන්, සිල්, බණ, භාවනා පිංකමක් පැවැතියේය.
පිංකම අවසානයේ අටවිසි පහන් බුද්ධ පූජාවක් ද පැවැත්විණි.
ඕස්ට්‍රේලියාවේ සංඝනායක බේරුවල සෝබිත හිමි එම පූජාව සිදු කළහ.
150කට අධික පිරිසක් පෙහෙවස් සමාදන් වූහ.
මලිඳුව සුගුණසිරි, තලංගල්ලේ රතන, ඇඹුල් අඹේ ඉන්ද්‍රසාර හිමිවරු ධර්ම දේශනා කළහ.
13 වැනි වරටත් පැවැත්වූ දංසලට ඕස්ට්‍රේලියා මැති ඇමැතිවරුන් ඇතුළු දහසක් පමණ සහභාගී වූහ.
චන්ද්‍රදාස හේවගේ මහතාගේ නිර්මාණයක් වූ වෙසක් කූඩුව අජන් බ්‍රහ්මවංශ හිමියන් ඇතුළු ආරාධිතයන් අතින් විවෘත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්, පිංකමට මුලික වූ අයගේ නම් ගම් පලකරා වගේ ම පින්තුර ටිකකුත් තිබුනානම් අපිටත් වෙසක් පත්තරෙන්වත් බලන්න තිබුන !!! කැමරාවක් අතේනැති කෙනෙක් දැන් හොයා ගන්න නෑ නේ... (ස)
මෙම පිංකම ගැන බොහොම සතුටුයි. තවම ඔබ ඉන්න රටට එන්න ලැබුනේ නැහැ. ළඟදි එන්න සිතාගෙනයි ඉන්නේ. (නි)
මෙතනින් ගිහින් පර්ත් කූඩුව බලන්න (ස) http://youtu.be/pqmQUjM5PjQ