IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරණ අවුරුද්දේ පැරණිම චාරිත්‍රයක් ඉටු කරති

පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් හිමිවරුන් පැන් පහසු කරවීමේ මංගල්‍යය අද (13)උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි සිදුකැරිණි.

ගෙලිඔය තෙළබුගල නිග්‍රෝද ඛෙත්ත මහා පිරිවෙන් විහාර විහාරාධිපති හා පරිවේනාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන් පැවැසුයේ 1848 වසරේ සිට එලදැත්ත වලව්ව හා සතර පේරුවේ දායකයන් වන එළදැත්ත, පෙතියාගොඩ, අරත්තන, බුලත්කොන්ඩ, හන්දෙස්ස යන ගම්මාන වල දායක මහතුන් විසින් ළිඳක් තෝරාගෙන එය පිරිසුදු කර පිරිත් කියා 50 කට අධික හිමිවරුන් පෙරහැරෙන් එම ළිඳ අසලට වඩම්මවා පැන් පහසු කර සිවුරු ආදිය දායකයන් විසින්ම සෝදා පිරිසිදු කර දෙන බවත් ඉන් පසු ගිලන් පස පිළිගන්වා නැවත පෙරහරින් විහාරයට වැඩම කරවා දන් පැන් පුජා පැරනි චාරිත්‍රයක් ඉටු කරනු ලබන බවයි.

මෙම චාරිත්‍රය මෙම ගම්මාන වල දායකයින් වසර 150 ක් තිස්සේ රැකගෙන ආ එකක් බවද ඒ හිමියෝ කීහ.

vlcsnap-2016-04-13-03h48m43s189 vlcsnap-2016-04-13-03h51m03s51 web_2016413nanumura web_2016413nanumura2



අදහස් (0)

පරණ අවුරුද්දේ පැරණිම චාරිත්‍රයක් ඉටු කරති

චානක් ලොස් ඇන්ජලිස් Wednesday, 13 April 2016 11:32 PM

ඔබ වහන්සේලා ධර්මයේ හැසිරී ගිහි සමාජයත් ධර්මයේ හසුරුවන්න. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 14 April 2016 01:25 AM

අපේ ගමේ නම තිබෙන තවත් ගමක් තියෙනවානේ ලංකාවේ වෙන පළාතක. මම එ්ක දැනගත්තේ අදයි (නි)

:       0       0

මංගල වෙලරත්න Thursday, 14 April 2016 01:42 AM

අවුරුදු 150 කට වැඩි මෙවැනි වටිනා පිංකමක් මෙතෙක්කල් සැගවී තිබීම අපරාධයක්. රටපුරාම හිස් දේවල්ම ප්‍රචාරය කරන යුගයක මෙවැනි දේ වටිනවා. ඔබට පින්! (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 14 April 2016 01:43 AM

ඉතාමත්ම වටිනා පුණ්‍යකර්මයක්. එසේම ගැමි පරිසරය මැනවින් විදහා දක්වන ඡායාරූප පෙළක්ද දැකීමට ලැබීම ඉතා වටිනවා. මෙවැනි පුවත් විස්තර අපට ඉදිරිපත් කරන "ලංකාදීප" පුවත්පතට අප සැමගේ ප්‍රණාමය! (නි)

:       0       0

සේනක Thursday, 14 April 2016 02:12 AM

මා දුටු විරලම ගණයේ දසුන් සහිත ශාසන ඉතිහාස පුවතකි. පන්සලයි - ගමයි අපේ සිංහල සංස්කෘතියේ අනුපමේය සාධකයකි. පුවත සැපයු සොයුරු චමිල්ට සහ "එසැණ" ට තුති මල්! (නි)

:       0       0

ලලිත් Thursday, 14 April 2016 02:38 AM

අවුරුදු දින උදයේ හොඳ පින්බර දසුනක්. ඉතා හොඳයි. (නි)

:       0       0

ගංගා Thursday, 14 April 2016 03:56 PM

මමත් මේ ගැන කවදාවත්ම දන්නේ නැහැ. දැනුවත් කළාට ගොඩක් පින්. හරිම ලස්සන දසුනක්. සාදු ,සාදු!! (නි)

:       0       0

රුවන් Thursday, 14 April 2016 04:06 AM

බොහෝ පින් කළ වාසනාවන්තයින්. කවදා මට මෙවැනි දිනයක් උදාවෙයිද? (නි)

:       0       0

මංගල වේලාරත්න Friday, 15 April 2016 02:34 AM

මේ වගේ පින්කම් දැකලා සාධු කියලා පමණක් වැඩක් නැහැ. හෙට ඉඳලා පුළුවන් හැමෝම පටන්ගන්න. (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 14 April 2016 05:59 AM

තායිලන්තේ ලාඔසේ තවමත් මේ සිරිත තියෙනවා (ම)

:       0       0

අබය Thursday, 14 April 2016 06:31 AM

මෙවැනි පින්කම් තාම පවතින්නේ ඉපැරණි විහාරස්ථාන වල සහ පැරණි සිංහල සංස්කෘතියක් ඇති පළාත් වල පමණි. එවැනි දේ උලුප්පා දක්වමින් අපේ පාඨක ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ලංකාදීපයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

පුමුදු Friday, 15 April 2016 04:19 AM

විදේශිකයන්ටත් පරජාතික චින්තනයක් තිබෙන අපේ කළු සුද්දන්ටත් ඕනෑ මෙන්න මේ බැඳීම බිඳින්න. (ම)

:       0       0

බුද්ධික Thursday, 14 April 2016 06:55 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ශාන්ත Thursday, 14 April 2016 07:24 AM

මෙවන් උතුම් චාරිත්‍ර වැළලී යානොදී රැකගත යුතුයි. චමිල්, ඔබට පින්. මෙවන් තවත් තොරතුරු සපයන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කොස්තා Thursday, 14 April 2016 09:32 AM

මෙවන් දේවල් අපිට ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

අනුරාධ Wednesday, 13 April 2016 04:55 PM

සාධු! සාධු!! සාධු!!! (නි)

:       0       0

සිළිඳු Wednesday, 13 April 2016 04:58 PM

ඉතා හොඳ පැරණි චාරිත්‍රයක්! (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 13 April 2016 06:12 PM

හැටපස් වසරක් සපුරා ඇති මම මුල්වරට අද මෙවන් චාරිත්‍රයක් ගැන ඇසුවෙමි. නොදත් දෑ ගැන අපට කියා දී දැනුවත් කරන ලංකාදීපයට අද අවුරුද දින දීර්ඝායු පතමි. (නි)

:       0       0

අජන්ත Wednesday, 13 April 2016 08:25 PM

අගය කළයුතු දෙයක්. මේ පිළිවෙත් අනිත් ගම් නගර වලත් සිදුවන්නේ නම් බෞද්ධ සිරිත් විරිත් වැඩිදියුණු වී මිනිස් සිත් තුළ සාමය වර්ධනය වේවි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 13 April 2016 10:49 PM

මෙවන් දර්ශනයක් මෙලෙස ඡායාරූපයකින් හෝ දැක ගැනීමට ලැබීම වාසනාවක් (නි)

:       0       0

සුගත් Wednesday, 13 April 2016 10:49 PM

විදේශිකයන්ටත් පරජාතික චින්තනයක් තිබෙන අපේ කළු සුද්දන්ටත් ඕනෑ මෙන්න මේ බැඳීම බිඳින්න. ගම සහ පන්සල එකට තිබුනහම ඔවුන්ට සිංහල මිනිහගේ ආධ්‍යාත්මය බිඳින්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site