කිහිප දෙනකුගේ අවශ්‍යතාවය මත තමා සිරකැර සිටියත් තමාව නිදහස් කිරීමට රජයට සිදුවී යැයි අධිකරණයෙන් පිට වී යන හිටපු හමුදාපති සරත් පොන්සේකා මාධ්‍යවේදීන් සමග පැවැසීය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ලක්වැසියන්ගේත් ලෝක වැසියන්ගේත් බලපෑම් මත තමාට නිදහස ලබාදීමට හේතු සාධක වී යැයි ද පොන්සේකා කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ ඉහත කොමෙන්ට් දාල තියෙන දැනුම් තේරුම් තියෙන අයටයි. ඔය මහත්තුරුන්ගේ උපදේශ ෆොන්සේකා මහත්තයට යුද්දේ කාලේ දුන්නේ නැත්තේ අයි අප්පා? එහම උනා නම් යුද්දේ පුෂ් ගල ඉවර කරන්න තිබුනනේ. අනිත් එක අපි දන්නා හැටියට අපේ රට ෆුල් ප්‍රජාතන්ත්‍රවාදී රටක්, එංගලන්තෙටත් එහා. එහෙවු රටක නිදහසේ කතා කිරීමේ නිදහස තියෙනවා මගේ හිතේ. අනිත් එක අපේ නීතියත් නිකන් ආවට ගියාට නොන්ඩි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඒ හින්ද ඔව්ව කිව්වා කියල ෆොන්සේකා මහත්තයට පුරස්නයක් වෙන එකක් නැහැ. ඔයාල ඔය දෙන උපදෙස් දැක්කහම නොදන්නා කෙනෙක් හිතයි අපේ රටත් නිකන් ඉරානේ වගේ කියල.
හොදට නරකට දෙකට කටමය. ඒ කියමන හරියට හරි තමා. ? විශාල මෙහෙයයක් රටට ඉටු කිරීම කරදිලත්, නිශ්ශබ්දව හිටියා නම් ඔහුට අද සියලු දෙනා ගෙන් වැදුම් පිදුම් ලබන්නට තිබුනා එහෙම හිටියා නම් අද ඔහුට දෙන්න තරම් තනතුරකුත් නැහැ. ඉහලම ඉහල තනතුරක් හදල දෙන්න තමයි වෙන්නේ..නමුත්, බල තණ්හාව හා අති උද්දච්ච කම නිසා වෙච්චේ දෙයක හැටි.
දේශපාලනය විසින් මෙතුමාව පිස්සෙක් කරලා ඉවරයි
meka yakage ratakne. katha karanna nidahasa na. anduwata wiridda matha daranna ba. ehema unoth sudu van thamai. eheiyalata thamai me rate thana thiyenne. usawi niyogath ganan ganne na.. Me rata dan yanapattha therenawa neda.
දුෂිත ආණ්ඩු ලෙස නිර්භිතව කථා කළ එකම පුද්ගලයා ජනරාල් සරත් පොන්සේකා
නිදහස දුන්න නෙමෙයි දෙන්න වුණා....
හිටපු හමුදාපති රණවිරු සෙන්පති ජනරාල් තුමනි ඔබතුමාගේ දුක සැප දෙකේදීම අපි ඔබතුමා සමඟ සිටියෙමු.ඉදිරියේදීත් අපි ඔබතුමා සමඟ සිටින්නෙමු..තෙරුවන් සරණයි..!!!
ඔබතුමා වරදක් නොකළා නම් උසාවියේදි වරදකරු වුණේ කොහොමද?
පැත්ත ගියත් ඇත්ත ඒක තමයි..
අනේ මන්ද , මට පැහැදිලි නෑ ,,,, දැන් කවුද හිරේ හිටියේ ?
කස්ටිය දැන් හොඳටම බය වෙලා වගේ. හිලරි නෝනා නිසා තමයි එලියට දමන්න සිදු උනේ .
මෙතන කතා කරන සමහර අයට සිංහයන්ගේ සහ සුනකයන්ගේ වෙනස තේරෙන්නේ නැහැ. එකයි දුන්න මස් කට්ටක් කාල කට පියාගෙන හිටියනම් හොදට ඉන්න තිබුන කියන්නේ. මේ වහල් ගැති අදහස් තියෙන බහුතරය ඉන්නකල් රට හැදෙන්නේ නැහැ.
