ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග පහෙන්ම පරාජය වීම ගැන ඉන්දියා ජාතිකයෝ පවා පුදුමයට පත් වී සිටිති. මුම්බායි ටයිම්ස් පුවත්පත කියනුයේ මෙම පරාජය ළඟ එන ලෝක කුසලාන තරගාවලියට මුහුණ දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි මානසික පසුබෑමක් එක්කරන බවයි.
එසැණ සමග අදහස් දැක්වූ ඉන්දියා ජාතිකයින් කිහිපදෙනෙක් අදහස් දැක්වූහ.
මහරාස්ට්‍ර ප්‍රාන්තයේ විනෝද ශර්මා, ‘‘ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කිසිම අඩුපාඩුවක් මම දකින්නේ නැහැ. නමුත් පන්දු යවන්නන් බොහොම දුර්වලයි. නිසි පුහුණුවක් නැති නවකයින්ට අපේ පිතිකරුවන්ගෙන් ලැබුණු පීඩනය ඔබ දකින්න ඇති. ඔවුන්ට ඒක දරාගන්න අමාරු වුණා. තේරීම් කමිටුව මිට වඩා ඔවුන් ගැන හිතුවානම් හොඳයි කියලයි මට හිතුනේ. ”
මුම්බායි නුවර සංජය සින්ග් , ‘‘96 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මට මතක් වෙනවා. අපේ පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම එළියට දාන්න එදා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වුණා. අද ඒකේ අනික් පැත්ත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න තියෙනවා කියලා අපේ පත්තරවල තිබුණා. ක්‍රීඩකයින්ට හොඳ මානසිකත්වයකින් ක්‍රිඩා කරන්න පරිසරය හදලා දෙන්න ඕනේ ක්‍රිකට් මණ්ඩලය. අපේ වගේම ඔබේ රටෙත් ක්‍රිකට් මණ්ඩලය ජිවත් වෙන්නේ ක්‍රීඩකයන් නිසා. ඒ නිසා ඔවුන් ක්‍රීඩකයන් ගැන හිතන්න ඕනෑ.”
කල්‍යාණන් ග්‍රාමයේ ප්‍රදීප් පත්රෝ, ‘‘ඉදිරි ලෝක කුසලානය අපේ අතේ. අපිට තිබුණු ලොකුම බාධාව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. ඔවුන් හැම අවස්ථාවකම අපිට අභියෝගයක් වුණා. ඒ අභියෝගය දැන් ඉවරයි. මේ කණ්ඩායමම ලෝක කුසලානයට එනවා නම් අපි කැමති. අයි පි එල් නිසා අපේ පිතිකරුවන්ට ලෝකයේ ප්‍රබල පන්දු යවන්නන් ගැන හොද අවබෝධයක් තියෙනවා. පිතිකරුවන්ටත් එහෙමයි. ඉන්දියාවට ජයවේවා. ”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කියන්නේ නිතරම අපේ රටට හතුරුකන් කරන රටක්. ඒ අයට පැරදුන එක තමයි කණගාටුව. එත් අපේ කොල්ලෝ ලෝක කුසලානෙට හොඳට තරග කරන එක අපිට විස්වාසයි. අපේ ක්‍රිකට් තේරීම් කමිටුව මීට වැඩිය හිතලා වැඩකරන්න ඕනා. පාලක මණ්ඩලයේ වැරදි නිසා තමයි අපේ කොල්ලන්ට කවදත් ප්‍රස්න. (අ)
හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. මේකත් එහෙම එකක් වෙන්න ඇති.අපේ අයගේ දුර්වල තැන් හදාගන්න මේක නියම අවස්ථාවක්. අනිවාර්යයෙන් අපේ අයට ලෝක කුසලානය ගෙනෙන්න පුළුවන්.ඉන්දියාවේදී නැතිවුණාට අපේ අයට ඕස්ට්‍රේලියාවේදී හොඳ සෙනඟක් ඉන්නවා.අපේ කොල්ලන්ට ජය! (නි)
නිශාන්තට පින් සිදු වන්නට ඉන්දියාව බලපොරොත්තු ඉටු උනා. (නදී)
මන් හිතන්නේ මැතිව්ස් අහසින් පොළොවට බහින්න ඇති..බැස්ස නෙමෙයි වැටෙන්න ඇති .මේවා අභියෝග ..ක්‍රීඩකයින් මේවට මුණ දෙන්න ඕන..හැමදාම නත්තල් නැහැ.මේ තරගාවලියේදී පිති කරුවන්ට කල හැකි දෙයක් තිබුනේ නැහැ..ඒ වගේම නායකයට කරන්න දෙයකුත් තිබුනේ නැහැ.වරද තිබුනේ පන්දු රැකීමේදී හා යැවීමේදී.. .තිසර සිව්වන තරගයේදී උඩ පන්දුව රැක ගත්තනම් ලෝක වාර්තා කෙසේ වෙතත් ශර්මට මේ තරගාවලියෙන් පස්සේ ස්ථානයත් අහිමි වෙනවා.. ..එක නොවිය යුතු වරදක්.ඒ වරදේ ප්‍රථිපල නින්දා සහගත පරාජයක්.ක්‍රිකට් රැදිල තියෙන්නේ ක්‍රීඩකයින් මත කියල හිතාගෙන හිස උදුම්මව ගත් සියලු ජෙෂ්ටයන්වත් නායකත්වයත් අහසින් පොළොවට බස්සල කකුල් දෙකෙන් ඇවිදින්න සැලැස්වූ ඉන්දීය පිලටත් මේ සංචාරයටත් මමනම් ස්තුති වන්ත වෙනවා.මේ ගුටි කමේ සහ අහසින් පොළොවට වැටීමේ ප්‍රතිපලය බොහෝ දුරට ඉදිරි ලෝක කුසලානයේ හිමිකරු වීම වෙන්න පුළුවන්.අ (අ)
දේශපාලනය විසින් අපේ සියල්ලම විනාශ කරනවා. (නදී)
මන් හිතන්නේ මැතිව්ස් අහසින් පොළොවට බහින්න ඇති..බැස්ස නෙමෙයි වැටෙන්න ඇති .මේවා අභියෝග ..ක්‍රීඩකයින් මේවාට මුණ දෙන්න ඕන..හැමදාම නත්තල් නැහැ.මේ තරගාවලියේදී පිති කරුවන්ට කළ හැකි දෙයක් තිබුනේ නැහැ..ඒ වගේම නායකයට කරන්න දෙයකුත් තිබුනේ නැහැ.වරද තිබුනේ පන්දු රැකීමේදී හා යැවීමේදී.. .තිසර සිව්වන තරගයේදී උඩ පන්දුව රැක ගත්තනම් ලෝක වාර්තා කෙසේ වෙතත් ශර්මට මේ තරගාවලියෙන් පස්සේ ස්ථානයත් අහිමි වෙනවා.. ..එක නොවිය යුතු වරදක්.ඒ වරදේ ප්‍රථිපල නින්දා සහගත පරාජයක්.ක්‍රිකට් රැදිල තියෙන්නේ ක්‍රීඩකයින් මත කියලා හිතාගෙන හිස උදුම්මව ගත් සියලු ජ්‍යෙෂ්ඨයන්වත් නායකත්වයත් අහසින් පොළොවට බස්සලා කකුල් දෙකෙන් ඇවිදින්න සැලැස්වූ ඉන්දීය පිලටත් මේ සංචාරයටත් මමනම් ස්තුති වන්ත වෙනවා.මේ ගුටි කමේ සහ අහසින් පොළොවට වැටීමේ ප්‍රතිපලය බොහෝ දුරට ඉදිරි ලෝක කුසලානයේ හිමිකරු වීම වෙන්න පුළුවන්..(හේ)
