ඉපැරණි ශිෂ්ටාචාර කිහිපයකටම නෑකම් කියන දකුණු ආසියා රටක පුහුණුවට ගිය ඉහළ නිලධරයෙකු ඔහුට වඩා පහළ නිලයක් දරන කෙනෙකුට පහරදී මරණ තර්ජන කළැයි කියන සිද්ධියක් යට ගසන්නට යතියි කියති.
යුද සමයේ ශ්‍රීලංකාවටද ආධාර කළ මේ රටේ අගනුවර ජාත්‍යන්තර ප්‍රදර්ශනයක ලක් කුටියට සැරසීමට අවැසි පින්තූර පිළිබඳ ප්‍රශ්නයක් මේ ප්‍රහාරයට හා තර්ජනයට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.
එම පින්තූර ගැන ඔහුගෙන් ඉල්ලා කළ සිහිකැඳවීම් නොරිස්සූ ලොක්කා පහළ නිලධරයාගේ ගෙදරට මහ රෑ කඩාවැදී ඇතැයිද දොර ජනෙල් හා ගෙදර බඩුමුට්ටු වලට හානිකළ ඔහු පහළ නිලධරයාට මරණ තර්ජන එල්ල කර ඇතැයිද කොළඹට වාර්තා වේ.
ඔහු කඩා වැදුණු නිවස පිහිටියේ විදේශ වලින් යන පුද්ගලයන් සඳහාම වෙන්වූ පැත්තක බවත් ගෝරිය බේරීමට විදෙස් සහයද ලැබී ඇති බවත් කියති.
මේ ගැන විභාගයක් කළ යුතු නමුත් එම සිද්ධිය වසා යට ගැසීමට කොළඹ කාර්යාලය ක්‍රියා කරතියිද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාහරි එයාට ලංකාවට එන්න වෙනවනේ. එතකොට බලාගමුකෝ (නි)
රටේ නම කැතවෙන විදිහට සහ විදේශ රටක නීතිය කැඩුවා නම් පරීක්ෂණ යට ගහන්න දෙන්න එපා. හොඳට හොයා බැලුවොත් හැම ආණ්ඩුවෙන්ම තමන්ගේ වාසියට වැඩ කරගන්න නිලධාරින් ඔතනත් ඇති. (නි)