මෙවර මහ මැතිවරණයෙන් හම්බන්තොටින් පාර්ලිමේන්තුවට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම නවක මුහුණු කිහිපයක් යැවීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව හම්බන්තොට දේශපාලන විචාරකයෝ පවසති.
දැනට සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී සහ ජනතාවගේ අදහස් මත නවකයින් කිහිප දෙනෙකුට මෙම අවස්ථාව හිමි වී තිබේ.
පළාත් සභාව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති අතර නවක මුහුණු අතරට ඒ අයද සිටී.
ඡන්ද දායකයින් ඉතා නිහඩ පිළිවෙතක් රකිමින් මැතිවරණ වේදිකාවල කථා ඇසීමට සෑම ප්‍රචාරක රැස්වීම් වලටම සහභාගී වන පිරිස් ද සිටිති.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පැරණි මුහුණු දෙකක් මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ඉවත්වීමට ද බොහෝ දුරට ඉඩකඩ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ඉකුත් වුණ අයට පිළිතුරක් (ම)
මේක හම්බන්තොට විතරක් නෙමෙයි, මුළු රටේම ජනතාව විශේෂයෙන්ම තරුණ කොටස් වල කැමැත්ත. උගත් වැඩක් ඇති අය අනිවාර්යෙන් මෙවර තේරේවි. (නි)
කරුණාකර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය පක්ෂ පාට නොබලා උගත් වැදගත් මැර බලයෙන් තොර තරුණයකුට ඔබගේ මනාපය දෙන්න (නි)
තරුණයන්ට තැනක් දෙන්න රජයේ සේවකයන්ට විශ්‍රාම යන්න වයසක් තිබෙනවා. දේසපලකයන් වරප්‍රසාද වලට තණ්හාවේ බදාගෙන ඉන්නවා. (ම)
එජාපෙ සජිත් ඇරුණාහම අනිත් පරණ මුහුණට සුදුසු අදධ්‍යාපන සුදුසුකම් නොමැති අතර ඔහුගේ පවුල් වල ජන්ද මත ඔහුගේ පැමිණීම තීරණය වේ , ශ්‍රී ල නි පෙ මහින්ද අමරවීර හැරුන විට පවුල් ගසේ සාමාජිකයන්ට අපල කාලයක් උදාවී ඇති බව පෙනේ (ම)
අපි අපේ මනාපය දෙන්නම්කෝ නියමෙටම (නි)
රට හදන්න ඕනි ඉදිරිය දකින බුද්ධිමත් නායකයන් එහෙම නැතිව මගෝඩිස්ලා නෙමෙයි අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න බුද්ධිමත් අවංක තරුණයන් පත්කරගමු. (බ)
ප්‍රශ්නය තියෙන්නේ හැමදාම සමහර මීමුත්තලා සහ මුත්තලා තමන් පක්ෂවල අරටු කියලා හිතාගෙන ඉන්න එකනේ. අරටුත් දිරනවා. නමුත් අලුත් ගස් වැවෙන්න දෙන්නෙත් නැහැ. තව අවරුදු දහයක් මෙහෙම ගියොත් ලඳු කැළෑ විතරයි ඉතිරිවෙන්නේ. (නි)