සෙෆ්ට්‍රිඇක්සෝන් ප්‍රති ජිවක බෙහෙත දීම ගාල්ල කරාපිටිය රෝහලේ ළමයින් ඇතුළු රෝගීනට දීම වහා නතර කරන ලෙස එහි උසස් නිලධාරියෙක් අද උපදෙස් දුන්නේය. උණ, වමනය සහ බඩෙ අමාරුව සෑදුණු නව හැවිරිදි ළමයකුට එම බෙහෙත දී දෙපැයක දී ළමයා මිය යෑමෙන් පසුව ශබ්ද විකාශන මගින් ද වාට්ටුවලට දැන්වූයේ බෙහෙත දීම වහා නතර කරන ලෙසයි. මේ ගැන කොළඹට ද දැනුම් දී බෙහෙතේ ගුණාත්මක බව ගැන පරීක්ෂණයක් අරඹන ලෙස රෝහල් බලධරයන් ඉල්ලා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණට පස්සෙද බොල ගුණාත්මක බව බලන්නේ ? මේවට වගකිව යුතු අයට දඬුවම් ලබාදෙන්න. (ස)
සෙනරත් කියන කතාව ඇත්ත. රජයේ රෝහල්වල භාවිතා කිරීමට ගෙන්වන බෙහෙත්වල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට ආසියාවේ ඉහලම මට්ටමේ පහසුකම් සහිත රසායනාගාරයක් තියෙනවා, හැබැයි ඒ සේරම තිබියදී තමයි වාර්ෂිකව මිලියන ගණන් බාල බෙහෙත් ගෙන්වා ටික කලක් පාවිච්චි කරන්න දී පසුව වාර්තා එවමින් ඉවත් කර ගන්න කියන්නේ. මෙසේ ඉවත් කරන සමහර බෙහෙත් තොගවල සැපයුම් කරුවන්ට මුදල් ගෙවලාත් ඉවරයි. සමහර තොග මුළුමනින්ම ඉවර වුනාට පස්සෙයි රිපෝට් එක එන්නේ. මෙසේ මහජන මුදල් කොටි ගණන් වියදම් කර ජරාවල් ගෙන්වීමට ටෙන්ඩර් අනුමත කරත්දී ඒවා හොඳයි කියා සහතික කල තාක්ෂණික ඇගයීම් කමිටුවල කාටවත් දඬුවමක් ලැබුන බවක් අපි නම් අහලා නැහැ. (ස)