(මොහොමඩ් ආසික්)
මහනුවර වට්ටාරන්තැන්න මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික චෛත්‍ය්‍යයෙ හතරැස් කොටුවට නිධන් හොරුන් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ හේතුවෙන් චෛත්‍යයට බරපතල හානි සිදුවී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට වසර 200ක් පමණ පැරණි මෙම චෛත්‍යයේ හතරැස් කොටුව යකඩ උලක් වැනි උපකරණයකින් හාරා නිධන් සෙයා ඇති බව නිරීක්ෂණය වෙයි. මෙම ඓතිහාසික චෛත්‍යයේ හතරැස් කොටුව හාරා නිදන් සෙවීම කර ඇත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා කටුගස්තොට පොලීසිය විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටින අතර මේ සඳහා පොලිස් අපරාධ කොට්ඨාසයේ සහ නිල සුනඛ අංශයේද සහාය ලබා ගැනීමට අදහස් කරන බව පොලීසිය කියයි.මෙම චෛත්‍යයේ හාරා කිසිවක් සොරකම් කර ඇත්ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බවද පොලීසිය පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුරාණ ගල්ලෙන් විහාරය නිධන් හොරුන්ට බිලිවෙයි