එළඹෙන ජනාධිපතිවරණයේ දී ‘වමේ පොදු අපේක්ෂකයා‘ ලෙස දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.
නව සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සහයෝගය වමේ පොදු අපේක්ෂකයාට ලැබී ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගමුව නාගන්න වගේ හදන්නේ. කෝ අර ගේනවා කිව කුමාර් ? (නදී)
බන්දු මහත්තය සල්ලි දෙනවා නම් ඒගොල්ලෝ ගනීවි. නමුත් අායෙමත් කියන්නේ සමාජවාදය කියන්නෙම සාමුහිකත්වයට නිසා අතේ තියන සතෙන් මැතිවරණය කරලා පෙන්වන්නම්. ලංකාවේ ඉතා විශාල පිරිසක් තමාගේ ජිවිත සමාජවාදී පිලිවතට හැඩ ගස්වාගෙන ඉන්නේ. එ්ක බහුතරයක්, ඒ අය සමාජයට වදයක් නොවී ඉන්නවා. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ අපේ රටේ අය තමන්ගේ පන්තිය හදුනන්නේ නැහැ වගේ. තමන් ගෙවන්නේ සමාජවාදී ජිවිත කියලා දන්නේ නැහැ. මොකද මේක සරලව කියල දීල නැහැ. අනික අතීතයේ උදාහරණ එතරම් හොද නැහැ. අපි මේක හෙමින් තේරුම් ගමු. එතකොට අර ඇත්ත සමාජවාදී ජිවිත ගෙවන මින්ස්සු කවදා හරි අපි වටේට එකතු වෙනවා. එ්කට ලෝක තත්වයක් බල පානවා. (නදී)
සමහර අයගේ අදහස් දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. අද ලංකාව දක්ෂිණ දේශපාලනයට ඇදගෙන යාමට විරුධව, වමේ මෙහෙම ව්‍යාපාරයක් හෝ ඉතිරි වී තිබීම සුභ කරුණක්. වමේ පෙරමුණට ජයවේවා. (නදී)
අනේ චමින්ද ඔය ඕස්ට්‍රේලියාවේ ඉඳන්ද මේ අපේ රටේ ප්‍රශ්න විසඳන්න කතා කරන්නේ. හොඳට බලන්න අර මීට කලකට පෙර සරසවියට ගිහින් යන්තම් පණ බේරාගෙන එලියට බැහැපු උදවිය කියන කතා ටික. දැන් මෙහෙම කියාවි. නමුත් බලය ලැබුනාට පස්සේ කොන්ඩේ ජෙල් ගාගෙන ලිමොසින් එකේ නගින්න අවස්තාව ලැබුනාම වෙන දේ අපි දන්නවා. දැන් ඔය එහෙම ගිය එක්කෙනෙක් මේ දවස් වල ඔය බෙරිහන් දෙන්නේ. (නදී)
අනේ අනිච්චන් අපිට මීට කලිනුත් එක එක්කෙනා සමාජවාදේ මතක් කරලා දීල හෙමින් සැරේ ධනපතියන්ගේ ලැම්බෝගිනියට නැග්ගා. චාමින්ද ඔයා නේද අර ඔස්ට්‍ර්ලියාවේ ඉඳලා මෙහෙ දේශපාලනය කරන්න හදන්නේ. ලැජ්ජා නැද්ද ඉන්නේ ධනපති රටක. හැබැයි කතා කරන්නේ සමාජවාදය. ඔන්න ඔයගොල්ලන්ගේ නියම තත්වය. (නදී)
චාමින්ද මහත්තයෝ, කියන්නකෝ ඔබතුමාගේ ගජයට ඡන්ද කඩන්නේ නැතුව සද්දේ වහලා ඉන්න කියලා. (නදී)
කරුණාකර තමන්ට දේශපාලන බලය ලබා ගැනීමට පොදු ජනයාගේ පීඩිත ජීවිතය සහ පන්ති පරතර ආයුධ කරගන්න එපා. ඔබ විශ්ව විද්යාලයෙදීම නීතිගරුක පුරවැසියෙකු ලෙස ඔබේ ගරුත්වය කෙලෙසාගෙන ඉවරයි. (නදී)
