ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(01) තීරණය කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවට මැතිවරණ කොමිසම එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කොට සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙසද අධිකරණය පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන්ට දැනුම් දෙන ලදී.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප‍්‍රියසාත් ඩෙප් යන මහත්මවරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (01) මෙම පෙත්සම් කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපමණ අගයක් මෛත්‍රී යුගයක්! (නි)
මේ හැම දෙයක්ම කරන්නේ බඩු මිල අඩුකරන්නනේ. (නි)
මහජන ඡන්දයෙන් මහජනතාව ප්‍රතික්ෂේප කළ අය ජාතික ලැයිස්තුවෙන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම අමුඅමුවේ ප්‍රජාතන්ත්‍රවාදය කඩකිරීමක්. එතකොට එම ඡන්දය සාධාරණයි කියන්නේ කොහොමද? (නි)
දැන් බාගෙට බාගයක් බයේ ඉන්නේ. ඒකයි සරත් මහතා එනවා කිවුවහම එක එක නීති ගෙනෙන්නේ (නි)
යහපාලනයේ ලක්ෂණය ඕකයි. (නි)
ඉස්සර මෙතුමා ජනාධිපති ඡන්දයෙන් පැරදුනාම ඒ ළඟ සිටි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකුට තරහා පෙන්නුවා මතකයි. දැන් ඒ ඇමතිවරුන්ට බය හිතෙනවා ඇති නේද? (නි)
දහම්, ඒ පැරදුනු අය ගන්නේ නැහැ කිව්වේ ඒ කාලේ. දැන් මේ කාලේ ඒවා මතක නැහැ. ඩුබායි තිලක් මොකද කියන්නේ පැරදුනු කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගන්න එක ගැන? (නි)
සරත් ෆොන්සේකා දේශපාලනය ගැන මොනවද දන්නේෙ? (නි)
රනිල් මහතා නම් කිව්වේ පැරදුනු කිසිකෙනෙක් තමන් ජාතික ලැයිස්තුවෙන් දාන්නේ නැහැ කියලා. ඒක එතුමාගේ ප්‍රතිපත්තිය. (නි)
දැන්ද මතක් වුණේ? (නි)
අදහස නියමයි. ප්‍රශ්නය තුනෙන් දෙකේ බලය ගන්නේ කොහොමද? (නි)
බය නෙමෙයි අපි අකමැතියි ඔය නම ඇහෙනකොට. (නි)
සුදු කොඩි කතාවෙන් රට පාවා දුන් අයට එන්න දෙන්න එපා (ම)
සරත් ෆොන්සේකා මහතාට බයවෙලාද? (ර)
ඇයි සරත් ෆොන්සේකාට බය වෙන්නේ ? (ර)
මේ නඩුව දාලා හුඟක් කල් නේද? (නි)
මොකද දන්නෙ නැහැ මේ හදිසියෙම? කොච්චර කිව්වත් කට්ටිය සරත් ෆොන්සේකා එනවට පුදුම බයක්නෙ තියෙන්නෙ. හරි නම් එතුමාව පාර්ලිමේන්තුවට අරගෙන දෙන්නෙ ඕනෑ පොලීසිය භාර අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යංශය. (නි)
මේක සරත් ෆොනේස්කාට විරුද්ධව නෙමෙයි, සන්ධානයේ ජාතික ලැයිස්තුවේ සිටි අය කපාහැර ඡන්දය පැරදුනු අයව පත්කිරීමට විරුද්ධවයි කළේ. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයත් ඒ දෙයම කරන නිසා මේ නඩුවට වෙන දේ අපි බලාගෙන ඉන්නවා (නි)