පරිගණක අමතර කොටස් තොගයක් අතරේ සඟවා කොරියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අබිලි තඹ මෙට්‍රික් ටොන් 2ක් රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම තඹ තොගය කොරියාවට යැවීමට සූදානම් කර තිබූ බව කියති. එහි තිබූ පරිගණක අමතර කොටස් මෙට්‍රික් ටොන් 18ක්ද රේගුව මගින් අත් අඩංගුවට ගනු ලැබිණි.
මේ සම්බන්ධයෙන් සැකපිට වාත්තු ලිපිකරුවකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා .. හා. . කවුරුත් කළබල වෙන්න එපා, ඕවා අපේ අරයාගේ ගේ බඩු. හෙට උදේට අපි බඩු ටික එලියට ගන්නවා. (අ)
මේක කාගේ වැඩක්ද (අ)
ප්ලෑන් එක වැරදුනා.(හේ)
දැන් කරන්න දෙයක් නෑ.අවුරුදු 10ක්වත් හිරේ ලගින්න වෙයි.(හේ)
තඹ අපනයනය කිරීම තහනම් කරල තියෙන්නේ දේශීය කර්මාන්ත නගාසිටුවන්න ඕන නිසා. මේවා දකුණු කොරියාවට යවන්නේ විශාල ලාබයක් උපයන්න පුළුවන් නිසා වෙන්න ඕන. සපුගස්කන්ද ප්‍රදේශයේ පරණ පරිගණක යන්ත්‍ර අමතර කොටස් කොරියාවට යවන ආයතනය තමයි Z- Max Enterprise ආයතනය. ඒ අය මීට පෙරත් මේ විදියටම තඹ අපනයනය කරල තියෙනවා. මොකද ඔය ආයතනයේ කොරියන් කාරයකුත් වැඩකරන බව මේ අවට ඉන්න අය දන්නවා. ඔන්න මහත්තයෝ පුළුවන්නම් මේ රටේ ඉඳගෙන ජාවාරම් කරන විදේශිකයන් අල්ලන්න. (ස)
අනේ පව් දැන් මොනා කරන්නද?(හේ)
වැඩි තණ්හාවට හොඳ වැඩේ.(හේ)
පුලුවන්නම් මේකත් කරේ මහින්ද කියලා ඒ උත්තමයට අපහස කරන්න (හේ)
මනෝජ් කියල තියෙන කතාව ඇත්ත. මේ කොරියන් කාරයා එහෙන් කුණු කොම්පියුටර් ගෙනල්ලා මෙහෙ හදල විකුනනවා. හදන්න බැරි ඒවා මෙහෙන් එකතු කරන බඩුත් එක්ක මිශ්‍ර කරලා අපහු කොරියාවට යවනවා. අපේ ගෙවල් තියෙන්නේ මේ ළඟ. රෑ එළිවෙනකල් වයර් වල ප්ලාටික් පුච්චනවා. බැටරි වල ඇසිඩ් ලොකු බුලිවල පටවාගෙන ගෙනිහිල්ල කොහේ හරි හලලා එනවා කියල වැඩ කරන කෙනෙක් කිව්වා. මුන්ට හෙන ගහන්න ඕනේ අපේ පරිසරය කනවට.(නදී)
මෙහෙම හොර වැඩ කරලා හම්බකරලා මොකටද?? (නි)
තඹ හොරෙකුගේ තවත් ගුණ්ඩුවක් එහෙනම් අහුවුණා? (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
කෝ කඩුවෙල තඹයා !!(අ)
අපිට බැරිද මේ මොළ වලින් වැඩක් ගන්න? (නි)
ප්‍රතිචක්‍රීකරණ ආයතන කියන කොම්පැනි ඔක්කොම කරන්නේ තඹ හංගල හොරෙන් ඉන්දියාවට , චීනෙට , කොරියාවට යවන මගෝඩි වැඩ. (ර)
මොකෝ නැත්තේ බුද්දි මෙව්වයින් දැනටමත් වැඩ ගන්නවා. පාර්ලිමේන්තුවේත් ඉන්නේ. (ස)