ඔව් ඔව් නිදහස් කළේ එක පාරටම මහා කරුණාව පහල වෙලා තමන්ට හිතිලම තමයි. මට මේ තේරුම් ගන්න බැරි ඉස්සර කිව්වා ඉල්ලීමක් කරොත් නිදහස් කරන්න සලකා බලනවා කියල. SF ඉල්ලුවේ නැතුවහම කිව්වා පවුලේ කෙනෙක් උනත් ඉල්ලුවොත් හිතල බලන්නම් කියල. පවුලෙනුත් ඉල්ලුවේ නැහැ. කියන්නකෝ බලන්න මොකා ඉල්ලලද නිදහස් කළේ කියල. කටමැත කිව්වට හිලරි නෝනට බය වුන වගෙයි පෙනෙන්නේ. මේ වගේ වැඩ වලට තමයි කියන්නේ සුරුවන් බබා සොහොන මැදින් යනවා කියල.
ඔච්චර හොද නැති ආණ්ඩුවේ හමුදාපති වුණේ ඇයි එහෙනම්? ඒ කාලේ නම් මල් හතයි නේද දැන් මෙහෙම උණාට?
මෙතන කමන්ට්ස් කරන කාටවත් රටක් ගැනැ හැඟීමක් නැහැ.කලින්නම් ෆොන්සේකා මහත්තයටත් එහෙම එකක් තිබුනා එයත් මේ කමන්ට්ස් කරන අය වගේ දේශපාලන මඩ ගොහොරුවෙ පීනන්න පටන් ගත්ත දවසෙ ඉඳල ඒකත් නැහැ.
මේකෙන් පේන්නේ යුද්දේ කර කෙනාට දේශපාලනය බෑ....දේශපාලඥයට යුද්දේ බෑ...
යුද්දේ කාලේ ජාත්‍යන්තරය මාර සපෝට් එකක් දුන්නේ අපට..එයාල නැත්නම් අපි ඉවරයි...
ජාත්‍යන්තර බලපෑම්වලට යටවුනානම් යුද්ධය ඉවරත් නැහැ.. ඔබතුමත් නිකම්ම නිකං හමුදා නිලධාරියෙක්.. පොඩ්ඩක් පරිස්සමින් කතා කළොත් හොදයි..
මේ රටේ ඉන්න හොදම හොරා වගේම හොදම කපටියා කවුද කියලා තාම මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකනේ වැඩේ
ජනාධිපතිතුමා නිදහස දුන්නේ නැත්නම් තාමත් ඔබ හිරගෙයි තමයි.ඔබ නිදහස් කළේ ලෝක බලපෑම් මත නෙවෙයි
පොන්සේකා මහත්තයෝ ඔයා පොඩ්ඩක් පරිස්සමින් කතා කරන්න...
හෝදන්න හෝදන්න මඩේටමයි පීනන්නේ
තාම ඉගෙන ගත්තේ නැද්ද? හොදට නරකට දෙකට කටමය කියලා...
ඔබේ කට වසා ගෙන සිටියොත් ඔබට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්
කල්පනා කරල කතා කරන්න. මහින්ද ජනපති නැත්නම් තාම අරක ඇතුළේ
මෙතුමාට නැවත හිරගෙදර යාළුවෝ ටික බලන්න යන්න ඕන වෙලා වගෙයි
අනේ හිලරි නෝනගෙන් නම් අපේ රටට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා.යුද්ධෙන් කොටි පරදවපු නිසා අපේ රටට හොඳ පාඩමක් උගන්වන්න බලාගෙනයි එයා ඉන්නෙ.
ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති බව මේ කොමෙන්ට්ස් දැක්කහම පේනවා. දැන් මේ අය කියන්නේ සරත් ෆොන්සේකා ආණ්ඩුවට බයේ කට වහගෙන ඉන්න ඕනෙ කියලද?
මහත්වරුනේ යුද්දය දින්නේ එක්කෙනෙක් පමණක් නෙමේ නේද? අපි හැමෝම එකතුවෙලා නේද මේකෙ දින්නේ. මේ විදිහට පිල් බෙදිලා ඇන කොට ගත්තොත් කොටිම ඕනේ නැහැ වදුරෝ උනත් ඇති ලංකාව අල්ලන්න ඊලග පාර.... වටු කුරුළු කතාව හැමෝම දන්නවා ඇති නේද...?
මේ කමෙන්ට්ස් දාන අය ඉන්නේ ලංකාවෙද හැබෑටම?
අනුර, මටත් තියෙන ප්‍රශ්නය ඕකම තමයි
ඇත්තටම මේ ඔක්කොම ලංකාවේ තමයි ඉන්නේ. ....