මහා පරිමාණ මුල්‍යමය වංචා සෙවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක් මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොල්ලුපිටියේ කාල්විල් පෙදෙසේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ කාර්යාලයේදී අද (26) විවෘත කළේය.
පසුගිය රජයේ ඇතැම් අමාත්‍යවරුන් ඇතුළු විවිධ ආයතන ප්‍රධානීන් කිහිප දෙනකුටම අයතා ලෙස මුදල් එක් රැස් කර ගැනීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් මෙම ඒකකය පිහිටැවු බව එහි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතා පැවසීය.
මහජනතාව නිතර ප්‍රශ්න කරන රතුපස්වල සිද්ධිය, මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය,වෙලේ සුදාගේ විවිධ ජාවාරම් ඇතුළු සිද්ධි රැසක් පිළිබඳ පරීක්ෂණ කඩිනම් නොකරන්නේ මන්දැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතාගෙන් විමසීය.
ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම කරන්නේ මහජනයා මුලාකරන එක. ඡන්දෙදි බලාගනිමු (නි)
එතකොට 2005 ට කලින් කරපු ඒවා හොයන්න මේකෙන් බැරිද? සතොස දුෂණ වංචා මේකට අයිති නැතුව ඇති නේද? පුදුම යහපාලන පොලීසියක්. (අ)
ලංකා ඉතිහාසයේ අවසාන වරට ජනතාව රැවටුනේ 2015 ජන, 08 වෙනිදා. එයිනුත් ජනතාව තවතවත් සත්‍ය තේරුම් ගත්තා. ඉදිරි මැතිවරණයේදී ජනතාව රැවටිය නොහැකියි. (නදී)
ජෝන් සෙනෙවිරත්න ද ජෝන් අමරතුංග ද? (නදී)
මේ අයගේ ප්‍රියමනාපකමක් දක්නට නැත්තේ මන්ද? (නි)
ලෝචනා 2005 කලින් උන ඒවා හොයන්න තරම් මිනිස්සු රැවටිලාද ? (නදී)
මේ පොලිසියේ ඔක්කොම මාරුකරන්න .(අ)
නරියන්ට කුකුල්ලු බර දුන්න වගේ ,,,කාටද ඉතින් මේවා කියන්නේ (අ)
ඔය මාද්‍ය සන්දර්ශන සියල්ලම හුදී ජනයා රැවටීම සඳහා මිසක් ඕවයින් කරන කැකිරි ගෙඩියක් නැහැ. බලා ඉඳලා හුරේ දමන්න තාවකාලික ජොලියක් ලබා ගන්න ඇරෙන්න ඔය කිසිදෙයකින් ඇත්තටම කෙරෙන දෙයක් නැහැ. දැන් අලුත් පිට තියෙන උණුසුම නිවී ගියාට පසු හොරු සේරම නැවත එකතුවී අායෙත් මේ රට කන්න පටන් ගන්නවා. බේත් ගැහුවම කඳ පනුවා කඳ ඇතුලට යනවා, බේත් සැර ගියාම ආයෙත් එලියට ඇවිත් කඳ කන්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ, ඕක තමා ඇත්ත. (නදී)
ඉතින් 2002 රජය කාළේ වංචා තිබුණා නං කලින් අවුරුදු 10 ක් රට පාලනය කරපු රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එව්වා ගැන හොයන්න එපැයි. එහෙම කරේ නැත්තේ ඇයි ලෝචන? (අ)
දුෂණ සොයන කොමිෂන් සංදර්ශන ඉවරයක් නැහැ වගෙයි. යහපාලනයේ රඟ! (නි)
හේතුව පොලිසියට ඒ පරික්ෂණ කරන්න බලයක් තිබුණේ නැති එකයි.(හේ)
කිසිකෙනෙකුගේ මුහුණක ප්‍රිය උපදවන ස්වභාවයක් මට නම් පෙනෙන්නේම නැහැ. (නි)