(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වහල තියෙන පළාත් පාලන ආයතනවල දොරවල් හෙමින් සීරුවේ විවෘත කිරීමට ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා උත්සාහ දරන බව
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී අගමැතිවරයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ප්‍රජා කමිටු පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට නියෝග ලබාදී ඇතැයිද ඔහු සඳහන් කළේය
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
වහල තියෙන පළාත් පාලන ආයතන වල දොර අරින්න තමයි මේ යන්නේ. මේවට දාන්න යන්නේ ඡන්දය ඉල්ලන අපේක්ෂක අය. පළාත් පාලන ඡන්ද විමසීම තියන්න. තියලා ඉවර කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහලා තියෙන ආයතන වල දොර හෙමින් නොවෙයි, හොරෙන් විවෘත කරන්න යන්නේ, දැන් ඔහෙලාගේ පක්ෂ මූලස්ථානයට සිරිසේන කරන්න හදන්නේත් ඕකමයි...!
ප්‍රජා කමිටු හදන්න ප්රාදේශීය සභා මොන කෙංගෙඩියකටද? ඒක කරන්න ගමේම ජනතාව අතරින් ගමේ අයගේ කැමැත්ත මත ගමේ සමාජ සේවා කටයුතු කරන අයගෙන් පමණක් තෝරා ගන්න පුළුවන් (ඔවුන් පමණයි දන්නේ ගමට කරන්න ඕනෑ මොනවාද කියලා) එහෙම නැතුව පක්ෂ දේශපාලනය ගාවා ගත්තාම ගමට වැඩකුත් නැහැ රජයේ මුදල් වලට සිදුවන දෙයකුත් නැහැ. ඒක හරියට නැටූ තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ වගේම තමයි එයින් වෙන්නේ. මහත්තයෝ කමිටු සාමාජිකයින්ගේ පක්ෂවලට ජනතා මනාපය නොලැබීම පමණයි...