IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘පරීක්ෂණය ක්‍රීඩකයින්ට එරෙහිව නොවේ‘

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (19) පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තේය.

නීතිඥවරු දෙදෙනකු සමග අද එෆ්සීඅයිඩියේ පෙනී සිටි මැතිව්ස් පෙරවරු 10 සිට පස්වරු 2.45 දක්වා එහි රැඳී සිටියේය.

ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ මැතිව්ස් කියා සිටිය් කුසල් ජනිත්ට හා රංගන හේරත්ට තරග පාවාදෙන්නැයි බලපෑම් කර තිබීම ගැන නායකයා ලෙස තමා දන්නා දේ පිළිබඳව පොලිසිය විමසූ බවත් නායකයා ලෙස තමාට හා කණ්ඩායමේ අයට අවශ්‍යව ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිවකු වැරැද්දක් කර තිබේනම් ඔවුන් නීතිය හමුවට කැඳවා දඬුවම් ලබාදීම බවයි. ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදුව තබා ගැනීමට උනන්දු වීම පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාටත් ක්‍රිකට් ආයතනයටත්, එෆ්සීඅයිඩියටත් තමා ස්තූතිවන්ත වන බවද මැතිව්ස් එහිදී පැවසීය.

‘අපේ ක්‍රීඩකයන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා මේ පිළිබඳව අයි.සී.සීයට සහ ක්‍රිකට් බලධාරීන්ට පැමිණිලි කළේ. නමුත් ඇතැම් මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි මෙම සිද්ධිය ක්‍රීඩකයින්ට එරෙහිව යොදා ගනිමින් ඔවුන්ට මඩ ගැනීමටත් ක්‍රීඩකයින්ගේ නම කැත කරමින් ඔවුන් අපහසුතාවයට පත්වන ආකාරයට සිද්ධිය වැරදි ආකාරයට හුවා දක්වමින් පුවත් වාර්තා කර තිබුණා.  ක්‍රීඩකයින් වශයෙන් අපි ඒ ගැන කනගාටු වෙනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. ක්‍රීඩාව පිරිසිදුව තබාගැනීමට අවශ්‍යයි. මෙය ක්‍රීඩකයින්ට එරෙහි විමර්ශනයක් නොවේ. මෙය ක්‍රීඩකයින්ට කළ බලපෑම් සම්බන්ධයෙන් කළ විමර්ශනයක්‘ යැයිද මැතිව්ස් එහිදී පැවසීය.

 

IMG_8461 IMG_8605IMG_8567 New

 



අදහස් (0)

‘පරීක්ෂණය ක්‍රීඩකයින්ට එරෙහිව නොවේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site