IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ප්‍රචණ්ඩත්වයෙන් රට බේරා නොගත්තා නම් ආර්ථිකය හදන්නෙ කොහොමද?

(අංජුල මහික වීරරත්න)

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන්  පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා නොගත්තා නම් මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට නොහැකි වන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයකම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ  රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන  රැසකට  මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

 



අදහස් (7)

ප්‍රචණ්ඩත්වයෙන් රට බේරා නොගත්තා නම් ආර්ථිකය හදන්නෙ කොහොමද?

සමන්ත Tuesday, 26 March 2024 08:52 PM

රනිල්ට ඔක්කොම තෙරෙන්න අරන් තියෙන්නේ දැන්.., ඡන්දය ළං වුණාම. ඡන්දයක් තිබ්බා නම් ජනතා බලය බලා ගන්න පුලුවන්.

:       1       0

පිටරටවැසියා Tuesday, 26 March 2024 09:11 PM

සහතික ඇත්ත. දැන් ඉතුරුවෙලා තියෙන්නේ, දියවන්නාවේ ඉන්න ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න එක විතරයි..!

:       0       0

Rata Perata Tuesday, 26 March 2024 09:17 PM

මේ වගේ කෙනෙක් කියන ඒවා අහන්න තරම් මිනිස්සු මෝඩ නෑ...

:       0       0

බටලන්ද Tuesday, 26 March 2024 09:47 PM

ඒත් මහජන අරගලයට හේතු වූ රාජපක්ෂලාගේ ආර්ථික විනාශය ගැන නම් කවදාවත් පිනාගේ කටින් අහගන්න වෙන්නේ නැහැ...!

:       0       0

විදුර Tuesday, 26 March 2024 09:51 PM

අපි බබ්බුයෑ ඕවාට රැවටෙන්න...

:       0       0

SAM Tuesday, 26 March 2024 10:27 PM

රජරට විශ්ව විද්‍යාලය සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකිනම් ලංකාවේ අනෙක් විශ්ව විද්‍යාල අසාර්ථක වීමට හේතු සහ ඒවායේ පවතින ගැටළු විසඳීමට විශ්ව විද්‍යාල මගින්ම විසඳුම් සහ කටයුතු සිදුවිය යුතුවේ.. විශ්ව විද්‍යාල අසාර්ථක වීමට හේතුවක් නම් ඔවුන්ගේ (සියලුදෙනා සුන්ද ඇතුළුව) වගකීම සහ වගවීම හරිහැටි ඉටු නොවීම නිසාත් සහ එම නිසා පවතින ගැටළු විසඳීමට සියලු පාර්ශවයන් අධ්‍යාපනය‍ට මූලිකත්වය ලබාදෙන්නේ නම් සිසුන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් තුළින් ඔවුන්ගේ විශ්වවිද්‍යාලය තුළ පවතින සියලු ගැටළු හඳුනාගෙන දෙපාර්ශවය විසින්ම "එක්ව සකස්කරනලද" ඒ සඳහා අවශ්‍ය විසඳුම් මොනවාද යන්න රජයට ඉදිරිපත් කිරීම තුළ සියලු දෙනාට පිළිගත හැකි මැද මාවතකට පැමිණීමට හැකියාව ඇත.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 27 March 2024 03:14 PM

ඒක නොතිබෙන්න ඔතන ලොක්ක වගේ දොඩවන්නත් බැරිබව මතක තබාගන්න. අරගලය නොතිබෙන්න තමුන් කොහේද? රට අරගල වලට , දුප්පත් කමට, අල්ලසට, දූෂණයට පාර කපපු අයම දැන් අඟහරු ලෝකෙන් ආවා වගේ කියවනවා... තමුන්ගේ කයිවාරුව විදියට වැඩ තියෙනවා නම් ඇමැතිට හොර බෙහෙත් වලට චෝදනා එන්නේ ඇයි?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 838 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 496 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1974 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 980 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2292 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3167 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1584 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site