පවතින විධායක ජනාධිපති ක්‍රමයටත්,දුෂණය, වංචාව,සහ ධනවාදය තවත් ඉදිරියට ගෙන යාමට කරන සහයෝගය දැක්වීමක් වශයෙන් සිතන්නට පුළුවන. මෙම කරුණු සදහා ඇති විරෝධය කොටස් කිරීම සිදු නොවන්නේද? ප්‍රධාන බාධකය වන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී මගකට පිවිසීමෙන් පසු තමන්ගේ දේශපාලන මගට පිවිසීම කාටත් වඩාත් සුදුසු නොවන්නේද? (ර)
හරි ෂෝක්. අනිත් මිනිස්සු යමක් ඉගෙන ගෙන රස්සාවක් සොයාගෙන පිළිවෙලකට ජීවත් වෙනවාට අකමැති කෙනෙකුට රට භාර දෙමුකෝ. සමහරුන්ට ශුභ ලකුණු ලු පේන්නේ. මට නම් මෙයාගේ මුණ දකිනකොට උදේට ලුණු කැඳ වත් නැති වෙන බව තමයි පෙන්නුම් කරන්නේ. (නදී)
මම එක තමා කීවේ වමේ පරණ අත්දැකිම් හොද මදි කියලා. (ර)
මම මෙයාව දන්නේ පාසල් යන කාලේ ඉදලා. පාඩුවේ පැත්තකට වෙලා හිටියොත් තමා හොද (දිල්)
පෙරටුගාමි මහත්තයෝ, ඡන්දෙට කලින් ඇඟේ උෂ්ණය යන්නත් එක්ක හොඳට නාලා මොළෙත් පිරිසිදු කරගෙන ඔය කියන ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගෙන් කැමති කෙනෙකුට ඔබතුමා ඇතුළු නඩය ඡන්දය දුන්නොත් නරකද? ඇප මුදලයි කාලයයි දෙකම ඉතිරියි. අහක ඉන්න අපිට වදේකුත් නැහැ. (නදී)
අර රත්නපුරේ ගණිකාව දැම්මනම් ඊට වැඩිය ඡන්ද ගන්න තිබුනා. අනේ අනිච්චන් මෙයාලට ගිය කල (ස)
තව ටික දවසකින් මෙයා දහයක් විතර කුලියට අරගෙන තප්පු ගගහ පාරේ යාවි. (ස)
මෙයාලට ඉතින් අමුතුවෙන් නාන්න දෙයක් නැහැ. දැනටමත් නාගෙනම තමයි ඉන්නේ. අපිටත් හෙම්බිරිසාව බෝකරන්න වගේ උත්සහ කරන්නේ. (නදී)
මොකෙක්ද බොල මේ කුරුටුගාමි පක්ෂෙන් ? (නදී)
බලු මැක්කන්ට වැඩිය දේශපාලන මැක්කෝ සම්පුර්ණයෙන්ම වෙනස්. බලු මැක්කා බල්ලාගේ ඇඟේම වහලා ලේ උරා බොනවා. දේශපාලන මැක්කෝ එහෙම නැහැ පැත්තකට වෙලා ඉඳගෙන තමයි ඒ වැඩේ කරන්නේ. (නදී)
මම මෙතන දේශපාලනය පිලිබඳ ප්‍රතිපත්තියක් විදියට අදහස් නොලියන කෙනෙක්. නමුත් දැන් නම් නිහඬව ඉන්නේ නැහැ. ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දී අපේ වසර හතරක උපාධිය වසර හතකට කිට්ටු වෙන්න කල් ගත වෙමින් ඇදිල ගියේ මෙන්න මේ මහත්තය නිසා. මෙයාට රට භාර දෙන්න පුළුවන් රටේ හැමෝටම දෙවියන්ගේ හාල් කැවිලා නම් ! (ස)
නියමයි. (ස)
ජයග්‍රහණයම නොව. ජනතාව ඉදිරිපිට දේශපාලන පක්ෂයක් වශයෙන් පෙනී සිටිනවා නම් මැතිවරණයකට ඉදිරිපත් වීම වැදගත්ය. (ර)
මහින්දයි මෛත්‍රීයි වෙව්ලලා ඇති. (නදී)
වමේ අපේක්ෂක දුමින්ද නාගමුවට අපේ උණුසුම් සුබපැතුම් (නදී)
මෙයා සරසවියේ ඉන්න කම් විභාග ටික ෆේල් වේවි. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න දුන්නේ නැහැ. අපි කාපු කට්ට දෙයියෝ තමයි දන්නේ. දැන් එනවා රට හදන්න. (නදී)
ජපුර සරසවියේ ඒ කාලයේ ඉගෙන ගත්ත කිසිම කෙනෙක් මෙයාට ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)
