සියලුම වර්ගවලට අයත් පූර්ණ වල් නාශක මෙරටට ආනයනය කිරීම, අලෙවිය සහ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
ග්ලයිෆොසේට් වල් නාශකය මෙරටට ගෙන්වීම මීට පෙර තහනම් කැරිණි.
එනමුත් ග්ලුෆෙසියේට් ඇමෝනියම් නම් රසායනික වල් නාශකය විවිධ වෙළෙඳ නාමයන් යටතේ තවදුරටත් මෙරටට ආනයනය කිරීම හා බෙදා හැරීම සිදුවන බවට තොරතුරු ආනාවරණය වීමත් සමග සියලුම වර්ගයේ පූර්ණ වල් නාශක ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලුක් වනසන බෙහෙතක් දෙන්න. (ර)
හොඳ තීරණයක්. අවුරුදු 30කට කලින් කරන්න තිබුණු දෙයක්. (ර)
වල්නාශක ගෙන්වීම නතර කලාට මදි, වෙළදාමත් වහාම නතර කල යුතුයි. (ර)
වල්නාශක අවශ්‍ය නැහැ. තම ශ්‍රමය යොදා ඒවා ඉවත් කල හැකියි. ඉස්සර කලේ එහෙමයි . එකෙන් තමාගේ අසනීප දුරු වෙනවා වගේම වල්නාශක භාවිතයෙන් මිනිසුන්ට වෙන හානි නැති කරගන්නත් පුළුවන් . වල්නාශක පමණක් නොවෙයි සියලුම විස සහිත රසායනිකයන් ආනයනයන් වහාම නැවතුවොත් ශෞඛ්‍ය වියදම් වෙන මුදලුත් ඉතිරි කරගන්න පුළුවන් වේවි (අ).
ඔය විදියට මත් වතුර, දුම් වැටි එහෙමත් නවත්තන්න බැරි ඇයි. (ර)
කුබුරු වගාව සදහා වල් නාශක යෙදීම ගොඩක් සිදුවනවා නමුත් කුබුරු වල්නාශක ඉසිමින් ඒවා පාලනය කරනවට වඩා ගොයම් කපීමන් පසු ඉතිරිවන පිදුරු කුබුරු බිමේ හොදින් අතුරා එම කුබුරු වලට ජලය පුරවා තැබීම මගිනුත් වල් පැල බෝවීම පාලනය කල හැකියි තවද පිදුරු පසට කාබනික පොහොරක් ලෙසද ලැබෙනවා. (ර)