ලබන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් විසිරවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අකුරණ දී කීවේය.

ජනතාව විසින් පරාජයට පත් කළ දේශපාලනඥයන්ට නැවත ඇමැති කම් ලබා දී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ශ්‍රීලනිප යෝජනාවට ඉඩ නොදෙන බව ද ඔහු පැවසීය.

ජනවාරි අට වැනි දා ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පමණක් නොව, කුඩු කාරයන්, එතනෝල්කාරයන්, කසිප්පු කාරයන් පරාජය කිරීමට බවත්, නැවත ඇමැති කම් දීමෙන් කරනුයේ ජනතාව හෑල්ලුවට පත් කිරීම බවත් දිසානායක මහතා සඳහන් කළේය.