මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මිය අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
හෝමාගම ප්‍රාදේශීය සභාව සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කොට ඇති මෙම පෙත්සමේ පෙත්සම්කාරිය සඳහන් කරන්නේ මෙම මාර්ග නම් කිරීම සම්බන්ධයෙන් තමාට හෝ තම දරුවන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, එමඟින් විශාල මානසික පීඩාවක් ඇතිකරන බවය.හෝමාගම කටුවන ප්‍රදේශයේ පිහිටි මාර්ග දෙකක් ප්‍රේමකීර්ති ද අල්විස් පාර සහ ප්‍රේමකීර්ති පෙදෙස නමින් නම් කිරීමට හෝමාගම ප්‍රදේශීය සභාව සූදානම් වන බව රූපවාහිනී වැඩසටහනකදී සිය පුත්‍රයා දැනගත් බවද ඒ ගැන කිසිදු දැනුම් දීමක් තමාට හෝ පවුලේ කිසිවෙකුට කර නැතැයිද පෙත්සම්කාරිය කියා සිටී.
1989 වසරේදී ඝාතනය කළ තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නොකළ බවත්,එසේ තිබියදී මෙලෙස මියගිය සැමියගේ නම භාවිතා කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.මේ නිසා තමාට හා තම පවුලේ සාමාජිකයින්ට විශාල මානසික පීඩාවක් හා හානියක් ඇතිවන හෙයින් ප්‍රේමකීර්ති ද අල්විස් නමින් මාර්ග නම් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ ඝාතකයින් ඉක්මනින් අපිට දැනගන්න ලැබේවා! (නි)
ආදරණීය ප්‍රේම්, ඔබ මියයනවිට අපි ගොඩක් පොඩියි. එහෙත් ඔබ නැති අඩුව දැනෙනවා අපිට (නි)
ගමෙි ඉන්නකම් ප්‍රේමකීර්ති මාමගෙ නම කැතවෙන වැඩ කරපු නිසා තමයි ගමෙනුත් යන්න වුනේ. පාට කන්නාඩි ගලවල බලන්න මෙච්චර කාලෙකට මේ කියන මහත්මිය එතුමා වෙනුවෙන් මොනවද කළේ කියල.....? ප්‍රේමකීර්ති මහතා අපේ හදවත්වල තවමත් ජීවමානයි අපි මෙහෙමවත් කරන්න හදපු එකද වරද ? බුද්ධිමත්ව සිතන්න...! (බ)
මැරිලා අවුරුදු 26 කට පස්සේද නම් දාන්න මතක්වෙලා තියෙන්නේ? අනේ මන්දා මේවා? (නි)
ඉතාම සාධාරණ ඉල්ලීමක්. (ම)
ප්‍රේමකීර්ති මහතා අපේ හදවත් වල තවමත් ජීවමානයි (නි)
යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රේමකීර්ති ඝාතකයෝ හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා (නි)
අදහස් පළකරන හුඟක් අය මෙතුමාගේ ඝාතනය පිළිබඳව තොරතුරු දන්නේ නැති බව පෙනෙනවා (නි)
ඔය කාලේ මට වයස 8යි.ගුවන් විදුලියේ වැඩසටහන් වලට ප්‍රේමකීර්ති මාමා (මහතා) එනවා කිවුවම හරි ආසාවෙන් අහගෙන ඉන්නවා.ඇත්තම කියනවා නම් වැඩසටහන් වල නම් මට මතක නැහැ.ඉතින් ඔය කලබල කාලයේ ප්‍රේමකීර්ති මහත්තයාවත් මරලා (ඝාතනය කරලා)කියලා තාත්ත අම්මට කියනකොට මම කාමරේට ගිහින් ඇඩුවා.ප්‍රේමකීර්ති මාමාගේ පින්තූරයක්වත් මම දැකලා නැහැ.ඒත් එයාගේ වැඩසටහන් වලට මම වහවැටිලා හිටියේ.ප්‍රේමකීර්ති මාමාට නිවන් සුව පතනවා. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
සාධාරණ ඉල්ලීමක් (නි)
ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක්.මෙවන් යුගයක ලක් දෙරණේ ආදර්ශමත් බිරිඳක්,මවක්. (නි)
මිනිසුන්ගේ හදවතේ ජීවත්වන අයට බෝඩ්ලෑලි වල නම් ගසන්න ඕනෑ නැහැ (නි)
මරණය ගැන පරීක්ෂණ කරන්න නම් දැන් කාලේ පැනල.දුමින්ද කිව්වා වගේ රතු හමුදාව තමා එ්ක හොදටම දන්නේ. පාරවල් වලට නම් දාල එතුමාගේ වටිනා කම මනින්න බෑ. ඒ නම් සදාකාලිකව මිනිස්සුන්ගේ හීත් වල තියනවා. ඒ අතීතය නොදන්නා අය තමා දේශප්‍රේමින් කියා ගන්න අයට කතිරේ ගහන්නේ. විශේෂෙන් අපේ තරුණ පරපුර අතීත සිදුවීම් ගැන අවබෝදයෙන් කතිරේ ගහන්න ඕනා (නදී)
ප්‍රේමකීර්තිගේ නමට පාරක් නැති එක හොඳයි. නැත්නම් ප්‍රේමකීර්තියි අර මහ රජානනේ කිව්ව කෙනයි සමාන වෙනවා. (නදී)
රතු කට්ටියට මේ පාරත් ඡන්දෙ දුන්නා නම් ඉතිරි කලා කරුවන්ටත් දෙයියන්ගේ පිහිටයි. (නදී)
මෙවා නව පරපුර දැනගත යුතුයි. දැන් යහපාලනය ගැන කෑ ගහන අය එයාලගෙ භීෂණ පාලෙනයේ ඉස්සර කරපුවා ගැන මොකද කියන්නේ ? (නදී)
ජාතික සබාවේ [හිටපු] රතු පාට හවුල් කරුවෝ දනී ඔහුට උන දේ (නදී)
නියමයි. (නදී)
නියමයි මහත්මිය. අවස්ථාවාදී දේශපාලනයට ඔලුව නමන්න එපා. (නි)
දුමින්ද, සඳරුවන් නොදන්න දේවල් ගැන නොලියා හිටියොත් හොඳයි. ප්‍රේමකීර්ති අල්විස් සදාදර කලාකරුවන්ගේ මරණය ගැන පරික්ෂණයක් කරන ලෙස එම මහත්මිය හිටපු ජනපතිට ලිපියක් දෙමින් ඉතා වේදනාත්මකව ඉල්ලා සිටියා. නමුත් හිටපු වගකිවයුත්තෝ එවන් දේවල් සොයනවට වඩා එවන් වැඩකරන ජඩයන්ව ලඟට ගෙන තාන්න මාන්න දී කරට අත දමාගෙන ගමන්බිමන් යමින්, එකට කෑම බිම ගනිමින් වැඩි සම්බන්දකම් පවත්වන බව පසුගිය කාලයේ දුටුවා. මේ සදාදර කලාකරුවගේ මරනය දේෂපාලන පලිගැනිමක් නොව, පුද්ගලික ඉරිසියාවක් නිසා කළ දෙයක් බව වාර්ථා වෙනවා. ප්‍රේමකීර්ති මහාතාගේ ජනප්‍රියකම හා උසස් විම් පිලිබඳව පසුගිය කාලයේ රජයේ විද්‍යුත් මාධයක හිටපු කෙනේකගේ ක්‍රියාවක් බව ප්‍රසිද්ද රහසක්. රටම ආදරය කල මේ කලාකරුවගේ මරනයට වගකිව යුත්තන්ට මමද අදත් වෛර කරනවා. අපි මේ මරනය ගැන දැනගත්තම බාල මහලු හැමොම අඞා වැලපුනා. භිෂණය තිබුන කාලයේ එයින් ප්‍රයෝජනය ගෙන ඔබලා ඇගිල්ල දිගුකරන රතු කට්ටියගේ ගිනුමට බැරකරන්න කරපු ක්‍රියාවක්. (නදී)
පාරට ප්‍රේමකීර්ති නම අවශ්‍ය නැහැ. එතුමා අපේ හදවත්වල ඉන්නවා. (නදී)
අර පවුල නම් කක්කුස්සයට උනත් තමන්ගේ නම දාගන්නවා(නදී)
ඔබ හොඳ නිර්භීත භාර්යාවක්. වෙනත් අය තමන්ගේ ස්වාමියාගේ නම් දාගන්න දේශපාලකයෝ පස්සේ යන කලෙක, ඔබ තුමිය අරගෙන තියන පියවර අගයකල යුතුයි. ජීවත් වෙලා ඉන්නකොට දුක් ගැනවිලි ගැන හොයන්නේ බලන්නේ වත් නැතිව බොරුවට ලෝකෙට පේන්න කරන මේ වගේ වැඩේට විරුද්ධ වීමට ඔබට අයිතියක් තියෙනවා (නදී)
එතුමිය හරි. මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නොකර එකිනෙකාට දොස් පවරමින් දේශපාලන වාසි ලබා ගන්න දරන නින්දිත උත්සාහය වැලැක්විය යුතුයි.(නදී)