දිවයින මුළුල්ලේ පිහිටි ගල් පර්වත පරික්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක් 2015 දී ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
සංවර්ධන ව්‍යාපෘති ස`දහා ගල් පර්වත කැඞීමට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් දෛනිකව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වේ.
මෙහිදී පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් නීතිය යටතේ සංවර්ධකයා විසින් සංවර්ධන සමීක්‍ෂණයක් සිදු කරවා ගත යුතුය.
එම තත්වයට මුහුන දීම ස`දහා ලංකාවේ සියලූම ගල් පර්වත කඩිනම් ගවේෂණ ව්‍යාපෘතියක් යටතේ පරික්‍ෂා කොට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් පර්වත හ`දුනා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙහිදී හ`දුනාගනු ලබන පුරාවිද්‍යා වැදගත් කමක් නැති ගල් පර්වත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව අදාල කාර්යයන් ස`දහා සංවර්ධනයන්ට නිදහස් කිරීමට හැකිවන පරිදි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල , පරිසර අධිකාරිය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු අනිකුත් අදාල ආයතන දැනුවත් කිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
2015 වසරේ ආරම්භයේ සිට ක‍්‍රියාවට නැගෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම ස`දහා දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්‍ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය මුවාවෙන් වංචනික පිරිස් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ගල් පර්වත අයුතු භාවිතයට යොදාගැනීමට ඉඩකඩ ඇති බැවින්, එසේ පැමිණෙන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ පිළිබ`දව යම් වැඩිදුර පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් 011 2696514 දුරකතන අංකය අමතන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතිගේ කිරි අම්මා බොහොම පිනට කැමති කෙනෙක්. එදා ඒ මාතාව කල පින් බලෙන් තමයි බන්දුලලා අද සැප ලබන්නේ. (නදී)
රූපවති අක්කා රජකාලේ කතාවක් කියනවා වගෙයි. (නදී)
අහා ............... නිධන් ඇති ගල් හඳුනා ගනිමු. (නදී)
දැන්නම් රටේ ඉතුරුවෙලා තියෙනවා ඇත්තේ බොහොම ටිකයි (නි)
ඇත්තෙන්ම මා පැවසුවේ සත්‍ය කතාවක් අද අපේ ගමේ පන්සල පිහිටි බිම අයත් අපේ කිරිඅම්මා විසින් පන්සලකට කියා පුජා කල මෙම පින් බිමෙයි. මා කුඩාකල දහම් පාසල් ගියේද මේ පින් බිමේ දහම් පාසලටය. එහි නම ශ්‍රී වළගම්බා විහාරය , සහ ශ්‍රී වළගම්බා දහම් පාසල) අපේ කිරි අම්මට ගැමියෝ හැදින්වුවේ පන්සල්වතේ නැන්දම්මා කියලයි. අපේ කිරිඅම්මා නිර්වාන සුවයේම සැතපී ඇති වග සතුටින් සිහි කරනවා. වල ගම්බා රජු සතුරන්ගෙන් බේරී සැගවී සිටිය ස්ථානය බවටයි එහි කතා වස්තුව. මා හැර කිසිවෙකු ඒ නාග රූපය දැක්කා නම් මේ වන විට එහි ගල් පර්වතය කුලී පදනමට බෝර දමා විනාශ කර හමාරයි. එ්ත් මා නිතර මෙනෙහි කරන්නේ ඒ නාග රූපය විශාල ගල් පර්වතයේ මුදුනේ කොටන්න තරම් පෟවුරාණික වැදගත් කමක් එහි ගැබ්වෙලා තියනවා කියලයි. (නදී)
අපේ කිරි අම්මා විසින් අක්කර 8ක භූමියක් පුජාකළා. එහි විශාල ගල් පර්වතයක් තිබුනා. අපි වරින් වර ඒ භූමියට යනවා ඉස්සර කිරි අම්මගේ නිවස තිබුණු තැන විශාල අඹ ගහක් තිබුනා. දිනක් ඒ අඹ කමින් සිටි මා දුටුවා ලග ඇති ගල් පර්වතයේ මීටර් තුනක පමණ විෂ්කම්භය ඇති නාග රූපයක්. අදටත් එය එතන තිබේ. ශ්‍රී වළගම්බා රජ දවස එහි කතා වස්තුවක් ද වෙයි (නදී)
පුරාවිද්‍යාවට පරීක්ෂා කිරීමට ඉතිරිව තියෙන්නේ මිහින්තලේ, ආඳා ගල,ඉබ්බාගල,ඇතු ගල, බතලේ ගල,දෙවනගල,අලගල්ල,ආදී විශාල ගල් පර්වතයි. සාමාන්‍ය තරමේ පර්වත දැන් ගල් වලවල් වෙලා. අයිති කරුවන් දේශපාලන බලවතුන්. ඉදිකිරීම් කටයුතු සඳහා නිසා කමකුත් නැහැ. අසල්වාසීන්ට කරදර,පැමණිලි ,පරිසර දුෂණ නොයෙක් හේතුන් පවසා සාමාන්‍ය ව්‍යාපාරිකයින්ගේ ගල් වලවල් වලට බලපත්‍ර දීම තහනම් කිරීම නම් කැතයි. (නදී)
බන්දුල පෙරේරා දහම් පාසලුත් ගිහිල්ලා තියෙනවද...? (නි)