‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය විශාල බැනරයකට අත්සන් ගැනීමේ වැඩසටහන අද බොරැල්ලේ පැවැත්වෙද්දී ඊට පොලිසිය බාධා කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා කියයි.
පෙර අවසරයකින් තොරව බැනර් නොගැසිය යුතුයයි කියමින් පොලිසිය අත්සන් සහිත බැනරය ගෙන ගිය බව ද, පරිසර දූෂණය වන බව කියමින් අත්පත්‍රිකා බෙදීම නතර කළ බවද ජාගොඩ මහතා පවසයි.
සේනාධීර ගුණතිලක (ඕපාත) සහ තවත් පුද්ගලයකු පොලිසියට රැගෙන ගොස් මුදා හරිනු ලැබූහ.
කොළඹ කොටුව, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක මීට පෙර මේ වැඩසටහන පැවැත්වුවත් කිසිදු ගැටළුවක් ඇති නොවූ බව වැඩසටහනේ සංවිධායකයෝ කියති.
යාපනය, බණ්ඩාරවෙල, යටියන්තොට, නාවලපිටිය සහ ගාල්ල නගර වල ද අද මේ වැඩසටහන පැවැත්වෙයි.


![_DSC0205[1]](http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/2014/07/DSC02051.gif)
![P230714_1016[02]](http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/2014/07/P230714_101602.gif)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල මහත්තයාගේ කතාව හරි. ලංකාවේ තියෙන සහ ජිවනේ හොදටම ඇති. හැබැයි ලංකාව ඇතුලේ අන්තවාදී මුල දර්ම ගොඩ නගන්න හැදුවොත් කළු ජූලියට වඩා හපන් වෙනවා. ලංකාවේ හිටපු මුස්ලිම් මිනිස්සු අන්තවාදී කොටසක් නෙමෙයි. මේ ලෙඩේ ආවේ මැද පෙරදිග ගිහින් ආපු මෝඩයින් සුළු කොටසක් නිසා. වහාම අන්තවාදය නැවැත්විය යුතුයි. ප්‍රභාකරන්ට උණු දේ මතකයිනේ. (නදී)
මංගල, ඔබ හරි (නි)
මංගල කියන කතාව හරි (නි)
මේක අත්සන් ගහන කවුරුත් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. (නදී)
ලංකාවේ තියෙන තරම් සම අයිතියක් වෙන කොහෙවත් නැ . වෙනත් රට වල නීති මගින්ම සුළු ජාතීන්ගේ අයිති වාසිකම් සීමා කරනවා. උද:- මලයාසියාව, ඉන්දුනිසියව බලන්න ටිකක් හදාරල. නමුත් මේක සිංහල බෞද්ද රටක් කියන එක සිංහලය වගේම අනික් හැමෝම පිලි ගන්න ඕනේ. (නදී)
සෝනා, ඉතින් මැද පෙරදිග මිනිස්සු යවන එක නවත්වමු. ඔය ගෑනු උදවිය යවන එකට නම් මම කොහොමත් කැමති ණෑ. මගේ නෝනත් ඔහේ ගිහිල්ල ආවට පස්සේ හරිම අන්තවාදී වෙලා. මට කට අරින්ඩවත් දෙන්නේ නැහැ (නදී)
සුනෙත්,අපි කවදාවත් මේක බෞද්ධ රටක් කියන එක ප්‍රතික්ෂේප කර නැහැ. ඔය අදහස් හා තර්ක කිසිවෙක් කිසිවිටක පිළිගන්නේ නැහැ. මුලින්ම ලාංකිකයින් කියන හැඟීම අපි තුළ එනතුරු මේ රට ගොඩගන්නත් බැහැ. (නි)
