යුද්ධයෙන් සහ යුද්ධයෙන් පසු කාලයේදි පිඩාවට පත්වු සියලු ජනතාවට යුක්තිය ඉටුකිරිම සඳහා මෙරට දි පැවැත්විමට යෝජිත ජාත්‍යන්තර පරික්ෂණය ඉවහල් වනු ඇතැයි පුරවැසි බලය සංවිධානය පවසයි.
ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසුවේ මෙරට දැනටමත් ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නිතිය පිටරට එකක් බවත් ඒ අනුව ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්විම සම්බන්ධයෙන් බිය නොවිය යුතු බවයි.
මෙරට සුළු ජාතිකයන්ට සාධාරණය ඉටු කිරිම සඳහා සියලු ආගමික නායකයන් ඇතුලු සියලු දෙනා පක්ෂයේ ජාති භේද නොතකා මෙම පරික්ෂණයට සහය දිය යුතු යැයි ද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින කොටත් අප්පිරියයි . (අ)
මේක මේ මාධ්‍ය මගින් පුම්බපු සංවිධානයක් පමණයි.(අ)
මෙල් , දිල්ශාන් මහත්වරුගේ වචන ටිකක් සැර වැඩිද මන්දා? නමුත් කියන දේ 100% සත්‍යයි හා එකඟයි. (නි)
අනිවාර්යෙන්ම සහය දිය යුතුයි... හමුදාවේ අපරාධකළ ඉතා සුලු පිරිසට දඬුවම් කරලා බහුතර හමුදාවේ ගෞරවය රැකගන්න ලැබෙන අවසාන අවස්තාව..(අ)
අතුල මහත්තයා හිටියේ ගැළවීමේ හමුදාවේද? සුදු වෑන් වලින් අතුරුදන් වුණා නම් වුණේ කවුද කියලා අපි දන්නවා. අපිට එක නමක් කියන්නකෝ එහෙම අතුරුදන්වුණ සුදු චරිතයක්. (නි)
මෙතැන සමහරු ප්‍රතිචාර දාලා තියෙන්නේ මානව හිමිකම් අපේ රටට ඔනෙ නෑ වගේ.. මානව හිමිකම් යුද්ධය අවසානයේ දෙපැත්තෙන්ම උල්ලංඝනය වුණා (අ)
මේගොල්ලෝ කරන දේ අපි අගයන්න ඕනෑ. මොවුන් මේ දේ කරන්නේ අපි සියලුදෙනා වෙනුවෙන්. අපි සියලු දෙනාටම සාධාරන මැතිවරණයක් ලැබුණා. දැන් මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරනවා (නි)
තොපි පුරවැසියෝ නොවේ. තොපි කොටින්ගේ සහෝ දරයෝ. ඩයස්පෝරා කොටි සල්ලි තොපේ සාක්කුවට වැක්කෙරෙන නිසා කටවල් වනනවා . සිංහලයෝ මැස්සෝ වගේ මරාදාන කොට තොපේ කටවල් වලට මුක්කු වැටුනද? (බ)
ඩොලර් වලට ඕනෑම දෙයක් කියන රුවනි, නාමල් වගේ කටු කන බල්ලොත් අදහස් දාලා. පුරවැසි බලයෙන් ඩොලරයක් දෙකක් මෙවුන්ටත් ලැබෙනවා ඇති. (බ)
පුරවැසි බලයට ජනතා බලයක් තියෙනේවාද? ඔය එකෙක් හරි ඡන්දය ඉල්ලුවා නම් ඔවුන්ටම බලාගන්න තිබුණා තමුන්ගේ බලයේ තරම.(අ)
හැකි නම් සිංහල නොවන පිරිසක් වැඩියෙන්ම ජීවත්වෙන ප්‍රදේශයක අසුනක තරඟ කර ජයගන්නා ලෙසට මේ බහු ජන වාදීන්ට මම අභියෝග කරනවා. (අ)
