IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරීක්ෂණ පමා ඇයි දැයි ඇමැති පොලිස්පතිගෙන් අහයි

මහා පරිමාණ මුල්‍යමය වංචා සෙවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක් මහජන සාමය පිළිබඳ  අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොල්ලුපිටියේ කාල්විල් පෙදෙසේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ කාර්යාලයේදී අද (26) විවෘත කළේය.

පසුගිය රජයේ  ඇතැම් අමාත්‍යවරුන්  ඇතුළු විවිධ ආයතන ප්‍රධානීන්  කිහිප දෙනකුටම  අයතා ලෙස මුදල් එක් රැස් කර ගැනීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින්  මෙම ඒකකය පිහිටැවු බව එහි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතා පැවසීය.

මහජනතාව නිතර ප්‍රශ්න කරන රතුපස්වල සිද්ධිය, මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය,වෙලේ සුදාගේ විවිධ ජාවාරම් ඇතුළු සිද්ධි  රැසක් පිළිබඳ පරීක්ෂණ කඩිනම් නොකරන්නේ මන්දැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතාගෙන් විමසීය.

RDS_5705 RDS_5835

RDS_5732 RDS_5750

 

 

ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

පරීක්ෂණ පමා ඇයි දැයි ඇමැති පොලිස්පතිගෙන් අහයි

විකුම් Friday, 27 February 2015 12:47 AM

හැමෝම කරන්නේ මහජනයා මුලාකරන එක. ඡන්දෙදි බලාගනිමු (නි)

:       0       0

ලෝචන Thursday, 26 February 2015 11:23 AM

එතකොට 2005 ට කලින් කරපු ඒවා හොයන්න මේකෙන් බැරිද? සතොස දුෂණ වංචා මේකට අයිති නැතුව ඇති නේද? පුදුම යහපාලන පොලීසියක්. (අ)

:       0       0

රෝයි Friday, 27 February 2015 02:20 AM

ලංකා ඉතිහාසයේ අවසාන වරට ජනතාව රැවටුනේ 2015 ජන, 08 වෙනිදා. එයිනුත් ජනතාව තවතවත් සත්‍ය තේරුම් ගත්තා. ඉදිරි මැතිවරණයේදී ජනතාව රැවටිය නොහැකියි. (නදී)

:       0       0

මාගෙදර ගමගේ Thursday, 26 February 2015 12:00 PM

ජෝන් සෙනෙවිරත්න ද ජෝන් අමරතුංග ද? (නදී)

:       0       0

අබේරත්න -ටෝකියෝ Friday, 27 February 2015 03:00 AM

මේ අයගේ ප්‍රියමනාපකමක් දක්නට නැත්තේ මන්ද? (නි)

:       0       0

සංජීව Friday, 27 February 2015 04:25 AM

ලෝචනා 2005 කලින් උන ඒවා හොයන්න තරම් මිනිස්සු රැවටිලාද ? (නදී)

:       0       0

දුමින් Thursday, 26 February 2015 01:24 PM

මේ පොලිසියේ ඔක්කොම මාරුකරන්න .(අ)

:       0       0

ඉන්දික භාරත ලක්ෂ්මන් ජයසිංහ Thursday, 26 February 2015 01:36 PM

නරියන්ට කුකුල්ලු බර දුන්න වගේ ,,,කාටද ඉතින් මේවා කියන්නේ (අ)

:       0       0

පිටිගල Friday, 27 February 2015 05:21 AM

ඔය මාද්‍ය සන්දර්ශන සියල්ලම හුදී ජනයා රැවටීම සඳහා මිසක් ඕවයින් කරන කැකිරි ගෙඩියක් නැහැ. බලා ඉඳලා හුරේ දමන්න තාවකාලික ජොලියක් ලබා ගන්න ඇරෙන්න ඔය කිසිදෙයකින් ඇත්තටම කෙරෙන දෙයක් නැහැ. දැන් අලුත් පිට තියෙන උණුසුම නිවී ගියාට පසු හොරු සේරම නැවත එකතුවී අායෙත් මේ රට කන්න පටන් ගන්නවා. බේත් ගැහුවම කඳ පනුවා කඳ ඇතුලට යනවා, බේත් සැර ගියාම ආයෙත් එලියට ඇවිත් කඳ කන්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ, ඕක තමා ඇත්ත. (නදී)

:       0       0

සදුන් Thursday, 26 February 2015 02:21 PM

ඉතින් 2002 රජය කාළේ වංචා තිබුණා නං කලින් අවුරුදු 10 ක් රට පාලනය කරපු රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එව්වා ගැන හොයන්න එපැයි. එහෙම කරේ නැත්තේ ඇයි ලෝචන? (අ)

:       0       0

දයාල් Thursday, 26 February 2015 07:14 PM

දුෂණ සොයන කොමිෂන් සංදර්ශන ඉවරයක් නැහැ වගෙයි. යහපාලනයේ රඟ! (නි)

:       0       0

රමණි Friday, 27 February 2015 11:04 AM

හේතුව පොලිසියට ඒ පරික්ෂණ කරන්න බලයක් තිබුණේ නැති එකයි.(හේ)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Thursday, 26 February 2015 11:16 PM

කිසිකෙනෙකුගේ මුහුණක ප්‍රිය උපදවන ස්වභාවයක් මට නම් පෙනෙන්නේම නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site