කොළඹ මරදානේ තෙමහල් ගොඩනැගිල්ලක මුර සේවා දෙකකට පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වැටලූ කොළඹ මධ්‍යම නීති බලගැන්වීමේ ඒකකය කාන්තාවන් පස් දෙනකු (23 -45 අතර) හා පිරිමින් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
අවමය රුපියල් 3000ක් අය කරන මෙම ස්ථානයෙන් පිටතට රැගෙන යාම සඳහා සේවාදායිකාවන් සපයන බවත් එහි මිල ඊට වැඩිවන බවත් පොලිසිය පවසයි.
උදේ සේවයට කැඳවන ඔවුන් සවසට මුදා හරින බවත් සවසට වෙනත් පිරිසක් සේවයට එන බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම් පැරිස්, ඔබගේ අදහස 100% සත්‍යයයි. (නි)
නීතිගත කළොත් වැට් එක කියක් ගහනවද දන්නේ නැහැ. (නි)
මගේ හොඳ මිත්‍රයෙක් නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේදී පාරෙදී හමුවුණ ගැහැණියක් සමඟ ගිහින් සබ්බ සකලමනාවට නැති කරගත්තා. රත්තරන් මාලේ, බ්‍රේස්ලට් එකේ ඉඳලා වටිනා කියල සියල්ලම නැතිකරගෙන පාරේ ගිය කෙනෙකුගෙන් බස් එකේ යන්න මුදල් අරගෙනයි ගෙදරට ගිහින් තියෙන්නේ. පොලිසියට කියන්නත් බැරි නිසා ලක්ෂ ගානක පාඩුවක් විඳගෙනම නැවත මෙහෙට ආවා. ලංකාවේ නීතිගත කරලා තිබුනා නම් එහෙම වෙන්නේ නැහැනේ. (නි)
පරණම රස්සාව වුණත් නවීන ලෝකයේ, කම්කරු අයිතිවාසිකම් රකිමින් මුර ක්‍රමයට කිරීම වාසනාවක්. මෙය ලෝකයේ දියුණු බටහිර රටවල නීතිගත කළ රැකියාවක්. එනිසා ලංකාවෙත් නීතිගත කිරීමෙන් රැකියා ප්‍රශ්නය, සංචාරක සේවය දියුණුව සහ අනිසි බලයෙන් ක්‍රියාකිරීම නවත්වන්න පුළුවන් (නි)
එහෙම තමයි. මේ 21 වන සියවසනේ! (නි)
අපේ සදාචාරය සහ සංස්කෘතිය යනු දැන් ඉතිහාසයට පමණක් අයිති වචන නිසා මේ රැකියාව නීත්‍යානුකූල කිරීම කාලෝචිත දෙයක් (නි)
මෙය නීතිගත කරන්න. නැත්නම් මෙය අවශ්‍ය කරන අය අහිංසක පොඩි ළමයින්ව සහ කාන්තාවන්ව ගොදුරු කර ගන්නවා. (නි)