සමහර ශෝබන වාදීන් (හාන්සිපුටු මාක්ස්වාදීන් ද ඇතුළුව) සිංහලුන් ලෝකයා ඉදිරියේ හොඳ මුහුණ පෙන්නන්න කළු ජූලියේ ලේ සමස්ත සිංහල ජාතියේම ගාන්න සෑදී පැහැදී ඉන්නවා. ඊනියා උගතුන්ද මේ පෝලිමට එකතු වීම ජාතියේ අවාසනාවක්. (නදී)
කොහොමත් ආණ්ඩුවට හොද ඇසක් තියෙනවා. හැබැයි ආණ්ඩු විරෝධය නිවැරදිව හඳුනාගන්න. සුභ අනාගතයක් ඒවි ඉක්මනින් (නි)
මංගල මහත්තයා නිකන් නොදන්නා දේ කතාකරන්න එපා.මොන බටහිර රටේද දන්නේ නැහැ ඔය කියන සම අයිතිය ඒ විදියටම දෙන්නේ? කියන්නකෝ අපිට දැනගන්නත් එක්ක (නි)
කළු ජුනි ජුලි නැතිව කොහොමද ආණ්ඩු ගෙනියන්නේ (නදී)
තවත් 1971 අපිට එපා. (නදී)
එතකොට පොලිසිය කියන්නේ තවත් කළු ජූලියක් ඕනෑ කියලද? (නදී)
ඒ ගමන මේ අය මේ මොකාටද එන්නේ (නදී)
දැන් පොලිසියේ ඉන්න වැඩි පිරිසක් ලෝකය ගැන කිසිම දෙයක් දන්නේ නැති මෝඩ රැලක්. ඔයවගේ මෝඩ වැඩ ඉස්සරත් කළා. 1989 අඳුරු යුගයේදී ' ගම්පෙරලිය ' නවකතාව ළඟ තිබිලා කොල්ලන්ව පොලිසියට අල්ලාගෙන ගියාලු. (නදී)
අපරාදේ ඒ අයත් කීයක් හරි හම්බකරන්න එපැයි (නදී)
මේ පෙරටුගාමීන් කියන පරපුටුවෝ රටේ තවත් ලේ හැලීමක් නිර්මාණය කරන්න තමයි මේ හදන්නේ. කළු ජූලියක් ඕන කරලා තියෙන්නේ මේ අයට තමයි. කටුනායක, රතුපස්වල සහ හංවැල්ල අමතක කරන්න එපා. මේවායේ අත්සන් කරන්න තරම් මෝඩ වෙන්න එපා. (නදී)
ඔය පෙරටු ගාමින් තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ දර්ශනය පාවා දුන්නේ. අහුවෙන්ඩ එපා (නදී)
මට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඔය කියන සම අයිතිය ලෝකෙ මොනම රටකවත් නැහැ. ඔය බොරුව බටහිර රටවල් මවාපාන බොරුවැල්වලින් තවත් එක බොරුවක් විතරයි. ලෝකෙ ඕනම රටක සුලු ජාතීන් ඉන්නවා ඒ වගේම ඒ අයට කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. මහ ජාතිය සමග සහජීවනයෙන් ඉන්නකල්. කරුණාකරලා දැන්වත් ඔය බොරුව නවත්වන්න. ලංකාවෙ තියෙන ආගමික සහ ජාතික නිදහස ඉතාමත් හොදයි. මම මේ කියන්නෙ බටහිර රටක ජීවත්වෙන ගමන් සහ ඔය කියන සම අයිතියත් විදින ගමන් තමයි. (නදී)
රට ගැන මේකෙන්ම පෙනෙනවා. (නදී)
මංගල කියනා කතාව හරි ඕවා විකාර වැඩ (නදී)
පව් අප්පා. අහිංසාගේ උන තාම බැහැලා නැහැ වගේ. මොලයක් නැති කෙනෙකුට උන හැදුනම ඔන්න ඔය වැඩේ තමයි වෙන්නේ. (නදී)
අහිංසක දෙමළ මිනිස්සු අලෙවි කරලා ඩයස්පෝරාව හම්බ කරන සල්ලි වලින් යැපෙනවට වඩා කැට එකතු කරලා යැපෙන යාචකයො නම්බුකාරයි. රට ජාතිය පාවලා දීල ජීවත් වීම ලජ්ජාවක් නැද්ද මන්දා?(අ)