මෙයාට කතිරේ නෙවෙයි හම්බවෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ දෙමාපියන්ගෙන් මේකා පරලෝ සැපත් වන තුරු ටොකු හම්බවෙයි. මගේ නංගිගේ මුළු අනාගතේම විනාශවුනේ මෙයා ඉගෙන ගන්නේ නැතුව විශ්ව විද්‍යාලයේ නොදන්නා දේශපාලනය කරන්න ගිය නිසා. (නදී)
වමේ දේශපාලනය තෝරා ගත්තු ජ.වී.පෙ වගේ දේශපාලන ව්‍යාපාර පවා ධනවාදි කඳවුරේ පැවැත්මට කඳවුරු බැදන් ඉන්න වෙලාවක වමේ අපේක්ෂකයෙක් ලැබෙන පුංචි ඉඩෙන් හරි ප්‍රයෝජනයක් අරන් තියෙනවා. වමේ කතාව සමාජ ගත කරන එක ඉතා වැදගත්. අන්තරේ ජිවිත පරිත්‍යාගයෙන් කරපු අරගල නිසා තමා නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ. ඔබ දකින්න ඇතිනේ එංගලන්තේ ශිෂ්‍යයෝ දහස් ගානක් පාර්ලිමේන්තුව වට කරනවා නොමිලේ අද්‍යපනය ඉල්ලලා. ඒ අරගලයම තමා දුමින්ද ලංකාව ඇතුලේ කලේ. අදටත් යන්තම් හරි නිදහස් අද්‍යාපනය රැකිලා තියෙන්න ඒ අරගල නිසානේ. බහු ජාතික සමාගම් ලංකාව ඇතුලේ කරලා තියන විනාශය නිසා අද රතුපස්වල විතරක් නෙමේ හැම ගමගම වතුර ටික විනාශ වෙලා නැද්ද ? වකුගඩු රෝගය කියන්නේ කුඹුරු, ඉඩම් වලට විෂ බීජ මිශ්‍ර කරපු නිසා හැදුන එකක්ද ? අම්ම විදුහල්පති ලගට නොයවා හරි සල්ලි පගාවක් දීල හරි නැතුව ළමය පාසලට දාන්න පුලුවන්ද? නීතිය කාටත් සාධාරණද..? දුමින්ද තව ටිකක් මේ ගැන කියල දේවි. (නදී)
මෙයා සරසවියේ කල විනාසය හොඳටම ඇති. කවුරු හරි ඉංග්‍රීසියෙන් සරසවියේ කතා කරනවා ඇහුනොත් මෙයා ගෝලයෝ ලවා ඒ මනුස්සයට තර්ජනය කරවනවා ඉංග්‍රීසියෙන් කතා කිරීම තහනම් කියලා. යමක් කමක් තියන තැන් වලින් උගත් පවුල් පසුබිමකින් ජනප්‍රිය කොළඹ පාසැල් වලින් සරසවියට ආපු ළමයින්ව පෙන්නන්න බැහැ. මෙයාට රට භාර දුන්නොත් රටට දෙවියන්ගේම පිහිටයි. (නදී)
සරසවිය කෑවා. ආවම ගස් බැඳලා ගහන්න ඕනේ (නදී)
මේ කුරුටු ගාමියා කැම්පස් එකේ කල හදි ටික මතක් වෙන කොට මට කටට එන ඒවා ලීවොත් මෙතන පල වෙන එකක් නැහැ. (නදී)
මේක නම් සී.අයි.ඒ එකේ ප්ලැන් එකක් හරි එන්.ජී.ඕ ප්ලෑන් එකක් හරි වෙන්න ඕනා. වමේ ඡන්ද ටික මෛත්‍රීට වැටෙන එක නවත්වන්න කරන වැඩක්. (නදී)
කරුණාකර කියන්න මෙයාගේ වෘත්තීය මොකද්ද ? ආදායම් සපයා ගන්නේ කොහොමද ? මම දැකල තිබෙන ඔක්කොම සමාජවාදියෝ දේශපාලනයේ රහ දැනුනාට පස්සේ ලෙනින් කියන්නේ කව්ද වත් දන්නේ නැහැ. එන්නේ අතේ සතේ නැතිව පීඩිත පන්තිය වෙනුවෙන් අරගල කරන්න කියල. හැබැයි පට්ටම් ලැබෙන කොට, සල්ලි අත ගෑවෙනකොට ප්‍රසිද්ධ වේදිකාවල දකුණේ ලොක්කන්ට මුට්ටි අල්ලන එක තමයි කරන්නේ. (නදී)
අපොයි මෙයා මේ රටේ තනතුරකට ආවොත් ලංකාවේ උසස් අධ්‍යාපනය ඉවරයි. ඊට හොඳයි දැන් අර දැනට ඉන්න තප්පුලන දෙපලටම ඔය වැඩේ කරගෙන යන්න දෙන එක. (නදී)