ඕවා මෝඩ කතා අපේ අය ලෝක කුසලානය ලංකාවට ගේනවා . (හේ)
දේශපාලනය විසින් අපේ සිය්යලම විනාශ කරනවා. දැන්නම් සුබ අනාගතයට අනාගතයක් නැත (නදී)
ඔය තරඟ පහේම පරාජයේ වංශ කතාව තමා,නිශාන්ත රණතුංගට එරෙහිව තේරීම් කමිටුව සහ ක්‍රීඩකයින් තරග කිරීම. එංගලන්ත තරග අට දිහා හොදින් බලාගෙන ඉන්න (නදී)
අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්. අපේ ක්‍රීඩකයෝ මැච් එකක් පැරදුනාට එංගලන්තෙට රිදෙන්න ගහල මානසික මට්ටම ඕනෙවටත් වඩා හදාගනී කියල විශ්වාසයි. අපේ ටීම් එකට ජයවේවා. (නදී)
දිනුවත් පැරදුනත් හැමෝටම සල්ලි ලැබෙනවා. කුණු බක්කියට වැටෙන්නේ "ශ්‍රී ලංකා" කියන නම..... (නි)
අනේ දෙවියනේ! (නි)
ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තරඟයට යැව්වා නම් හොඳයි (නි)
ඔය මොනවා කිව්වත් අපේ අය ලෝක කුසලානය වගේ දෙයකදී එකමුතුයි. (නි)
බලාගෙන ඉන්නකෝ ලෝක කුසලානය දිනනකන්... (නි)
අනේ මෝඩ ප්‍රදීප් (අ)
ලෝකේ සියලුම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ළඟ එන ලෝක කුසලානය සඳහා දැන්මම සුදානම් වෙනවා.නමුත් අපේ ක්‍රිකට් බෝඩ් එකට සල්ලි කීයක් හරි හොයාගන්න අවස්ථාව ලැබුන ගමන් ඔක්කොම අමතක කරලා ක්‍රීඩකයින්ව බිලි දුන්නා. මෙහෙම ගියොත් අපිට ලෝක කුසලාන පළමු වටයට ඇතුල් වෙන්නත් (ඇෆ්ගනිස්තානය, කැනඩාව, අයර්ලන්තය වගේ තුන්වන පෙළ රටවලට වගේ )හැකියාවන් ඔප්පු කරන්නත් (ප්රිලිමිනරි කොලිෆයින්ග් මැචස්) තරඟ කරන්න වේවි. (අ)
වැරැදි වෙනවා.තව කල් තියෙනවා අපේ අයට වැරැදි හදා ගන්න.(හේ)
මම නම් හිතන්නේ නෑ.මේ පරාජය බලපායි කියලා.(හේ)
මම කලින්ම හිතුව ඔක්කොම තරඟ ටික අන්ත පරාජයකට ලක්වෙයි කියලා.සියලුම අන්තයන්ගෙන් අපේ කණ්ඩායම දුර්වල තත්වයකයි හිටියේ මුල සිටම.පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් වගේම අාරම්භක පිතිකරුවන්ගෙන් නොලද සහයෝගය හා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම හමුවේ මේ අන්ත අසරණ තත්වයට මුළු ශ්‍රී ලාංකිකයින්ම ඇද දමන්න ඉන්දීය පිතිකරුවන්ට හැකියාව ලැබුණි.නවකයන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම පල නෙලා ගැනීමට නොහැකි වීමත් සුපිරි ගනයේ පිති කරුවන් හා පන්දු යවන්නන් දැක්වූ අලස භාවය මේ තරගාවලිය පුරාවටම දකින්නට ලැබුණි.