ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙසෙන හිටපු එල්ටීටිඊ සාමාජිකයකු සයිනයිඞ් කරල් තොගයක්, භූමිය හඳුනා ගැනීමේ උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ‘ද හින්දු ‘ පුවත්පත වාර්තා කළේය.
තමිල්නාඩුවේ උචිපුලි වෙරළබඩ ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගත් මෙම පුද්ගලයා කේ ක්‍රිෂ්ණකුමාර් (39) නැමැති බවට තමිල්නාඩු පොලීසිය විසින් තහවුරු කර ගෙන තිබේ.
මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී සයිනයිඞ් කරල් 75ක්ද, සයිනයිඞ් ග්‍රෑම් 300ක්ද, ජංගම දුරකථන 7ක්ද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇතැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන සෞදි, විජයබාහු,මෙය දකුණු ආසියාතික දේශපාලන භූමිකාව තුළ පවතින අලුත් උපනතිය තුළ තේරුම් ගන්න (නි)
ගොඩක් හොදයි ඉන්දියාව කොටින් අත්අඩංගුවට ගැනීම මොකද ඕක ලංකාවේ කලානම් ජාතිවාදය වෙනවා මොවුන්ටදැඩි දඩුවම් කළ යුතුයි (ම)
පරණ කොටි. නිකන් හප හප ඉන්න තියාගන්න ඇති. අපි නොදන්නා කොටි (නදී)
වැඩි කලක් යන්න කලින් හැමෝම කියාවි අනේ අපරාදේ අපි මහින්ද පැරද්දුවේ කියලා.(නදී)
ඕක ඉන්දියාවේ සිද්ධ උන නිසා කමක් නැහැ ලංකාවේ උනානම්. (ර)
විදුලිපුටු,කොටි, මානවහිමිකම් එලියට එන්නේ ඡන්දෙ ළඟ වුණාම .මේක පුදුම ලෝකයක්.(අ)