මහානාම මම ඔයත් එකක්කයි (අ)
ලංකාවේ ඉන්නවා ඩොලර් එකක් හරි තමන්ගේ සාක්කුවට වැටෙනවානම් තමන්ගේ රට පාවල දෙන ගුණ මකුවෝ . නාමල් , රුවනි කියන්නෙත් ඒ වගේම දෙන්නෙක් . හරි පුදුමයි මේ මිනිස්සු ඕව කියල පාරේ බැහැල යන්නේ කොහමද කියල ? (අ)
යුද්දය සහ සාමය වෙලදාම් කිරීම (ම)
කොහොමහරි කමක් නැහැ, සාධාරණයක් වේවා! (නි)
සමහර අදහස් බලනකොට පුදුමත් හිතෙනවා (නි)
යුද්ධ කාලේ මෙයාලා කොහේද දන්නෙ නැහැ හිටියේ? (නි)
මේගොල්ලෝ වෙන මොනවා කියන්නද. මේ කියන ඒවටත් ඩොලර් හම්බවෙලා ඇති! මාර රටට ජාතියට ආදරේ කට්ටිය. (බ)
සුළු ජාතියට වෙච්ච අසාධාරණය මොකක්ද දන්නේ නැහැ. (බ)
අනිවාර්යෙන්ම සහය දෙන්න ඕනේ නේ , මොකද එතකොටනේ කොන්ත්‍රාත්තුව සම්පුර්ණ වෙලා මුළු ඩොලර් කුට්ටිය ම ලැබෙන්නේ , අනේ හොදයි , රටට විදේශ විනිමය එකතුකරනවා බැලන්ස් ඔෆ් පේමන්ට් එක අඩු කර ගන්න වෙන්න ඇති . ඩොලර් දෙනවා නම් වැදු අම්මව උනත් විකුණන් කන කල්ලියක් තමා මේ . මෙයාලා කොහෙද 1988-89 කාලේ හිටියේ . අර විජේදාස ලියනාරච්චි වගේ කීර්තිමත් නීතිවේදීන් , රිචර්ඩ් දී සොයිසා , සාගරිකා ගෝමස් වගේ පුවත් පත් කලාවේදීන් , පතිරණ වගේ වෛද්‍ය සරසවි සිසුන් මරණ කොට ? යුද්දේ කාලේ මෙයා ලා මොනවාද කලේ ? දන්නා කෙනෙක් දාන්නකෝ මෙයාලගේ ඉතිහාසේ (බ)
දීකිරට බළල්ලුත් සාක්කි (බ)
පුරවැසි බලය කියන්නෙ බටහිරෙන් පාලනය වන බලල් අතක් බව දැන් නම් ඉතා පැහැදිලියි (ම)
මම දකින විදියට මේ කිසිම සංවිධානෙකින් බහුතර ජන මතය නියෝජනය වෙන්නේ නෑ.(ම)
මමත් යුද්ධයට දායකවෙලා දැන් විශ්‍රාම ගෙන සිටින හමුදා නිලධාරියෙක්. මමත් බැලුවා "චැනල් 4" වීඩියෝ සියල්ල. හමුදාවන්ට අවි, පුහුණුව, බලය දීලා තියෙන්නේ "අවි ගත් ත්‍රස්තවාදීන් විනාශ කරන්න, රට ආරක්ෂා කරන්නයි. තවත් කෙනෙකුගේ පුද්ගලික අවශ්‍යතාවයකට, මිනිසුන්ව "සුදු වෑන්" වලින් හෝ වෙනත් විදියකට අතුරුදහන් කරන්න නොහැකියි. අපි "රජයේ වෘත්තීමය හමුදාවක්" මිසක් "ත්‍රස්තවාදීන්" නොවෙයි. අපි රටට, ජාතියට, ආගමට ආදරේ නම්,රට ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් කරන්න ඕනෑ, අපේ ජාතියේ ජනගහණය වර්ධනය කරන්න ඕනෑ, අපේ ආගම හරියට අදහන්න ඕනෑ. පසුගිය කාලයේ බොහොමයක් ආයතන සාධාරණ වුණේ නැහැ. මේ නිසයි විදේශ කියන්නේ සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. (නි)