මේ තත්වය යටතේ ලෝක කුසලානයක් ගැන හිතන්නවත් තියා අහලකටවත් ඒමට පුළුවන් කමක් නැතැයි මගේ නම් හැගීම .දිනුම පැරදුම කාහටත් පොදු වුවත් මෙවැනි නීරස අත්දැකීමක් මෑතකදී නොදුටුව තරම් මගේ ජීවිතයේදී .ක්‍රීඩකයන්ගේ නොඉවසිලිමත්භාවය මේ තරගාවලිය පුරාවට දකින්න ලැබුන තවත් දෙයක්.මෙවැනි මානසික අබල දුබලකම් හමුවේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබද අනාවැකි පළකිරීමත් අපිට සිහිනයක්ම වේවි. (අ)
මම නම් හිතන්නේ මේ සංචාරය පාඩමක් කරගෙන තියෙන අඩුපාඩු හදා ගන්න පුලුවන්නම් ලෝක කුසලානය ගැන තවමත් අපට බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. (දිල්)
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕවා ඔහොම තමයි (නි)
අපේ රටේ ඉතුරුවෙලා තිබුන එකම ක්‍රීඩාව.ඒකත් නැතිකළා. (නි)
මම හිතුව මේ වගේ අපට යම් දවසක හොද හැටි ඉන්දියාවෙන් කන්න වෙයි කියල. මොකද අපේ ක්‍රීඩකයන් සල්ලි වලට ඇති පෙරේතකම නිසා අයි.පි.එල්. වලට තරග කලාම ඉන්දීය ක්‍රීඩකයන්ට හොදහැටි අපේ ක්‍රීඩකයන් සමග පුහුණු වෙන්න අවස්තාව සැලසෙනවා.අපේ අයගේ දුර්වලකම් ඔවුන්ට තේරුම් ගෙන ප්‍රති ක්‍රියා කිරීමේ අවස්තාව සැලසෙනවා. නමුත් අපේ අය එහෙම නොකර කලේ සල්ලි හම්බු කිරීම පමණයි. ඉන්දීය ක්‍රිකට් ක්ලබ් අයිතිකාර සල්ලි කාරයන් කලේත් ඉන්දීය ක්‍රීඩකයන් ගැන හිතා ගෙන තමයි. අපි විතරක් නම් කමක් නැහැ ලෝකේ ඉන්න හොදම ක්‍රීඩකයන් පවා ඉන්දීය ක්‍රීඩකයන් ගේ සුභ සිද්ධියට ඔවුන් යෙදෙව්වා. අන්තිමේදී වුණේ ඔයටික තමයි. දැන් ඉතින් අපේ ක්‍රීඩයන් ලෝක කුසලානයටත් යන්නේ මේ දැන් තියන මානසික මට්ටමින් නම් හොදම වැඩේ ඊට නොගිහින් ඉන්න එකයි. මේ කීවේ හිතේ ඇති දුකටමයි.(අ)
අපේ වගේම ඔබේ රටෙත් ක්‍රිකට් මණ්ඩලය ජිවත් වෙන්නේ ක්‍රීඩකයන් නිසා. ඒ නිසා ඔවුන් ක්‍රීඩකයන් ගැන හිතන්න ඕනෑ.” (අ)
මේකේ ඇති වරද ක්‍රිකට් පාලක මණ්ඩලයට නිලධාරින් පත්කිරීමේ සිට ඊට බලපෑ දේශපාලනයයි. මින් දේශපාලනය කම්මුතු කළදාට අපට හොද ක්‍රීඩකයන් වගේම හොද කාණ්ඩයමක් ලැබේවි. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩකයන් හොද මානසික මට්ටමකින් ක්‍රීඩා කරාවි. (අ)
ලංකා කණ්ඩායමට හරියන කාලයකුත් එයි (නි)
එහෙම තමයි. දිනනවා පරදිනවා (නි)
මේ පරාජයේ වගකීමෙන් 80%ක් පාලක මණ්ඩලය බාරගන්න ඕනෑ. (නි)
