පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් හිමිවරුන් පැන් පහසු කරවීමේ මංගල්‍යය අද (13)උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි සිදුකැරිණි.
ගෙලිඔය තෙළබුගල නිග්‍රෝද ඛෙත්ත මහා පිරිවෙන් විහාර විහාරාධිපති හා පරිවේනාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන් පැවැසුයේ 1848 වසරේ සිට එලදැත්ත වලව්ව හා සතර පේරුවේ දායකයන් වන එළදැත්ත, පෙතියාගොඩ, අරත්තන, බුලත්කොන්ඩ, හන්දෙස්ස යන ගම්මාන වල දායක මහතුන් විසින් ළිඳක් තෝරාගෙන එය පිරිසුදු කර පිරිත් කියා 50 කට අධික හිමිවරුන් පෙරහැරෙන් එම ළිඳ අසලට වඩම්මවා පැන් පහසු කර සිවුරු ආදිය දායකයන් විසින්ම සෝදා පිරිසිදු කර දෙන බවත් ඉන් පසු ගිලන් පස පිළිගන්වා නැවත පෙරහරින් විහාරයට වැඩම කරවා දන් පැන් පුජා පැරනි චාරිත්‍රයක් ඉටු කරනු ලබන බවයි.
මෙම චාරිත්‍රය මෙම ගම්මාන වල දායකයින් වසර 150 ක් තිස්සේ රැකගෙන ආ එකක් බවද ඒ හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේලා ධර්මයේ හැසිරී ගිහි සමාජයත් ධර්මයේ හසුරුවන්න. (නි)
අපේ ගමේ නම තිබෙන තවත් ගමක් තියෙනවානේ ලංකාවේ වෙන පළාතක. මම එ්ක දැනගත්තේ අදයි (නි)
අවුරුදු 150 කට වැඩි මෙවැනි වටිනා පිංකමක් මෙතෙක්කල් සැගවී තිබීම අපරාධයක්. රටපුරාම හිස් දේවල්ම ප්‍රචාරය කරන යුගයක මෙවැනි දේ වටිනවා. ඔබට පින්! (නි)
ඉතාමත්ම වටිනා පුණ්‍යකර්මයක්. එසේම ගැමි පරිසරය මැනවින් විදහා දක්වන ඡායාරූප පෙළක්ද දැකීමට ලැබීම ඉතා වටිනවා. මෙවැනි පුවත් විස්තර අපට ඉදිරිපත් කරන "ලංකාදීප" පුවත්පතට අප සැමගේ ප්‍රණාමය! (නි)
මා දුටු විරලම ගණයේ දසුන් සහිත ශාසන ඉතිහාස පුවතකි. පන්සලයි - ගමයි අපේ සිංහල සංස්කෘතියේ අනුපමේය සාධකයකි. පුවත සැපයු සොයුරු චමිල්ට සහ "එසැණ" ට තුති මල්! (නි)
අවුරුදු දින උදයේ හොඳ පින්බර දසුනක්. ඉතා හොඳයි. (නි)
මමත් මේ ගැන කවදාවත්ම දන්නේ නැහැ. දැනුවත් කළාට ගොඩක් පින්. හරිම ලස්සන දසුනක්. සාදු ,සාදු!! (නි)
බොහෝ පින් කළ වාසනාවන්තයින්. කවදා මට මෙවැනි දිනයක් උදාවෙයිද? (නි)
මේ වගේ පින්කම් දැකලා සාධු කියලා පමණක් වැඩක් නැහැ. හෙට ඉඳලා පුළුවන් හැමෝම පටන්ගන්න. (නි)
තායිලන්තේ ලාඔසේ තවමත් මේ සිරිත තියෙනවා (ම)
මෙවැනි පින්කම් තාම පවතින්නේ ඉපැරණි විහාරස්ථාන වල සහ පැරණි සිංහල සංස්කෘතියක් ඇති පළාත් වල පමණි. එවැනි දේ උලුප්පා දක්වමින් අපේ පාඨක ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ලංකාදීපයට අපේ ප්‍රණාමය! (නි)
විදේශිකයන්ටත් පරජාතික චින්තනයක් තිබෙන අපේ කළු සුද්දන්ටත් ඕනෑ මෙන්න මේ බැඳීම බිඳින්න. (ම)
සාධු සාධු සාධු!!! (නි)
මෙවන් උතුම් චාරිත්‍ර වැළලී යානොදී රැකගත යුතුයි. චමිල්, ඔබට පින්. මෙවන් තවත් තොරතුරු සපයන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
මෙවන් දේවල් අපිට ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
සාධු! සාධු!! සාධු!!! (නි)
ඉතා හොඳ පැරණි චාරිත්‍රයක්! (නි)
හැටපස් වසරක් සපුරා ඇති මම මුල්වරට අද මෙවන් චාරිත්‍රයක් ගැන ඇසුවෙමි. නොදත් දෑ ගැන අපට කියා දී දැනුවත් කරන ලංකාදීපයට අද අවුරුද දින දීර්ඝායු පතමි. (නි)
අගය කළයුතු දෙයක්. මේ පිළිවෙත් අනිත් ගම් නගර වලත් සිදුවන්නේ නම් බෞද්ධ සිරිත් විරිත් වැඩිදියුණු වී මිනිස් සිත් තුළ සාමය වර්ධනය වේවි. (නි)
මෙවන් දර්ශනයක් මෙලෙස ඡායාරූපයකින් හෝ දැක ගැනීමට ලැබීම වාසනාවක් (නි)
විදේශිකයන්ටත් පරජාතික චින්තනයක් තිබෙන අපේ කළු සුද්දන්ටත් ඕනෑ මෙන්න මේ බැඳීම බිඳින්න. ගම සහ පන්සල එකට තිබුනහම ඔවුන්ට සිංහල මිනිහගේ ආධ්‍යාත්මය බිඳින්න බැහැ. (නි)