(ආර් එස් බෝගහගේ උලහිටිවල සිට) කරාබුගස් හන්දියෙන් ආරම්භ වන උලහිටිවල මුකලාන අතුරු මාර්ගය, රමණිය වෙල්යායක් අසල වැටි ඇති මුකලාන හන්දියෙන් 224 කොළඹ පුගොඩ බස් මාර්ගයට සම්භන්ධ වීමට ඇති ලෙහෙසිම මාර්ගය වේ. නමුත් මෙම මාර්ගයේ වෙල්යාය ආරම්භ වෙනවාත් සමග ප‍්‍රදේශවාසීන් හෝ පිටස්තර පුද්ගලයින් කසළ බෑග් ගෙනවිත් දැමීම නිසා පාර ඉතාමත්ම අප‍්‍රසන්න තත්වයකට පත් කර ඇත. මේ නිසා මාර්ගයේ ගමන් කරන අය මාර්ගය පසු කරන්නේ නහය වසාගෙනය.
කවුරුන් හෝ බලධාරියෙකු මැදිහත් වී කසළ බැහැර කිරීම නැවැත්තුවේ නැතිනම් මෙම රමණිය වෙල්යාය අසල මාර්ගය කුණු කන්දක් බවට පත් කිරීම නොඅනු මානය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොකක්ද පරිසර එකකින් කියලා කඩා පනින කට්ටියක් ඉන්නවා නේද?ඒ අය අපේ ගෙවත්තයි ,කුස්සි වලයි ඇවිත් මොනවා බලනවද දන්නෙ නැහැ,ජනෙල් වලිනිත් ඇවිල්ලා ඔලුව දාලා බලනවා. ඒ අයට ඕවා නොපෙනි යනවා ඇති. අනේද කියන්නේ? (නි)