මම නම් කියන්නේ අපේ කොල්ලො දිනාවි! (නි)
අපේ කණ්ඩායමේ කිසිම අවුලක් නැහැ. ඇන්ජලෝ ගමන ආරම්භයේදීම කිව්වා තමන් සූදානම් නැහැ කියලා. (නි)
ක්‍රිකට් බෝර්ඩ් එක සම්පුර්ණයෙන් වගකිවයුතුයි (නි)
පිට පිට පරාදවීම් මීටපෙරත් තිබුනා. වෙන දක්ෂ කණ්ඩායම් වලටත් වෙලා තියනවා. අපේ කණ්ඩායම නරකයි කියන්න බැහැ. (නි)
ක්‍රිකට් ක්‍රීඩාවෙන් අතීතයදී විශ්වකීර්තියට පත් අපේ ක්‍රීඩකයෝ මෙම කණගාටු දායක ඉරණමකට පත්වූවේ ක්‍රිකට් පාලන මණ්ඩලය දේශපාලඥයන්ගේ ග්‍රහණයට පත්වූ නිසාද යන සැකයක් පහලවේ. (අ)
බලපාන්නේ නෑ.අපේ ක්‍රිඩකයෝ තැනේ හැටියට ඇණේ ගහන්න දන්නවා.(හේ)
සම්පූර්ණ වැරැද්ද ක්‍රිකට් පාලක මණ්ඩලයෙයි.(හේ)
ඊලඟ එක දිනමු. (ර)
මම නම් හිතන්නේ නෑ. මේ පරාජය බලපායි කියලා. (ර)
ලෝක කුසලාන අවසාන එක පුටුවක් සිංහයෝ සින්නක්කරේට අරන් ඉවරයි. (ර)
මම හිතන්නේ ඔහොම වෙච්ච එක හොදයි. දැන් හැමෝගේම ඇස් ඇරෙයි. අපිට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන්.(හේ)
මම නම් කියන්නේ මේක එච්චර හිතට ගන්න ඕනේ නෑ ලසිත් .රංගන එහෙම හිටියා නම් ඉංදිියාවට ඔය සෙල්ලම් බෑ.(හේ)
ලබන ලෝක කුසලානයේදී ඉන්දියාව අපෙන් කන හැටි ඔයාලා බලන්නකෝ. (නි)
එදා ඉන්දියාව අයි.පී.එල් සංවිධානය කරන්නේ ලෝකේ ඉන්න ප්‍රභල ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටා හා ක්‍රීඩා රහස් දැන ගන්න. මුදලට ගිජු ක්‍රීඩකයෝ නිසා ඉන්දියාවේ අරමුණ අද අගේට ඉටු වෙලා තියෙනවා. අන්න ඒ වගේම හේතුවකටම තමයි පාපන්දු ක්‍රීඩාවෙන් තවමත් ආසියානු මට්ටමකටවත් ඇවිත් නැති ඉන්දියාව ඉන්දියන් සුපර් ලීගු සංවිධානය කරන්නේ. ජාතියන්තර ප‍්‍රිමියර් ටෙනිස් සංවිධානය වෙන්නෙත් ඒ හේතුවටම තමයි. හැකියාවට පෙර මුදල් වලින් ක්‍රීඩාව අත්පත් කරගත්තාම ඉදිරියට යන්න පහසුයි. (ර)
ක්‍රිකට් කියන දේ එදා දවස හොදින් ක්‍රිඩා කරන වැරැදි අඩුවෙන් කරන කණ්ඩායමට ජය ලැබෙන්නේ.අපිට වැරැදි හදා ගන්න කල් තියෙනවා.(හේ)
කිසිසේත් බලපාන්නේ නෑ.(හේ)
කොහොමත් කවුරු මොනවා කිව්වත් අපේ කොල්ලෝ ලෝක කුසලානය අපේ රටට මේ පාර ගේනවාමයි.(හේ)
t20 වලදි වැරැදි හදාගන්න කාලයක් නෑ.ඒත් ඔවර් 50 මැච් වලදි ක්‍රිඩකයින්ට සිදු වෙන වැරැද්ද හදා ගන්න පුළුවන් කාලයක් තියෙනවා.මේ පරාජය ගැන හිතන්න එපා.ඊලග තරග සංචාරය අපි හොදට කරමු එතකොට අපේ මානසිකත්වය යලි අපිට හදා ගන්න පුළුවන්.(හේ)
