රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් රැසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමට නියමිතය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එස් ගුණවර්ධන, කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහථ නාරාහේන්පිට සහ පොලිසියේ එවකට සිටි පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පිරිස අතර වන බවද දැනගන්නට ඇත.
2012 මැයි 17 වැනිදා තාජුඩීන් මරා සිරුර පුළුස්සා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතනවට වඩා එහා ගිය රහසක් සැගවී ඇති කියා මම සිතමි. හොයා ගත්තට පසු හැම කෙනාටම පුදුම හිතෙයි. (ස)
දේශපාලන වාසි තකා මළකුනක් ගොඩගෙන නිළධාරීන්ට හිරිහැර කරන්න එපා. (ස)
මිනීමරුවන්ටත් දඬුවම් කළයුතුයි. සහයවූවන්ට සහ අධිකරණය නොමඟයැවූ සියලු දෙනාට නිසි දඬුවම් දියයුතුයි. යහපාලනයක් ගෙනාවේ යුක්තිය ඉෂ්ට කරගැනීමටනේ (නි)
රුවන්, දේශපාලන පක්ෂ බේද නිසා අහිංසක වටිනා මනුස්ස ජීවිතයකට කළ අපරාධය වහන්න යැයි කරනා යෝජනා තමාගේ කෙනෙකුට වුණා නම් ඔහොම කියයිද? මෙයට සම්බන්ධ සියලු දෙනාට කොළ නැති ගහේම යන්න සිද්ධ වේවා! (නි)
තාජුඩීදීන්ලා, ශියාම්ලාගේ ජීවිත පමණද වටින්නේ? උතුරේ, නැගෙනහිර පමණද අතුරුදන් වුණේ? 88,89 කාලේ අතුරුදන් වූ ජීවිත වල වටිනාකමක් නැද්ද? (නි)
රුවන්, කරුණාකර මොළයෙන් හිතන්න පුරුදුවෙන්න (නි)
රුවන්, එතකොට ඔයා කියන්නේ තාජුඩීන්ට සහ එයාගේ පවුලට සාධාරණයක් ඉෂ්ට කරන්න එපා කියලද? (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)