හැටේ දශකයේ ශ්‍රී ලංකා සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම ළමා චරිත නිරූපණය කළ තිලක් බුලත්වෙල පසුගියදා ලන්ඩන් නුවරදී ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.
ළමා නළුවෙකු ලෙසින් රඟ පෑ සමයේ ඔහු හැඳින්වුයේ තිලක් පුෂ්පකුමාර ලෙසිනි. එවකට සිංහල සිනමාවේ ජනප්‍රිය රුක්මනී දෙවි, සේනාධීර කුරුප්පු, ගාමිණි ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ වැනි නලුනිලියන් බොහෝදෙනෙකු සමඟ විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහුට හිමිවිය.
‘සුදෝ සුදු, අදට වැඩිය හෙට හොඳයි,‘ මංගලිකා සහ සුජාගේ රහස‘ වැනි චිත්‍රපට බොහෝ ගණනක ඔහු රඟපෑවේය.
මෑතකදී ලන්ඩන් නුවර රූප ගතකල "චෙස්" නම්වූ ටෙලි නාට්‍යයේද ඔහු ආරාධිත චරිතයක් නිරූපණය කළේය.
කුඩා කල චිත්‍රපට කිහිපයක ළමා චරිත නිරූපණය කිරීම හේතුවෙන් පුවත්පත් සහ සඟරාවන්හි ඔහු පිළිබඳ විස්තර සහ ඡායාරූප පළවීමෙන් පසුව බොහෝ දෙනෙකු ඔහු දැන හඳුනාගත් බවත් ඒ නිසා තමන්ගේ නිදහසට ඇතිවූ අවහිරතා පිළිබඳව අකමැත්තක් ඇතිවීමේ හේතුවෙන් චිත්‍රපට වල පෙනී සිටීමෙන් ඉවත්වීමට සිතු බව ඔහු කියයි.
කෙසේවුවද කුඩා කලසිටම ඔහු ගීත ගායනය පිළිබඳව ඔහුතුල තිබුණේ අති මහත් ආශාවකි. මෙනිසා කළින් කළ ඔහු සිය හිත මිතුරන් හා එකතුව ගීත ප්‍රසංග පැවැත්වීමට පුරුදුවී ඇත.
දැනට ලන්ඩන් නුවර පදිංචිවී සිටින තිලක් පසුගියදා තම ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අදහස් කළේ මෙවන් පසුබිමක් ඇතිවය.
ඔහුගේ ප්‍රසංගය සඳහා සංගීතය සැපවුයේ ධම්මික තුසිත කුමාර ගේ අධීක්ෂණය යටතේ විමර්ශා ජයසිංහ, ටිරෝන් ලියනගේ, දේශප්‍රිය විශ්වජිත්, සංජය ප්‍රනාන්දු සහ නන්ද සඳගිරි විසිනි.
ලන්ඩනයේ පදිංචි ප්‍රවීණ ගායන ශිල්පීන් වන සුවිනීතා පෙරේරා,ලසන්ති බමුණුආරච්චි යුග ගායනයෙන්ද චන්දන ෆොන්සේකා, සිසිර අත්තනායක සහ ලක්සිත් බමුණුආරච්චි ආරාධිත ශිල්පීන් වශයෙන්ද මෙම ප්‍රසංගයට එක් වුහ.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරණ නළුවා ගීයට බහී
සුරාජ් Wednesday, 26 November 2014 02:07 AM
නියමයි. සුබ පැතුම්! (නි)
කමනි Tuesday, 25 November 2014 02:51 PM
සුදෝ සුදු චිත්‍රපටියේ අන්ධ ළමයකු සිටියා යන්තම් මතකයි. ඔබ කවුද කියා මතකයක් නැහැ. පොඩි කාලේ ඡායාරූපයක්වත් දාන්න තිබුණනේ. (ර)
සමන් පෙරේරා Tuesday, 25 November 2014 11:23 AM
දැන් මෙතන කව්ද නළුවා ???(දිල්)