හදිසියේ යෙදුන මේ ගමනත් මේ පරාජයත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට බාධාවක් වෙයි කියලා මමනම් හිතන්නේ නෑ.(හේ)
අපිට අදහස් දක්වන්න පුළුවන්.ඒත් ඒ මානසිකත්වය දන්නේ ක්‍රිඩකයන් පමණි.වැරැදි හදාගෙන ඉදිරි ගමන ගැන සිතන්න.(හේ)
ජය පැරැදුම දෙකම භාර ගන්න ලැහැත්ති වෙන්න ඕනේ.අපිට මේක හොද පාඩමක්.(හේ)
අපේ අයට කල් තියෙනවා වැරැදි හදාගෙන ලෝක කුසලානයට ලැහැත්ති වෙන්න.(හේ)
මේ පරාජය කිසිසේත්ම ලෝක කුසාලාන තරඟාවලියට බලපාන්නේ නෑ.(හේ)
ලෝක කුසලානයේදී ඉන්දියාව අපිත් එක්ක හැප්පෙන්නේ අපිව පහලට දාලා ඒක අපිට වාසියක්.(හේ)
ඉන්දියන් ජාතිකයින්ගේ ප්‍රකාශ ගැන සතුටු වෙනවා.ඔවුන් බලාපොරොත්තු වුණ සටනක් අපේ අයට මේ පාර දෙන්න බැරි වුණා.(හේ)
ඉන්දියාව දක්ෂයි.ඒත් අපේ අයට මේ පාර හරි ප්ලෑන් එකක් නැතිව ගියා.(හේ)
වැටි වැටි නැගිටින්න ඕනේ.අපේ අයට පුළුවන්.(හේ)
මේ පරාජය අපේ ජයග්‍රහනයට ඉවහල් කර ගන්න.(හේ)
මේ ගැන හිතන්නේ නැතුව ඉදිරි කටයුතු කරගෙන ගියානම් හොදයි.(හේ)
හරිහමන් ආරම්භක පිතිකරු යුගලයක් නැතුව , සාර්ථක මැදපෙලක් නැතුව කඩුළු දවගන්න පුළුවන් මට්ටමේ පන්දු යවන්නන් නැතුව මොන ලෝක කුසලානද ?(හේ)
කව්ද මේ ගැන බලන්නේ ? (ර)
ලංකාව 5-0 ක් හැටියට පරදීවි කියල අපි කලින්ම කිව්වා. (ර)
කොහොම කරත් අපි ලෝක කුසලානය දිනනවා.(හේ)
අපේ කට්ටිය අද දිනුවොත් හෙට පරදිනවා. එක දිගට දින, දින වුණ්නු ගමන් පරදිනවා. එකයි 96 ලෝක කුසලානෙට කලින් ක්‍රිකෙට් විචාරකයෝ කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ "විශ්වාස කරන්න බැරි කළු අශ්වයෙක්" කියල. මේ සැරේ වුණේ නිලධාරී අපේ කොල්ලන්ව අනාතකරපු එක. (අ)
එයාලට ඕන වුනේ සෙල්ලම් කරන්න ක්‍රිකට් ටීම් එකක් නේ, එයාලට එක ලැබුනා.මම හිතන් නේ නෑ මේක ඊලග තරග වලට බලපායි කියලා .අපි බලන්න ඕන මේ වෙලාවේ ලෝක කුසලානය ගැන මිසක් කට්ටියක් අතෑරලා දලා ගිය මැච් එකක් ගැන නෙවේ .මේක අපේ යට හොද පුහුණු තරගයක් .මම හිතන්නේ පාලක මණ්ඩලය හරි තීරණය අරන් තියෙනවා අපේ අයට ලෝක කුසලානයට කලින් පොඩි ට්‍රයල් එකක් ලැබුනා කරන්න තියෙන්නේ එක හොද අතට පාවිච්චි කරන එකයි . වෙන කාටවත් නැතුව ඉන්දියාවටම පැරදුන එක ගැන පොඩි දුකක් තියෙනවා . ඒ වුනාට අපේ අය කැද බොන ගමන් රැවුල ගැනත් පොඩ්ඩක් හිතුවනම් තම හොද.(හේ)