කෝ අර විසා නොමැතිව ලංකාවෙන් පැන්නුව ඩබල් සිටිසන් ,ට්‍රිප්ල් නේම් කාරයා. (නදී)
චාන්දනී, අඩු වැඩි වශයෙන් අනෙක් අපේක්ෂකයොත් ඔය බෝට්ටුවේම තමයි. ඒ නිසා කාගේ හරි බෝට්ටුවකට නැගිලා එගොඩවෙන එකේ වරදක් මා නම් දකින්නේ නැහැ.(නදී)
වමේ විප්ලවවාදී බුමිකාව තදින්ම සමාජයට අවශ්‍ය හිඩැසක් සමාජේ තියනවා ඒ මතය සමාජ ගතකරන්න හොදම අවස්ථාවක් දුමින්ද නාගමුව සහෝදරයා ඔබලාගේ ඉදිරිපත්වීම අගය කරමු. (ර)
දුමින්ද නාගමුව විශ්ව විද්‍යාලයේ ඉදලම ප්‍රබල සටන් කරුවෙක්. ඔහු අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කලේ විශ්වවිද්‍යාලයේ සිටියදීම. එහෙම සටන් කිරීම නිසා අධ්‍යාපනය පුද්ගලීකරණය පසු පස්සට දැමීමට හැකි උනා. දැන් සමස්ත පීඩිත පන්තියේම අයිතීන් දිනාගැනීමට දුමින්ද පැමිණීම පීඩිත පන්තියේ සටන ඉදිරියට ගෙනයාමට ප්‍රබල හඩක්. වමේ ව්‍යාපාරයට ජයවේවා!! (නදී)
මෙයා ගේ වැඩ ගැන අහගන්න සරසවියේ නාකි වෙනකන් විභාග ලියන්න සිද්ධ වුන කට්ටියගෙන්. (නදී)
ඔන්න දැන් විශ්ව විද්‍යාලවලට රිංගල එතැන ළමයින්ට දේශනා වලට යන්න නොදී මෙයාගේ රැස්වීම් වලට බලෙන් කතා කරාවි. ළමයිනේ අහු වෙන්න නම් එපා. ඔබලාට කලින් සරසවියට ආපු එයින් පිට වුන අයගෙන් මෙයා ගැන හොඳට අසා දැන ගන්න. (නදී)
මෙයා නිසා උපාධිය කල් ගොස් ගෙදරටම වයස්ගත වෙලා රැකියා සොයා ගැනීමද කල් ගොස් අන්තිමේ කසාදෙත් පරක්කු වුන අපේ පීඩිතකම ගැන මට මතක් වෙන කොටත් තරහයි. (නදී)
දන්නා කෙනෙක් කියන්න . මෙයා අර ඒ දවස් වල අසමත් වුන විභාග ටික දැන් වත් සම්පුර්ණ කරගෙනද ? රට හදන්න යන්න කලින් අනුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් වෙන්න එපායැ. (නදී)
ලංකාවේ වමේ නායකයෝ කියාගන්නා කොටස් තරම් (සැබෑ ප්‍රගතිශීලී හදවත් ඇති මිනිසුන් නෙවෙයි) අන්ත, අවස්ථාවාදී, අද්බූත, බොරු කියන කොටස් අන්ත දක්ෂිනාංක පක්ෂවලවත් නැහැ. දැනට ආණ්ඩුවේ ඉන්න වමේ ඇමතිවරු කතා කරන්නේ කටින්ද කියල හිතෙනවා. ධනවාදී කොටස් කියන ඒවා ඉවසන්න පුළුවන්. මෙතුමාගේ ඉදිරිපත් වීමේත් අනිවාර්ය රහසක් තියෙනවා. (නදී)
අනේ මන්දා ලංකාවේ දේශපාලනේට කුඩ්ඩෝ නැතුවත් බෑ. කුඩු නැතුවත් බෑ. හැමෝම කුඩු ගහලද මන්දා (නදී)
කොටින්ට උඩගෙඩි දෙන්න නම් හදන්න එපා. (නදී)
වෙන මොකටද ඉතින් ඉදිරිපත් වෙන්නේ කාට හරි අංචියක් අදින්න මිසක්. (නදී)
මෙතුමාට මැතිවරණයකට ප්‍රමාණවත් මුදල් තිබෙනවාද.? පෙරටුගාමී හෝ මන්දගාමී හෝ පක්ෂයකට සල්ලි තියෙනවද.? මෙයින් අපට සිතා ගන්නට හැක්කේ මේ මහත්තයා මුහුදෙන් එහා කොහේ හෝ රටකින් කරන පෙළඹවීම සහ මෙහෙයවීම මත අපේ රටේ නාඩගමක් නටන්න යන බවයි. (නදී)
අර චමින්ද නමින් මෙතන ලියන්නෙත් මෙයාමද කොහෙද ? (නදී)